Online News

Gossip Lanka News Official

“අපිට ඇදක් තිබුනෙ නෑ. අපි එකට නිදා ගත්තේ බිම අවුරුදු 16 ක්, අපි කුලියට ගෙදරක හිටියේ”

මේවෙද්දී මුලු රටම දන්න හදුනන නිවේදන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන නිවේදකයෙක් තමයි ධනූ ඉන්න සින්නතම්බි කියල කියන්නේ.

කොහොම වෙතත් දනූට කියන්න වැඩසටහනේ නිවේදකයා ලෙසින් කටයුතු කරන ඔහු ගොඩක් ලොකු දුක්බර අතීතයක අභියෝග රැසක් ජයගෙන ආපු චරිතයක් හැටියට අපට හදුන්වන්න පුලුවන්. ඇත්තෙන්ම ධනූ කියන්නේ හරි විනෝදෙන් කාලය ගතකරන තරුණයෙක් කිව්වොත් නිවැරදියි.

ඉතින් ඔහු ගැන කතා කරනවානම් යාපනේ ඉඳලා දවස් පහකින් කොළඹට එන ඔහු පළවෙනියට කෑමක් කාල තියෙන්නේ සොසේජස් සහ පාන් පෙති.

ඒ වගේම යාපනේ හරි ධනවත් විදියට ජීවත් වුණ ඔහුගේ මවගේ පවුල සාමාන්‍ය පවුලක්. ඒ නිසාවෙන් ඔවුන් කොළඹ ඇවිත් ගොඩක් ලොකු දුක්බර විදියට තමයි ජීවත් වෙන්නේ.

කෙසේ නමුත් යාපනයේ ඉදලා කොළඹ ඇවිත් සෙන්. පීටර්ස් වැනි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන ඔහුට පාසල් කාලයේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා.

ඒ විදියට දුක්බර ජීවිතයකට සමුදීලා මේවෙද්දී සතුටින් ජීවත්වන ඔහු පහුගිය දවසක මාධ්‍ය වැඩ සටහනක් සමගින් එක්ව ඔහුගේ අදුරු අතීතය ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඔහු කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” අපිට ඇදක් තිබුනෙ නෑ. අපි එකට නිදා ගත්තේ බිම අවුරුදු 16 ක්. අනිත් කට්ටියට සාමාන්‍ය දෙයක් වුණ දේවල් අපිට ලොකු දෙයක්. අපි කුලියට ගෙදරක හිටියෙ.

ඒ අපි හිටියේ ගෙදර කුලිය 1750. අපි හිටියේ එක කාමරේක. කුස්සිය තිබ්බෙ එලියෙ. මගෙ පවුල කියන්නෙ අම්මයි තාත්තයි. වෙන කවුරුත් මට නෑ.” කියලයි.

කොහොම වෙතත් එදා එලෙස දුක්බර ජීවිතයක් ගත කළ ඔහු මේවෙනකොට රටම ආදරය කරන චරිතයක් බවට පත්ව අවසානයි. ඇත්තෙන්ම ඔහුට ගොඩක් දෙනා ආදරය කරන්නේ ඔහුගේ ඇති මිත්‍රශීලී කමට සහ විවෘත බව නිසාවෙනුයි.

ඉතින් මේවෙද්දී ඉතාමත් සතුටින් සහ විනෝදයෙන් කාලය ගත කරන ධනූගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක කර ගන්නට ඔහුට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.