Online News

Gossip Lanka News Official

“ප්‍රේම විවාහයක් නම් හොඳයි,කලින් වෙච්ච දේවල් නිසා මට දැන් ආදරේ කරන්න බයයි”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රයට සමගින් කාලයෙන් කාලයට නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් එක්වෙනවා. එලෙස එක්වෙන ඔවුන් අතරින් බොහෝදෙනෙකු ක්ෂේත්‍රය තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්වෙනවා.

ඉතින් ඒ විදිහට මෑතකදී කලා ක්ෂේත්‍රයත් සමගින් එක්ව සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගත් රංගන ශිල්පිනියක් තමයි මදාරා සෙව්වන්දි කියල කියන්නේ.

ඇත්තෙන්ම මේ සුන්දර රංගන ශිල්පිනිය මේ දිනවල බෝනිකර තරු ටෙලිනාට්‍යයේ ශාරදාගේ චරිතය තුළින් අපට දැකගන්නට ලැබෙනවා. මේ අතර ඇය වැඩිපුරම ජනප්‍රිය වුනේ නාඩගම්කාරයෝ නාට්‍යයේ ‘හංසි’ගේ චරිතය නිසාවෙනුයි.

කොහොම වෙතත් මේවෙද්දී පුංචි තිරය ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය කලාවට සම්බන්ධවන ආකාරය ගැන අදහස් දක්වමින් කියන්නේ මම මුලින්ම රංගන දායකත්වය ලබා දුන්නේ වෙළඳ දැන්වීම් වලට කියලයි.

ඊට පස්සේ මම මුලින්ම රඟපෑවේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ හංසි කියන චරිතය කියන ඇය මට බෝනිකර තරු නාට්‍යයේ ශාරධා චරිතය ලැබෙන්නේ ඊට පස්සේ කියලයි පවසන්නේ.

තවද මට හැමදාම රඟපාන්න යන්න බැහැ කියන ඇය මොකද මගේ ජොබ් එකත් එක්ක මට වැඩ ගොඩක් බාරගන්න බෑ ඒ දේවල් ගැනත් බලන්න ඕනේ කියලයි කියන්නේ.

ඉතින් එහිදී ආදරේ ගැන වගේම විවාහය ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මම කාලයක් ආදරේ කළා හැබැයි දැන් ඒ ආදරේ නැහැ කියලයි.

ඒ වගේම මට දැන් පෙම්වතෙක් නැහැ කියන ඇය ඒ සම්බන්ධය නැති උනාම මට ලොකු දුකක් දැනුනා කියලයි කියන්නේ. ඒත් කාලයත් එක්ක මම හිත හදාගත්තා කියන ඇය මම ඒ කාලේ ගොඩක් කාර්ය බහුල වෙලා වැඩ කළා කියලයි පවසන්නේ.

එතකොට ඉබේම ඒ සම්බන්දය ගැන තියෙන මතකය අඩුවෙලා ගිය කියන ඇය කියන්නේ කොහොමත් මම යෝජිත විවාහ වලට කැමති නැහැ කියලයි.

මේ අතර ප්‍රේම විවාහයක් නම් හොඳයි හැබැයි මට දැන් ආදරේ කරන්න බයයි මොකද කලින් වෙච්ච දේවල් නිසා කියලයි ඇය පවසන්නේ.

කොහොම වෙතත් ඇය නිරන්තරයෙන් යන තැනක් තමයි ආරුගම්බේ කියල කියන්නේ. ඉතින් ඒ ගැන අහපු වෙලේ ඇය ඊය පිළිතුරු ලබාදී තිබුණා.

එලෙස පිළිතුරු ලබා දෙමින් ඇය කියන්නේ මගේ ආච්චිලා නන්දල මාමලා ඔක්කොම ඉන්නේ එහේ කියලයි. ඒ වගේම එයාලා දමිල මගේ අම්මගේ අම්මත් දමිල කාන්තාවක් කියන ඇය මමත් ඒ සංස්කෘතියට ලැදියි කියලයි පවසන්නේ.

මේ අතර මම පුළුවන් හැම වෙලාවේම කෝවිල් යනවා කියන ඇය අපේ ආච්චි මට හරිම ආදරෙයයි, මාමත් එහෙමයි කියලයි කියන්නේ.

ඒ අයට මමත් ගොඩක් ආදරෙයි කියන ඇය මට සාමාන්‍ය මට්ටමකින් දමිල කතා කරන්න පුළුවන් එත් භාවිතා වෙන්නේ අඩුවෙන් කියන දේවල් තේරෙනවා, කතා කරන්නයි අමාරු කියලයි පවසන්නේ.

කොහොමහරි මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ඇය මනෝඋපදේශිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් ඇගෙන් මනෝඋපදේශීකාවක් හැටියට තරුණියන්ට මේ වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය මොකද්ද කියල අහපු වෙලාවේ කිව්වේ ”මේකයි මේ ගොඩක් අමාරු කාලයක්, හැමෝම බලන්නේ මේ රටෙන් යන්න,

හැබැයි මම කියන්නේ එහෙම මේ රටෙන් යන්න බලන්නේ නැතුව මේ රටේ ඉඳගෙන තමන් වෙනුවෙන් නැගිටින්න බලන්න, අපේ පරපුරේ සිහින බොඳ වෙලා ඒත් කැපවීම තිබ්බොත් ඒ හීන වලට යන්න බැරිවෙන එකක් නෑ” කියලයි.