Online News

Gossip Lanka News Official

“මම හදන බටු මෝජුවයි, චිකන් කරියයි රසයි කියලා මටත් හිතෙනවා”

මේවෙද්දී ලංකාවේ කොයි කා අතරත් ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම නවක රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියල කියන්නේ.

මීට කලකට ඉහතදී විකාශය ආරම්භ කෙරුණු සංගීතේ ටෙලිනාට්‍යයේ අසේනි කියන චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට වර්තමානය වෙද්දී ඉහළ ජනප්‍රියත්වයක් වගේම ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඒ කොහොම වෙතත් මේවෙනකොට ලාංකිකයන් අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කරමින් කියන්නේ ඇත්තටම මාව හැමෝම අඳුර ගත්තේ සංගීතේ නාට්‍ය හරහා කියලයි.

ඉතින් මම ඒ නාට්‍යට වගේම මට ලැබුන ඒ චරිතයටත් ගොඩක් ආදරෙයි කියන ඇය පවසන්නේ. කොහොම වෙතත් ඇය කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු කුමරිය තරගාවලියක් ඔස්සේයි.

ඉතින් එදා ඉඳන් අද වෙනකන් ආපු ගමන ගැන අදහස් දක්වමින් කියන්නේ මම අවුරුදු කුමාරි වෙන්න කලින් ඉඳලම වෙළඳ දැන්වීම් කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා කියලයි.

ඒ 2016 වසරේ මුල් කාලයේ වගේ කියන ඇය 2018 වසරේදී තමයි මම හිරු අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වෙන්නේ කියලයි කියන්නේ.

මේ අතර ඒ තරඟයෙන් මම දෙවෙනි ස්ථානය දිනාගන්න සමත් වෙනවා කියන ඇය හැබැයි මට රංගන ක්‍ෂේත්‍රයට එන්න පාර හදලා දෙන්නේ ‘අහස් මාලිගා’ නාට්‍යයෙන් කියලයි පවසන්නේ. ඒ තාරු කියන චරිතය හරහා කියලයි ඇය පවසන්නේ.

ඊට පස්සේ මම සිරස නාලිකාවේ ‘නීල පබළු’ ටෙලිනාට්‍යට සම්බන්ද වෙනවා කියන ඇය කියන්නේ ඊටත් පස්සේ තමයි මම සංගීතේ නාට්‍යය සම්බන්ද වෙන්නේ කියලයි.

ඇත්තෙන්ම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයකින් ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතයක් කරලා ජනප්‍රිය වෙන්න ඇයට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ ඇත්තටම ඒ ගැන මට වචනයෙන් කියන්න බැරිතරම් සතුටුයි කියලයි.

තවද නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා කියන ඇය මට දැනෙන්නේ ලොකු ජයග්‍රහණයක් කලා වගේ කියලයි පවසන්නේ. ඉතින් මේ පොඩි කාලෙට ආව මේ ගමන ගැන හරිම සතුටුයි කියන ගීත්මා මට ජනප්‍රියම නිළිය සම්මානයකුත් ලැබුනා කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි රඟපාන්න ඇවිත් පොඩි කාලයකින් ඒ වගේ සම්මානයකුත් ලබුනම කාටද ඉතින් සතුටු නැත්තේ කාටද කියලයි ඇය පවසන්නේ.

මේ සාකච්ඡාව අතරතුර ඉහුම් පිහුම් වැඩ කටයුතු ගැනත් ඇය අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් සාමාන්‍ය විදියට කෑම හදන්න මට පුළුවන් කියන ඇය පවසන්නේ මම ගෙදර ඉන්න වෙලාවට එක එක කෑම ජාති හදනවා කියලයි.

ඒ වගේම සමහර ඒවා රසට එනවා හැබැයි සමහර ඒවනම් මටත් කන්න බැහැ කියන ඇය කියන්නේ හැබැයි මගේ බටු මෝජුව හරිම රසයි කියලා කාපු හැමෝම කියනවා කියලයි. තවද මම හදන චිකන් කරි එකත් ඒ වගේම රසයි කියනවා කියන ඇය මම හදන මෝජුවයි චිකන් කරියයි රසයි කියලා මටත් හිතෙනවා කියලයි කියන්නේ.