Online News

Gossip Lanka News Official

” ඒ කාලේ දිගටම අමුකහ, කොහොඹ කොළ කොටලා මූණේ ගාන්න මම පුරුදු වෙලා හිටියා” ලිහිණි හෙට්ටිආරච්චි

මේවෙද්දී ලාංකිකයන් හැමෝගෙම ආදරය හිමිකරගෙන ඉන්න සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් නිහතමානී මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙකු තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියලා කියන්නේ

. මේ ප්‍රවීණ ගායන ශිල්පියා ගැන කතා කරනවානම් ඔහු මේවෙද්දී දියණියකගේ ආදරණීය පියෙකු වෙනවා. කොහොම වෙතත් ඔහුගේ ආදරණීය සුන්දර එකම දියණිය තමයි ලිහිණි හෙට්ටිආරච්චි කියලා කියන්නේ.

කෙසේ නමුත් ලිහිණිත් සිය පියා මෙන්ම මෙරට දක්ෂ ගායන ශිල්පිනියක් වෙනවා. ඉතින් සිය පියාගේ අඩි පාරේ ගමන් කරමින් නව පරපුරේ ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය ඇගේ ලස්සන වීමේ රහස් ගැන කතාබහ කරමින් කියල තිබුනේ තාත්තගෙන් උරුම වුණ හඬ වගේම අම්මාගෙන් උරුම වුණ ලස්සන රූපයට මම ගොඩක්ම ආසයි කියලයි.

ඒ වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය හැටියට අදටත් මට විශාල වටිනාකමක් මම නියැළෙන ගායන වෘත්තියේදී මට ලැබෙනවා කියන ඇය පවසන්නේ ගායිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න නම් රූපයේ සුන්දරත්වය විතරක්ම තිබිලා මදි කියලයි.

තවද ගායන වෘත්තියට දක්ෂතාවය, හැකියාව හැදෑරීම, පුහුණුව වගේ දේවල් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලයි ඇය කියන්නේ.

මේ අතර කාන්තාවක් තමන්ට උපතින් ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින්, හදවතේ සිතුවිලි වලින් පුළුවන් හැම වෙලාවකම ලස්සනට ඉන්න උත්සාහ කරනවා නම් කාන්තාවකට සුන්දරත්වය ආරක්ෂා කර ගන්න කියලා ලොකු වෙහෙසක්, ලොකු මහන්සියක් ගන්න ඕන නැහැ කියලයි ලිහිණි කියන්නේ.

එපමණක් නොවෙයි මම සුන්දරත්වය ඒ විදිහටම තියා ගන්න උදේ නැගිට්ට ගමන් ලොකු වතුර වීදුරුවක් බොනවා කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම හැමදාම දවස ඇතුළත වතුර ලීටර් 3 ක් 4 ක් මම බොනවා කියන ඇය ඇගේ ශරීරය ටිකක් උෂ්ණ ගතියක් තියෙන නිසා තැඹිලි, සව්, බාර්ලි වගේ දේවල් මම සතියකට කිහිප දවසක්ම ගන්න උත්සාහ කරනවා කියලයි පවසන්නේ.

මේ අතර එළවළු වර්ග වලින් ලේ පිරිසිදු වෙන, ඇගට සිසිලස ගේන එළවළු හිතලාම වැඩිපුර ආහාරයට ගන්නත් මම උත්සාහ කරනවා කියන ඇය කරවිල, වැටකොළු, පතෝල, බණ්ඩක්කා වගේ එළවළු මගේ අම්මා නිතරම වගේ හදලා දෙනවා කියලයි කියන්නේ.

ඒත් එක්කම සාමාන්‍යයෙන් කෑමවලට මැල්ලුමක්, එළවළු සලාදයක් මම එක්කර ගන්නවා කියන ඇය කියන්නේ හැබැයි රෑට නම් මම කෑම ගන්නේ හරිම අඩුවෙන් කියලයි.

මේ අතර කෑම පාලනය වගේම ව්‍යායාම කිරීමත් මගේ දෛනික දින චර්යාවේ කොටසක් කියල කියන ඇය මම දිනක් හැර දිනක්, දිනයකට පැයක් විතර ඇවිදින්න පුරුදු වෙලා ඉන්නවා කියලයි පවසන්නේ.

ඊට අමතරව ශරීරයේ නම්‍යශීලීත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් විශේෂිත ව්‍යායාම කරන්න මම පුරුදු වෙලා ඉන්නවා කියන ඇය ඉස්සර මගේ මූණේ ගොඩක් කුරුලෑ තිබුණා කියලයි පවසන්නේ.

ඉතින් ඒ කාලේ දිගටම අමුකහ, කොහොඹ කොළ කොටලා මූණේ ගාන්න මම පුරුදු වෙලා හිටියා කියන ඇය ඊට අමතරව මම නිරතම වගේ කස්තුරි කහවලට මී පැණි බිංදු කිහිපයක් දාලා කලවම් කරලා මුණෙයි, මුළු ඇගේමයි ගාන්නත් ඇය පුරුදු වෙලා ඉන්නවා කියලයි කියන්නේ.

ඒ වගේම නිවාඩු දවස් වලට සමේ පැහැපත් බව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මම කෝමාරිකා සහ මී පැණි මිශ්‍ර කරලා ගානවා කියන ඇය ඒ විතරක් නොවෙයි කෝපි කුඩුයි, කහයි, මී පැණිත් සමේ ගල්වලා විනාඩි 20 විතර තියලා හෝදා හරිනවා කියලයි පවසන්නේ.

මේ අතර මම රෝස වතුරත් පුරුද්දක් විදිහට මූණේ ආලේප කරනවා කියන ඇය ඒ වගේම හිස කෙස් ලස්සනට තියා ගන්න මම දවසක් හැර දවසක් කොණ්ඩෙට තෙල් සාත්තුවක් කරනවා කියලයි පවසන්නේ.

මගේ තාත්තා මට පුංචි කාලේ ඉඳලාම කොණ්ඩෙට දාන්න නීල්‍යාදී තෛලය ගෙනත් දෙනවා කියන ඇය ඊට අමතර පොල් තෙල් රත් කරලා විටමින් ඊ කරලක්, දෙකක් දාලත් ඔළුවේ ගාන්නත් මම පුරුදු වෙලා ඉන්නවා කියලයි කියන්නේ.

මේ අතර මනසේ සතුට තමයි අපව බාහිර පෙනුමෙන් ලස්සන කරනවා වගේම නිරෝගීව කය, මනස තබා ගන්න උපකාරි වෙන්නේ කියන ඇය කියන්නේ ඒ නිසා පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න මම උත්සාහ කරනවා කියලයි.

ඒ විතරක් නොවෙයි මම උදෑසන අවදි වුණාම අද දවස සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා කියන ඇය ඊට අමතරව හැම සවසකම මම බුදුන් වැඳලා අවසානයේ හිතවත් අහිතවත් සියලු සත්වයන්ට මෙත් වඩනවා කියලයි කියන්නේ.

ඉතින් මේ සිතුවිලිත් එක්ක මගේ හිතට පුදුමාකාර මානසික නිදහසක් ලැබෙනවා කියලයි ඇය පවසන්නේ. ඒ වගේම හැම අතින්ම මගේ ජීවිතය ලස්සන කරපු මම දැකපු ලෝකයේ ඉන්න ලස්සනම කෙනා තමයි මගේ අම්මා කියලයි කියන්නේ.