Online News

Gossip Lanka News Official

ප්‍රවීණ නිලි නිමන්ති පෝරගේ මහත්මියගේ ආදරණීය දියණියගේ 8වන උපන්දිනය සැමරූ හැටි

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ අපට දැකගන්නට ලැබෙන ප්‍රවීණ මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිමන්ති පෝරගේ කියල කියන්නේ.

ඇත්තෙන්ම ඇය පිළිබඳ මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම වෙතත් පහුගිය දිනවල මෙට්රෝ හීන ටෙලිනාට්‍ය ඔස්සේ අපට ඇයව දැකගන්නට ලැබුණු අතර ඒ නිර්මාණය තුළින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.

ඉතින් මේ ජනප්‍රිය චරිතය ගැන කතා කරනවානම් ඇය මේවෙනකොට විවාහකයි. ඒ වගේම ඇය මේවෙද්දී දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්.

කොහොමවෙතත් මේවෙද්දී නිමන්ති කාටත් ආදර්ශයක් ලබා දෙමින් සිය ආදරණීය දරුවන් දෙදෙනාත් සමඟින් සෙනෙහෙබර මවක් විදිහට කාටත් ආදර්ශයක් ලබා දෙමින් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ බව නොරහසක්.

කෙසේවෙතත් ඇගේ ආදරණීය සැමියා වන ප්‍රභාත්ව ඇයට මුණ ගැහිලා තියෙන්නේ 2002 අවුරුද්දේ. ඒ ජෝ අබේවික්‍රම මහතා අධ්‍යක්ෂණ කල ‘සබඳ පබලිස්’ටෙලි නාට්‍ය හරහා කියලයි ඇය පවසන්නේ.

ඊට පස්සේ වසර 4ක් ආදරවන්තයින් විදිහට ඉදලා 2006 අවුරුද්දේදී මොවුන් දෙන්නා විවාහ වෙලා තිබෙනවා. ඉතින් ඒ විදිහට අපි විස්තර අරගෙන ආපූ මේ ප්‍රවීණ රංගන ශිල්පිනියට සහ ඇගේ පවුලේ අයට ඊයේ දිනය සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා.

ඊට හේතුව වනුයේ ඇගේ ආදරණීය දියණියගේ 8වන උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීමයි. ඉතින් එලෙස යෙදී තිබුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් ඇය පවුලේ හැමෝමත් එකතු කරගෙන හරි අපූරුවට චාම්ව උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.

ඒ වගේම මේ අපූරු අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඇය අමතක කර තිබුනේ නැහැ. එලෙස ලබාගත් ආදරණීය ඡායාරූප කිහිපයක්ම නිමන්ති පෝරගේ ඇගේ සාමාජ මාධ්‍ය ගිණුම්වට එක්කර තිබුණා.

ඒ විදිහට ජායාරූපය පෙළක් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එකතු කරමින් ඇය කියල තිබුනේ සුබ උපන්දිනයක් මගේ සුරංගනාවී සන්සා කියලයි.

කොහොම වෙතත් මේ විදිහට සංවිධානය කෙරුණු උපන්දින සාදයට ඔවුන්ගේ පවුලේම කෙනෙක් වන මෙරට කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන දෙව්නක පෝරගේත් එකතු වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ විදිහට ඊයේ දිනයේදී උපන්දිනය සැමරූ ප්‍රවීණ නිලි නිමන්ති පොරගේගේ ආදරණීය දියණිය වන සන්සා දියණියට සුබම සුබ උපන්දිනයක් වේවා කියල අපිත් සුභපැතුම් එකතු කරන අතරම නිමන්ති පෝරගේ ගේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.