Online News

Gossip Lanka News Official

“ඒ ගැන මට ආදරේ කරන අදරණීය ප්‍රේක්ෂකයන් හොදින්ම දන්නවා”

ලංකාවේ අපේ ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කොයි කාගෙත් අවධානය වගේම ආකර්ෂණය හිමිකර ගත් ජනප්‍රිය ගායිකාවක් තමයි අමිලා නදීශානී කියල කියන්නේ.

කොහොම වෙතත් ගායන තරගාවලියාක් ඔස්සේ අපේ ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ගායනා ගීත නිර්මාණ කිහිපයක් ලෙස ඔබ දන්නවාද දන්නෙ නෑ, මීදුම් වසන්තේ, එකතු වෙන්න, අවසාන මොහොතත්, කුඩ දේදුනු වැනි ගීත හදුන්වන්න පුලුවන්.

කෙසේවෙතත් රියැලිටි තරගාවලියක් ඔස්සේ මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන අමිලා මේවෙද්දී වේදිකාවට නැතුවම බැරි චරිතයක් වෙලා තිබෙනවා.

ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන ඇය බොහෝදුරට ගීත ගායනා කරන්නේ නර්තනයේ යෙදෙමිනුයි. ඇත්තෙන්ම ප්‍රාසාංගිකත්වයෙන් වේදිකාව හැඩ කරන අමිලාගේ ගීතවලට මෙරට රසිකයන් රැසක් මේවෙනකොට ආකර්ෂණය වෙලා තිබෙනවා.

මේ විදිහට නිරන්තරයෙන් වේදිකාව ඔස්සේ දැකගන්නට ලැබෙන ඇයට පහුගිය දවසක ප්‍රසංග වේදිකාවේදී අකරතැබ්බයක් සිදුවෙලා තිබුණා. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය පහුගිය දවසක පුවත්පතකට කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” මම ප්‍රසංග වේදිකාවේ නටල තමයි සිංදු කියන්නේ. ඉතින් ඒ ගැන මට ආදරේ කරන අදරණීය ප්‍රේක්ෂකයන් හොදින්ම දන්නවා. දවසක් වේදිකාවෙදී ඒ විදියට නටලා කරල සිංදු කියද්දි මම දාගෙන හිටපු හීල් සපත්තුව වේදිකාව හදල තිබුණු ලෑලි කෑලි දෙකක් අතරේ හිර වුණා.

මම සිංදු කියන අතර තුරේදීමයි එහෙම වුණේ. ඉතින් සිංදුව මගදි නවත්තන්නත් බෑනේ. මම ගොඩක් ට්‍රයි කලා උඩට ගන්න. ඒත් ගන්න බැරි වුණා. මම එතනම ඉදලා සිංදුව කියලා පස්සෙ බොහොම අමාරුවෙන් ගලව ගත්තේ ” කියලයි.

කෙසේ නමුත් ගායන ශිල්පීන් ශිල්පිනියන්ට මෙවැනි ආකාරයේ සුලු සුලු අකරතැබ්බ වලට මුහුණ දීමට සිදුවෙනවා. ඇත්තෙන්ම එවැනි සිද්ධීන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක්.

ඒ කොහොම වුණත් ගීත මග අතහැර නොදමා ගායනා කිරීම තමයි නිවැරදි ගායකයෙකුගේ ලක්ෂණය වන්නේ. අමිලා නදීශානි කියන්නෙත් එවැනි ආකාරයේ දක්ෂ ගායිකාවක් වගේම නිරහංකාර චරිතයක්.

ඉතින් ඇගේ ඉදිරි කලා කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වගේම ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්නට ඇයට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.