Online News

Gossip Lanka News Official

“මම සම්මාන ගත්තේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ මුදල් දීලා ඒවා ගත්තේ නැති නිසා මම අවංකවම සතුටු වෙනවා”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක පටන් සිය ජනප්‍රියත්වය එකම ලෙසින් තබාගෙන ඉන්න පුංචි තිරය තුළ අමතක නොවන චරිතයන් රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ.

කොහොම වෙතත් කලා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් වැඩිය දැකගන්නට නොලැබුනත් ඇය විශිෂ්ට නිර්මාණයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන්නත් අමතක කරන්නේ නැහැ.

මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ දිනවල අපට කොඩිගහ යට ටෙලි නිර්මාණය ඔස්සේ දැකගන්නට ලැබෙන අතර ඒ නිසාවෙන් ඇය කාර්‍යබහුල ජීවිතයක් ගතකරන බවයි අපට දැනගන්නට ලැබුණේ.

කොහොම වෙතත් වසර එක හමාරකට පසුව නැවතත් මේ විදිහට ටෙලිනාට්‍යයත් සමගින් එක්වෙන ඇය දීර්ඝ කාලයකට පසුව නිසාවෙන් මේ චරිතය ඉතාමත් ආසාවෙන් තමයි බාර
ගන්නේ.

කොහොම වෙතත් නදීෂා කියල කියන්නේ චරිතයක් තෝරා ගැනීමේදී ඒ පිටපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වන චරිතයක්. ඇත්තෙන්ම ඇයට කරන්න පුළුවන් චරිතයක් නම් විතරයි ඇය ඒ චරිතය අනිවාර්යයෙන්ම බාර ගන්නේ.

කෙසේවෙතත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටුකිරීමට ඇය සතුව සුවිශේෂ හැකියාවක් තිබෙනවා කිව්වොත් නිවැරදියි.

මේ කාලේ ඉස්සරට වඩා ගොඩක් පහසුකම් නවක රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ක්ෂේත්‍රය තුළ නිර්මාණය වෙලා තිබෙනවා කියන ඇයනම් කියන්නේ කලාකාරයෙකුට ජීවිතයට සම්මානයක් ලැබෙනවා කියන්නේ ඔවුන් ජීවිතයේ ලබන ඉහළම සතුට ඒක කියලයි. ඉතින් කලාකාරිනියක ලෙස ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මෙන්න මේවගේ කතාවකුයි.

“සම්මානයක් ලැබීම කලාකරුවෙකුට විශාල ශක්තියක් ඒක වෘත්තීය ගෞරවයට ආභරණයක් වෙනවා බොහෝ සම්මාන උළෙලවල් පවත්වන්නෙ තමන්ගේ ආයතන ජනප්‍රිය කරගන්න. ඒ ආයතන වලට සම්බන්ධ අයටයි සම්මාන ලබාදෙන්නේ. බලපුහාම ජනතාවගේ සම්මාන ප්‍රතික්ෂේප වෙලා.

එවැනි අවස්ථාවල සම්මාන උළෙලයන් සඳහා වූ වටිනාකම නැතුව යනවා. මම සම්මාන ගත්තේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ මුදල් දීලා ඒවා ගත්තේ නැති නිසා මම අවංකවම සතුටු වෙනවා ඒ ගැන. යම් යම් අවස්ථාවන් වලදී අසාධාරණ වුණත් සම්මාන උළෙලවල් පැවැත්වීම පිළිබඳව සතුටු වෙනවා”

ඉතින් ඒ විදිහට අදහස් දක්වන නදීෂා පවසන්නේ ඉදිරියේදී මම බොහෝ දෙනෙක් ආදරේ කරන චරිත රැසකින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානමින් ඉන්නවා කියලයි.

කොහොම වෙතත් ඇගේ ඒ සියලු බලාපොරොත්තු සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර ගන්නට ඇයට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ඇයට සුභපැතුම් එක් කරන්නෙමු.