Online News

Gossip Lanka News Official

“මට වයස අවුරුදු 17 ඉන්දලා විවාහ යෝජනා එනවා, මම කැමති ආදරේ කරලා විවාහ වෙන්න”

මේ දිනවල ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආසාවෙන් නරඹන ජනප්‍රිය ටෙලි නිර්මාණයක් තමයි ‘රැල්ල වෙරළට ආදරෙයි’ කියල කියන්නේ.

ඇත්තෙන්ම මේ නිර්මාණය ඔස්සේ මේවෙනකොට රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන අතර අද අපි කතා කරන්න යන්නේ මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන අමන්දා ජයරත්න කියන රංගන ශිල්පිනිය ගැනයි.

කොහොම වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මගේ ගම සීදුව කියල කියන ඇය කියන්නේ අපේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි විතරයි කියලයි. ඒ වගේම මගේ තාත්තා සේවය කරන්නේ ඕමාන් නේවි එකේ කියන ඇය ඒ නිසා මම ගොඩක්ම ඉන්නේ අම්මත් එක්ක කියලයි පවසන්නේ.

මේ අතර මම මුලින්ම රඟපෑවේ මට වයස අවුරුද්දේදී කියන ඇය කියන්නේ මම රඟපාද්දී මමවත් දන්නේ නැහැ කියලයි. හැබැයි ඊට පස්සේ මම රංගනට යොමු වුනේ නැහැ කියන ඇය ටික ටික ලොකු වෙද්දී මම අධාපනය පැත්තට වැඩියෙන් නැඹුරු වුනා කියලයි පවසන්නේ.

ඉතින් අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න ඕන නිසා මම ආසාව තිබ්බට රංගනය පැත්තට යොමු වුනේ නැහැ කියන ඇය ඊට පස්සේ මම රංගනයට සම්බන්ද වුනේ මට වයස අවුරුදු 17දී කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි දැන්නම් මට නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබෙනවා කියන ඇය ඒත් ඒ හැම නිර්මාණයක්ම මම බාරගන්නේ නැහැ කියලයි පවසන්නේ.

මොකද නිර්මාණ ගොඩක් බදාගෙන වැඩ කරන්න මම කැමති නැහැ කියන ඇය පවසන්නේ කාර්යබහුල වෙලා ජීවත් වෙලා මට පුරුදු නැහැ කියලයි.

මේ අතර ලොකුවට වැඩ බාරගෙන කරන්න ගියාම කරන වැඩේ හරියට කරන්න බැරිවෙනවා කියන ඇය මම තවම මේ ක්‍ෂේත්‍රය ගැන හදාරන රංගන ශිල්පිනියක් කියලයි පවසන්නේ.

ඒ වගේම ජීවිතයේ දුක සතුට බාදක කම්කටොලු ඕනෑම කෙනෙකුගේ ජීවිතේට එනවා කියන ඇය හැබැයි මගේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ සතුටු දැනෙන දේවල් විතරයි කියලයි කියන්නේ.

ඇත්තටම ඒ අතින් මම හරිම වාසනාවන්තයි කියන ඇය මගේ අවට ඉන්න හැමෝම එක්ක මම හොඳින් ඉන්නවා මගෙත් එක්ක කව්රුවත් තරහා නැහැ කියලයි පවසන්නේ. ඒ නිසා හැමෝම වගේ මට ආදරෙයි කියන ඇය කියන්නේ ඒ නිසාම මගේ ජීවිතේ හරිම සුන්දරයි කියලයි.

ජනප්‍රිය නිසාවත් නිලියක් නිසාවත් නෙවෙයි ලස්සන නිසාද මන්දා මට වයස අවුරුදු 17 ඉන්දලා විවාහ යෝජනා එනවා කියන ඇය කියන්නේ මම ඒවාට පිළිතුරු දෙන්න ගියේ නෑ ගෙදරින් තමයි ඒවාට පිළිතුරු දුන්නේ කියලයි.

මේ අතර මම ඉගන ගන්න කාලේ නිසා ඒ අය යෝජනා ගෙනාපු අයට ඒ දේවල් පැහැදිලි කරලා දීලා තිබ්බා කියන ඇය අදටත් යෝජනා ගොඩක් එනවා කියලයි පවසන්නේ.

හැබැයි මම ප්රෝපොසල් වලට කැමති කෙනෙක් නෙවෙයි කියන ඇය අවසාන වශයෙන් කියන්නේ මම කැමති ආදරේ කරලා විවාහ වෙන්න කියලයි.