Online News

Gossip Lanka News Official

“රටත් ලෝකයක් විස්මයට පත් කරන ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් වෙන එක ගැන මට හදවතින්ම සතුටුයි”

පහුගිය දිනවල ලංකාවේ පැවති ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගය මෙරට සියලු ජනයාගේ අවධානය හිමිකර ගත් තරගයක් බවට පත්වුණා. ඊට හේතුව වනුයේ මේ විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් සුවිශේෂ ජයක්ග්‍රහනයයි.

ඉතින් මේ කණ්ඩායමේ නියමුවා ලෙස කටයුතු කළ දසුන් ශානක නොදැවී පන්දු විසි පහක දී වේගවත් ලකුණු 54ක් ලබාගැනීමට සමත්වෙන අතර ඔහුගේ මේ සුපිරි පිති හරඹය ගැන මෙරට බොහෝ දෙනෙකු කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ වගේම මෙරට බොහෝදෙනෙකු දසුන්ට සුබ පැතුම් එකතු කරන්නටත් පටන් ගත්තා. මේ අතර ඔහුගේ ආදරණීය බිරිඳත් මේවෙනකොට පසුවෙන්නේ ඉතාමත් සතුටින්.

කොහොම වෙතත් දසුන්ගේ ආදරණීය බිරිඳ චෙවන්ති පෙරේරා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය මේ තරගය ගැන වගේම දසුන් ගැනත් අදහස් දක්වමින් කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

“මට ඔහු ගැන ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් දැනුණා එදා එයා හොඳටම සෙල්ලම් කළා මට විතරක් නෙවෙයි මුලු ලංකාවටම එදා එයා වීරයෙක් වුණා.

එදා මං වාසනාවට වගේ පල්ලකැලේ ගියා ඉතින් දසුන්ගේ දිනුම ඇස්දෙකෙන්ම දැකගන්න මට පුළුවන් වුණා. ඒ අවස්ථාව මඟ ඇරුණ නම් ගොඩක් දුක හිතෙන්න තිබුණා.

තරඟයේ දිනයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බෙ නැතත් නිකමට මට හිතුනා තරගය පැරදුනත් එයා ජයග්‍රහනය පේන මානෙකට හරි අරගෙන එයි කියලා එදා එක සැරයක් අවුට් වෙන්න ගියා ඒත් වාසනාවකට බේරුණා එතකොට නම් මට හිතුන අද තමයි දසුන්ගෙ දවස කියලා අන්තිමේදී අපි හැමෝටම කාලෙකට අමතක නොවන surprise එකක් දුන්නා.”

ඒ විදිහට අදහස් දක්වන ඇය තරගාවලිය අතරතුරදී දසුන්ට එන බෝලයක් ගානේ ඔහුටත් වඩා මම පීඩනයෙන් හිටියා කියලයි පවසන්නේ.

ඒ වගේම හිතේ තියෙන බයත් එක්ක අන්තිම බෝල දෙක තුනකට එනකොට දසුන් කොහොමහරි තරගය ඉවර කරනවා කියන චේතනාව මගේ හිතේ තිබුණා කියන ඇය තරගයේ ජයක්ග්‍රහනය ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

“තරගේ ඉවරවෙලා එයා මට මැසේජ් එකක් එවල තිබ්බා ඔයා මොකද හිතන්නේ මං කරපු දේ ගැන කියලා. ඉතින් මං කිව්වා මට ගොඩක් සතුටුයි කියලා ඒ වෙලාවෙම මට හිතුනා එයා ඉන්න හෝටල් එකට ගිහින් එයාගෙ මූන බලන්න.

පස්සේ මං එව් වෙලාවේ එයා බලන්න ගියා ඒ වගේ සතුටක් මං කවදාවත් දසුන්ගේ මූණෙන්ගේ දැකලා නැහැ පුදුම සතුටකින් එදා එයා හිටියේ මං ගියපු එකටත් එයාට ගොඩක් සතුටුයි”

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇය අවසාන වශයෙන් සඳහන් කියන්නේ රටත් ලෝකයක් විස්මයට පත් කරන ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ආදරණීය බිරිඳක් වෙන්න එක ගැන මට හදවතින්ම සතුටුයි කියලයි. කොහොම වෙතත් මේ යුවළගේ ජීවිත දිනෙන් දින ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එක් කරන්නෙමු.