Online News

Gossip Lanka News Official

කඩවසම් තරුණයෙකු සමඟ අතිනත ගත් සුරූපී අන්ජුමාලා

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ නර්තන ශිල්පිනියක ලෙස මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් ජනප්‍රියත්වයට පත් සුන්දර කලාකාරිනියක් තමයි හර්ෂි අන්ජුමාලා කියල කියන්නේ.

කොහොම වෙතත් සිදූ ටෙලිනාට්‍යයේ ගයනි කියන චරිතය ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයන් අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගන්නා ඇය ඉන් අනතුරුව අපට ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණා.

කෙසේවෙතත් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇය මීට කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය කලා ක්ෂේත්‍රයට පිවිසීම ගැන වගේම කලාව තුළ මේවෙද්දී ලබාගෙන ඉන්න ජනප්‍රියත්වය ගැන කතා කර තිබුණා. ඉතින් ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” මම කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා ලොකු කාලයක් වෙන්නේ නැහැ. රංගනය කරන්න හිතාගෙන නෙවෙයි මා ආවේ. සිදු ටෙලිනාට්‍යයේ රඟපෑවට පස්සේ ලැබුණු ජනප්‍රියත්වය නිසා එතනින් පස්සේ තවත් නිර්මාණ වලට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනා.

ටෙලිනාට්‍ය වලට විතරක් නෙවෙයි සිනමාවටත් එන්න මට වාසනාව ලැබුනා. ගොඩක් නලු නිළියන්ගේ ආසවක්නේ සිනමා නිර්මාණයකට සම්බන්ද වෙන එක. ක්ෂේත්‍රයට ඇවිල්ලා ටික කාලෙකින් ඒවටත් සම්බන්ද වෙන්න මට පුලුවන් වුනා.

එතනින් මට ගොඩක් ප්‍රවීන කලාකරුවන් එක්ක සම්බන්ද වෙන්න ලැබුනා. සාමාන්‍යයෙන් මම රංගනයේදී ප්‍රවීණයෝ එක්ක වැඩ කරද්දී ඒගොල්ලෝ කියන විදියට ගැලපෙන විදියට වැඩ කරනවා.

කලාවට සම්බන්ද වෙලා වැඩ කලේ කැම්පස් එකේ ඉගනගන්න ගමන්මයි. මුලින්ම මම කලේ නර්තනය නිසා ඒ වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕන.

මුල් දවස්වල ඉඳලාම මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. තව කෙනෙක්ව අනුකරණය කරලා අනිත් අයගේ මාර්ගයෙන් ජනප්‍රිය වුනේ නැහැ. කාටවත්ම අසාධාරණයක් වෙන්නේ නැති විදියට ගැලපෙන චරිත කරනවා. කියලයි.

කොහොමහරි ඉතින් ඊයේ දිනයේ මේ සුන්දර රංගන ශිල්පිනිය මනාලියක ලෙසින් සැරසී ලබාගත් ජායාරූප පෙළක් අපට සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය ඊයේ දිනයේ යුගදිවියට පිවිස තිබුණු අතර මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් තමයි මේ විදිහට සමාජ ජාලා මාධ්‍යට එක්කර තිබුනේ.

ඉතින් මේ විදිහට යුගදිවියට පිවිසෙමින් අලුත් ජීවිතයක් ආරම්භ කළ ඇයට අපිත් සුභපැතුම් එක් කරන අතරම ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.