Online News

Gossip Lanka News Official

” මම නොදන්න ගොඩක් අයට මම දැන් පෙම්වතිය වෙලා, ඒකත් හරිම විනෝදජනක වැඩක්”

ලංකාවේ අපේ ගායන ක්ෂේත්‍රය තුළ මේවෙද්දී සුවිශේෂ ගමනක් යන සුන්දර ගායිකාවක් තමයි අංජලී රාජ්කුමාර් කියල කියන්නේ.

කොහොම වෙතත් ප්‍රවීණ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ වැඩිමහල් දියණිය වන ඇය මේවෙද්දී මවගේ අඩිපාරේ යමින් මෙරට ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් වගේම ආදරයක් හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ලාංකීය තරුණ පරම්පරාව අතර මේවෙද්දී සුවිශේෂ ගමනක් යන අංජලී පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ දවස්වල සංගීත වැඩ කටයුතු ගැන සදහන් කරමින් ඇය කියන්නේ මේ දවස්වල ප්‍රසංග නම් ගොඩක් නැහැ කියලයි. ඒ වගේම මේ දවස්වල මම ගීතයක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා කියලයි ඇය පවසන්නේ.

ඒ වැඩ ටිකත් හෙමින් සැරේ කරගෙන යනවා කියන ඇය අම්මගේ වැඩ වලටත් පුළුවන් විදියට හෙල්ප් කරනවා කියලයි කියන්නේ.

ඉතින් මේ සාකච්ඡාව අතරතුර ඇගෙන් අහන ප්‍රශ්නයක් තමයි අම්මගේ ගීත රීමේක් කරලා ගායනා කරන්න ඔබට අදහසක් නැද්ද කියන ප්‍රශ්නය. ඊට පිළිතුරු ලබා දෙමින් ඇය කියන්නේ අපි හදාගෙන තියෙන අනන්‍යතාවන් එකිනෙකට වෙනස් කියලයි.

ඒ වගේම මට විතරක් නෙවෙයි මගේ නංගිගටයි අම්මටත් එහෙමයි කියන ඇය කියන්නේ ඒ නිසා මටයි නංගිටයි අම්මගේ ගීත රීමේක් කරන්න අදහසක් නැහැ කියලයි.

හැබැයි අම්මගේ ‘ඉඟිමරණ’ සින්දුවට කවර් එකක් කළා කියන ඇය ඒ වගේම දැන් මට ආරාධනා එනවා මම සමහර ගීත ගායනා කරනවා කියලයි පවසන්නේ.

ඉතින් ඒ ගීත අපිට අයිති කරගන්න බෑනේ කියන ඇය කියන්නේ මොකද ඒ ගීතවල තියෙන්නේ අම්මගේ අනන්‍යතාවය කියලයි.

ඇත්තෙන්ම අංජලී කියල කියන්නේ මේවෙද්දී ගොඩාක් ජනප්‍රිය චරිතයක්. ඉතින් ඇය මේ විදිහට ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය ගැන අදහස් දක්වමින් කියන්නේ මම ඉන්දියාවෙන් එද්දී ගොඩක්ම සාමාන්‍ය පුද්ගලයෙක් කියලයි.

ඒ වගේම මම ගොඩක්ම සාමාන්‍ය ජීවිතයකට පුරුදුවෙලා හිටපු කෙනෙක් කියන ඇය ලංකාවට ඇවිල්ලා ටික කාලෙකින් මමයි නංගියි එකතුවෙලා කරපු මෑෂප් එකක් නිසා තමයි මිනිස්සු මාව අඳුර ගත්තේ කියලයි ඇය පවසන්නේ.

ඉතින් එක පාරම රසික ආදරයක් ලැබෙද්දී ලොකු සතුටක් දැනෙනවා කියන ඇය පවසන්නේ ජනප්‍රිය කෙනෙක් නොවී ඉන්න තිබ්බනම් කියලා සමහර වෙලාවට හිතෙනවා කියලයි.

මොකද මගේ වයසේ ඉන්න අනිත් ළමයි කරන දේවල් ජනප්‍රියත්වය නිසා මට කරන්න විදියක් නැහැ කියන ඇය ජනප්‍රියත්වයත් නිසා ගොඩක් පරිස්සම් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා කියලයි කියන්නේ.

කෙසේවෙතත් අංජලී මේ වෙනකොට පෙම්වතියක් කියල සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා. ඉතින් ඊට පිළිතුරු ලබා දෙමින් ඇය කියන්නේ එහෙම කතාවක් මටත් ආරංචියි කියලයි.

හැබැයි ඒක බොරුවක් කියන ඇය ඔයාගේ මෙහෙම සම්බන්ධයක් තියෙනවද කියලා මේ ළඟදී මගෙන් කෙනෙක් ඇහුවා කියලයි පවසන්නේ.

ඒ වගේම එහෙම අහන කෙනාව මම දන්නෙවත් නැහැ කියන ඇය ඔය වගේ සිදුවීම් මට ගොඩක් වෙලා තියෙනවා කියලයි පවසන්නේ. මේ අතර මම නොදන්න ගොඩක් අයට මම දැන් පෙම්වතිය වෙලා කියන ඇය ඒකත් හරිම විනෝදජනක වැඩක් කියලයි අවසාන වශයෙන් කියන්නේ.