Online News

Gossip Lanka News Official

“විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා”

මෙරට කලා ක්ෂේත්‍රය තුළ හැමදාමත් එකම ලෙසින් සිය ජනප්‍රියත්වය රදවාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර කලාකාරිණියක් තමයි නතාෂා පෙරේරා කියලා කියන්නේ.

කොහොම වෙතත් රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රය තුළ නමක් තියාගෙන ඉන්න ඇය ගැන මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරම්.

කෙසේවෙතත් දුටුවන් වශීවෙන ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇය මේවෙද්දී අපට රූපවාහිනිය ඔස්සේ දැකගන්නට නොලැබුනත් නතාෂා මෙතෙක් කළ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයන් අතර එලෙසින්ම ජනප්‍රියයි. ඒ බව නොරහසක්.

කොහොම නමුත් ඇය මෙරට ජනයා අතර මේතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් තමයි පුංචි කාලයේදී ඇය ගායනා කළ සුළගක් වී මන් යනවා ගීතය.

ඒ විතරක් නොවෙයි ස්වර්ණවාහිනියේ විකාශය වුනු දඟ මල්ල ටෙලි නාට්‍ය ඔස්සේද ඇයට ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඉතින් ඒ විදිහට කුඩා කාලයේදීම කළා ශිල්පිනියක් විදිහට දක්ෂතා රැසක් පෙන්වපු ඇය මේවෙද්දී සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, නීතීඥවරියක් වගේම ආදරණීය බිරිදක් ලෙස කටයුතු කරනවා.

මේ ජනප්‍රිය කලා ශිල්පිනිය ගැන කතා කරනවානම් කලකට පෙර පුංචි තිරයෙන් ඈත්වෙන ඇය ඒ විදිහට රංගන කටයුතුවලින් ඈත්වෙලා තිබෙන්නේ ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා කියලයි ඇය පවසන්නේ.

තවද කාලයක් ඕස්ට්‍රේලියාවේ කල් ගෙවපු නතාෂා මේවෙද්දී නීතීඥවරියක් වෙලා අවසානයි. ඒ විතරක් නොවෙයි යායට පායනා ගීතය හරහා ජීවිතයේ තවත් කඩඉමක් ඉදිරියට පා තබපු ඇය විවාහවෙන්නේ මෙරට ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගිනුයි.

ඒ කොහොම වෙතත් පහුගිය දවසක නතාෂා යූ ටියුබ් නාලිකාවක මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා මෙරට බොහෝදෙනෙකු නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මම නිතීඥවරියක් වෙන්න කලින් අපේ රටේ බොහෝ ප්‍රසිද්ද කෙනෙක් කියල කියන ඇය පවසන්නේ දැන් මම අවුරුදු 19ක් 20ක් තිස්සේ ගොඩක් දෙනෙක්ගේ ආදරයක් ලබනවා කියලයි.

ඒ වගේම මගේ වෘත්තිය පැත්තෙන් ගත්තොත් මම ගොඩක් කැමතියි වෘත්තියට සාධාරණයක් කරන්න කියන ඇය පවසන්නේ මම මේ දවස්වල ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ මගේ වෘත්තියත් එක්ක කියලයි.

තවද මට රංගනයට ආරාධනා ලැබුනත් ඒවා ප්‍රතික්ෂේප කරන්න වුනේ මගේ වෘත්තිය නිසා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා කියන නතාෂා කියන්නේ මම පොඩි කාලේ ඉදන් ගත කරපු ජීවිතේ විවාහ වුනාට පස්සේ එහෙම් පිටින්ම වෙනස් වුනා කියලයි.

ඒ වෙනසත් එක්ක මම දැන් සතුටින් කාලය ගත කරනවා කියන ඇය මම නිවුන් දරුවන්ට පුංචි කාලේ ඉදන්ම ගොඩක් ආසයි ආදරෙයි කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි ප්‍රිහාන්ගේ පවුලේ ප්‍රිහාන්ට නිවුන් සහෝදරියක් වගේම සහෝදරයෙක් ඉන්නවා කියන ඇය එයාලව දැක්කමත් මට ගොඩක් ආස හිතෙනවා කියලයි කියන්නේ. ඒ වගේම දරුවෝ කියන්න දෙවියන්ගේ කැමැත්තට අනුව ලැබෙන සම්පතක් බවයි ඇය පවසන්නේ.