Online News

Gossip Lanka News Official

“ඒ හැම වෙලාවකම පුතේ ඔයා ඔයාම වෙන්න බලන්න කියලයි අම්මා මට කිව්වේ ” ස්ටෙෆනි

මෙරට කලා ක්ෂේත්‍රය තුළ නිවේදිකාවක ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ලාංකිකයන් රැසකගේ ආකර්ෂණය වගේම ආදරය හිමිකරගෙන ඉන්න චරිතයක් තමයි ස්ටෙෆනී සිරිවර්ධන කියල කියන්නේ.

කොහොම වෙතත් 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ පැළදීමත් සමඟ දෙස් විදෙස් ජනාදරයට පත් ඇය මේවෙද්දී ලාංකිකයන් අතර නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඇය මේ දිනවල සිරස රූපවාහිනියේ ද වොයිස් ටීන් තරගාවලියේ නිවේදන කටයුතු සිදු කිරීම නිසාවෙනුයි. කෙසේ නමුත් මෙරට ජනප්‍රිය ගායකයෙකු වගේම නර්තන ශිල්පියෙකුවන දුෂ්‍යන්ත් වීරමන් සමඟ විවාහවන ඇය මීට දින කිහිපයකට පෙරදී පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය ඇගේ සුන්දරත්වයේ රහස් ගැන කතා බහ කරමින් කියල තිබුනේ පිටරටක ඉපදිලා එහි හැදී වැඩෙද්දී මම මගේ වයසේ ගොඩක් අය දැක්කේ ගොඩක් ලස්සනට කියලයි.

ඒ වගේම මම පුංචි කාලේ ගොඩක් ලස්සන නැහැ කියල කියන ඇය කියන්නේ ඒ කාලේ මගේ ඇඟ මහතයි කියලයි. තවද මම ඉස්සර ‘අම්මේ මම ගොඩක් සුදු නෑ, මම මහතයි’ කියලා අම්මා ළඟට ගිහින් අඬනවා මට මතකයි කියන ඇය පවසන්නේ මට ඉස්සර කවුරුත් වැඩිය කවුරුත් ආදරේ නැහැ කියලයි.

හැබැයි ඒ හැම වෙලාවකම ‘පුතේ ඔයා ඔයාම වෙන්න බලන්න කියලයි අම්මා මට කිව්වේ කියලයි ඇය කියන්නේ.

කොහොම වෙතත් ඔයා ලස්සනයි, ඔයා දක්ෂයි කියල මගේ අම්මා මට කිව්වා කියන ඇය කියන්නේ දෙවියන් වහන්සේ ඔයාව මේ ලෝකයට එවලා තියෙන්නේ ගොඩක් හොඳ කෙනෙක් විදිහට කියල නිරන්තරයෙන් කිව්වා කියලයි.

ඒ වගේම සර්ව සම්පූර්ණ අය කවුරුත් ලෝකයේ නැහැ කියලත් මගේ අම්මා මට කිව්වා කියන ඇය පවසන්නේ මම කියන්නේ අපිට අමාරු මම කියන කෙනා කවුද කියන එක හොයාගන්න එක කියලයි.

තවද මම කළු වුණත්, මම සුදු වුණත්, මම ලස්සන වුණත්, මම කැත වුණත් ඒ මමමයි කියලා අපි තේරුම් ගන්න ඕන කියලයි ඇය පවසන්නේ.

ඒ හැමදේම උපතේදී අපට ලැබිලා තියෙන්නේ ගැලපෙන විදිහටයි කියන ඇය ඒ හැරෙන්නට ස්වභාවිකවම ලැබුණු හමේ පාට වෙනස් කරලා, මූණේ හැඩය වෙනස් කරලා අපි වෙන කෙනෙක් වීමට උත්සාහ දැරීම තුළම සිදුවන්නේ අපි අපවම නැතිකර ගැනීම කියලයි පවසන්නේ.

මේ අතර අපිට රූපයේ වෙනස් වීම් මහා බරපතළ විදිහට මනසට පීඩාකරන්න පුළුවන් කියන ඇය කියන්නේ අපි හදවතින් යම් දෙයක් කළොත්, අපගේ වටිනාකම වැඩිකර ගන්න උත්සාහ ගත්තොත්, අපි කොච්චර වයසට ගියත් අපේ වටිනාකම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ කියලයි.

ඒ හරියට හොඳ වයින් එකක් පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම වැඩිවෙනවා වගේ කියන ඇය ඇඟට ගැලපෙන විදිහට මම සහභාගි වෙන තැනට ගැලපෙන විදිහට විලාසිතා කරනවා කියලයි පවසන්නේ. ඒ හැරෙන්න එන එන විලාසිතා කරන පුරුද්දක් නම් මට නැහැ කියලයි ඇය අවසාන වශයෙන් කියන්නේ.