Online News

Gossip Lanka News Official

ලාංකිකයන් හැමෝගේම ආදරය දිනාගත් පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්න සිංගප්පූරුවේ ගෙවන සුන්දර ජීවිතේ

අපේ කලා ක්ෂේත්‍රය තුළ කාලයක් අතිශය ජනප්‍රියත්වයට පත් කොයි කාගෙත් ආදරය හිමිකර ගත් චරිතයක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියල කියන්නේ.

කොහොම වෙතත් ළමා රංගන ශිල්පිනියක ලෙස සරෝජා, සුළං කිරිල්ලි සහ ටිකිරි සුවද වැනි සිනමාපට සදහා සිය රංගන දායකත්වය ලබාදුන් ඇය මෙරට අතිවිශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා.

කෙසේවෙතත් සිරස ටීවී නාලිකාවේ විකාශය කෙරුණු පුංචි පැංචි වැඩසටහන හරහා කුඩා කාලයේම ජනප්‍රිය වන ඇය සම්මාන ලාභී රංගන ශිල්පිනියක්.

මේ අතර ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා සිනමාපටයේ සිදුකල රංගනය වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිකර ගැනීමටත් ඇය වාසනාවන්ත වෙනවා.

ඒ කොහොම උනත් ප්‍රමුදිව අපට අපට කාලයක් කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබුණේ නැහැ. ඇත්තෙන්ම ඇය සිය ඉගෙනුම් කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කලාවෙන් සමු ගැනීමටයි කටයුතු කරන්නේ.

කෙසේ නමුත් ප්‍රමුදි ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී විවාහකයි. ඇයට ඇගේ සැමියා මුණගැහිලා තියෙන්නේ කළා ක්‍ෂේත්‍රය නිසාවෙන් කියලයි අපට දැනගන්නට ලැබුණේ.

ඇය විවාහ වෙලා ඉන්නේ සංචාර ක්‍ෂේත්‍රයට සම්බන්ද කෙනෙකු සමගින් වන අතර ඇය මේවෙද්දී ආදරණීය මවක්. ඇත්තෙන්ම ඇය කාලයක් කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියත් ඇගේ ජනප්‍රියත්වයේනම් කිසිම අඩුවක් වෙලා නැහැ. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

”මම දැන් ගොඩක් කාලෙකින් රංගනයෙන් දකින්න ලැබුනේ නෑ, හැබැයි එහෙමයි කියලා මගේ ජනප්‍රියත්වය නැතිවෙලා නෑ, එදා වගේම ආදරණීය ප්‍රතිචාර අදටත් මට ලැබෙනවා,

ඒ වගේම මම පාරට ආවත් ගොඩක් අය මාව අඳුරගෙන කතා කරනවා, ඇත්තටම එහෙම වෙද්දී මට ගොඩක් සතුටුයි, මොකද ඒ අයගෙන් ලැබෙන ආදරේට මම ගොඩක් ආදරෙයි” කියලයි.

මේ විදිහට අදහස් දක්වපු ඇය මේ දිනවල කාගේත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා. ඊට හේතුව වෙන්නේ ඇය ඇගේ සමාජ ජාලා මාධ්‍යය ගිනුම්වලට එක්කළ චායාරූප. කොහොම වෙතත් මේවෙද්දී ප්‍රමුදි ඉන්නේ ලංකාවේ නෙවෙයි, ඇය දැන් ඉන්නේ සිංගප්පූරුවේ.

ඇත්තෙන්ම එරට ගෙවන සුන්දර ජීවිතේ චායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ ජාලාවලට එකතු කර තිබෙනවා අපට දැකගන්නට ලැබණු අතර ඇගේ ජායාරූප පෙළක් තමයි අද අපි මේ විදිහට අරගෙන එන්නට හිතුවේ.