Online News

Gossip Lanka News Official

“මමනම් දුවට කියන්නේ පිරිමි ළමයි ඔයාගේ පස්සෙන් එයි, එතකොට ඔයා ගස්සගෙන යන්න එපා, මම මගේ දුවල එක්ක යාලුවො විදියට ඉන්නේ”

ලංකාවේ අපේ ගායන ක්ෂේත්‍රය තුළ ගායකයෙකු ලෙස මෙන්ම නිවේදකයෙකු ලෙසත් කටයුතු කරන සුවිශේෂ චරිතයක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියල කියන්නේ.

ඒ විතරක් නොවෙයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නියමුවා ලෙසද කටයුතු කරන්නේ ඔහුයි. කොහොම වෙතත් මෙරට ජනයා වෙනුවෙන් ගීත නිර්මාණ රැසක් ඔහු එලි දක්වා තිබෙන අතර ඒ අතුරින් ඔයා නිසා හඬලා, පෙරදා හඬවා ගියා ඔයා, සුළඟ, මෙතුවක් දුර වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

මේ ජනප්‍රිය ගායන ශිල්පියා ගැන කතා කරනවානම් ඔහු මේවෙද්දී විවාහකයි. ඔහු විවාහ වන්නේ තිලිනි සමගින් වන අතර ඇයත් සමගින් ගායනා කළ සුපෙම් සුවදක් අරන් ගීතය අදවන විට ගොඩක් දෙනෙක් ආදරේ කරපු ගීතයක් බවට පත්වෙලා තිබෙනවා.

ඒ කොහොම වෙතත් රොෂාන් කියල කියන්නේ මේවෙද්දී දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක්. ඔහු සිය පවුලේ සියලුදෙනා සමගින් මේවෙද්දී සුන්දර ජීවිතයක් තමයි ගත කරන්නේ.

කෙසේවෙතත් රොෂාන් ප්‍රනාන්දු කියන මේ ආදරණීය ගායකයා පහුගිය දවසක පැවති වැඩසටහනක් සමගින් එක්ව ඔහුගේ ලොකු දුව රොමේෂා ප්‍රනාන්දු හම්බවෙනකොට ඔහුට දැනුනු විදිය ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එහිදී ඔහු කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” ඒ වෙලාවේ මම ප්‍රසංගයක හිටියේ. ඉතින් මට එතකොට තමයි පණිවිඩය ලැබුණේ කෝල් එකකින්. මට වචනයෙන් කියා ගන්න බැරි සතුටක් දැනුනෙ එදා.

මට හිතුන අපේ තාත්තට මං ඉපදුන දවසේ මොනව හිතෙන්න ඇතිද කියල. ඒ තරමටම මට කටින් කියන්න බැරිතරම් සතුටක් දැනුනේ. එක එක කට්ටිය විවිධ ක්‍රමයට සතුටු ප්‍රකාශ කරනවා. සෝ සුසුම කින්, කඳුළු වලින්. ඉතින් ලොකු දුව ලැබුණු දවසෙ මට වචනෙන් කියන්න බැරි තරම් සතුටුයි” කියලයි.

ඒ කොහොම වෙතත් එලෙස අදහස් දක්වපු ඔහු තවදුරටත් අදහස් දක්වමින් සිය දියණියට ලබා දෙන උපදෙසක් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණා.

” මමනම් දුවට කියන්නේ පිරිමි ළමයි ඔයාගේ පස්සෙන් එයි. එතකොට ඔයා ගස්සගෙන යන්න එපා.ඔයත් හැරිල බලන්න. හැබැයි ලිමිට් තියාගෙන. මම මගේ දුවල එක්ක යාලුවො විදියට ඉන්නේ. එතකොට පිටට ප්‍රශ්න කියන්නෙ නෑ” කියලයි.

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ ජීවිතයේ ඉදිරි සංගීත වැඩ කටයුතු වගේම පවුල් ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල ඒ විදියටම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.