Online News

Gossip Lanka News Official

” මට ආදරණීය සැමියෙක් ලැබුනෙත් ඒ ඇප් එක නිසා, එයා ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක්”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රයට කාලයෙන් කාලයට විවිධ චරිත එක්වෙනවා. ඉතින් ඒ ආකාරයට කලාවත් සමගින් අත්වැල් බැදගත් ඉතාමත් කෙටි කෙටිකාලයක් තුළදී ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියල කියන්නේ. කොහොමවෙතත් සෙව්වන්දිව හැමෝම වගේ හඳුන්වන්නේ ටික් ටෝක් රැජින කියලයි.

ඉතින් මේ සුන්දර චරිතය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය ඇගේ අලුත්ම තොරතුරු කතාබහ කිරීමටයි කටයුතු කර තිබුනේ.

ඉතින් ඇය එහිදී මෙතෙක් ආපු ගමන ගැන අදහස් දක්වමින් කියන්නේ මම මේ ගමන පටන් ගත්තේ 2018 වසරේදී කියලයි. ඒ වගේම මුලින්ම ටික් ටෝක් පටන් ගත්තේ මියුසිකලි කියන ඇප එකෙන් කියලයි ඇය පවසන්නේ.

ඒ ඇප් එක ආව මුල් දවස්වල එක ලංකාවේ එච්චර ප්‍රසිද්ද නැහැ කියන ඇය මම මුලින්ම කතා කලේ මගේ යාලුවෝ දෙන්නෙක්ට කියලයි කියන්නේ.

ඒ වගේම එයාලා ඒකට ලැජ්ජයි කියලා ආවේ නැහැ කියන ඇය හැබැයි මම වීඩියෝ එකක් කළා ඒක ගොඩක් ජනප්‍රිය වුනා කියලයි කියන්නේ.

මේ අතර පොඩිකාලේ ඉඳලම මට නර්තනය වගේම ගීත ගායන හැකියාවක් තිබ්බා කියන ඇය පවසන්නේ හැබැයි මට රංගන හැකියාවක් තිබ්බේ නැහැ කියලයි.

ඒ වගේම රඟපාන්න මට කිසිම කැමැත්තක් තිබ්බෙත් නැහැ කියන ඇය හැබැයි මම පොඩි කාලේ ඉඳලම ෆිල්ම් බලන්න ආසයි කියලයි කියන්නේ.

තවද එක දවසට එක හින්දි ෆිල්ම් එක ගානේ මම බලනවා කියන ඇය ඒවා බලලම මට පොඩ්ඩ පොඩ්ඩ රඟපාන්න පුළුවන් කමක් තිබ්බා කියලයි පවසන්නේ. ඊට අමතව මට රංගනයට විශේෂ හැකියාවක් නැහැ කියලත් සදහන් කරනවා.

මේ පුවත්පත් සාකච්ඡාව අතරතුර ඇගෙන් අහන ප්‍රශ්නයක් තමයි ටික් ටෝක් කරලා ඔබට මොනවද ලැබුනේ කියන ප්‍රශ්නය. ඉතින් ඊට පිළිතුරු ලබා දෙමින් ඇය පවසන්නේ එහෙම අහනවට වඩා ලේසියි මොනවද නොලැබුණේ කියන එක කියලයි.

ඒ වගේම මට ගොඩක් දේවල් ලැබුනා ටික්ටෝක් නිසා මම නිලියක් වුනෙත් මේ ඇප් එක නිසා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මට ලොකු ජනප්‍රියත්වයකුත් ලැබුනා කියලත් ඇය පවසනවා.

මේ අතර ඒ වගේ අවස්ථාවක් සාමාන්‍ය කෙනෙක්ට ලැබෙන්නෙත් නැහැ කියන ඇය ඒ විතරක් නෙවෙයි මට ආදරණීය සැමියෙක් ලැබුනෙත් ඒ ඇප් එක නිසා කියලයි කියන්නේ.

තවද එයා ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් කියල කියන ඇය මොකද ඒ ඇප් එකෙන් තමයි එයා මාව දැකලා තියෙන්නේ කියලයි පවසන්නේ. ඒ වගේම දැන් අපි ගොඩක් ආදරෙන් ආදරණීය යුගදිවියක් ගතකරනවා කියලයි ඇය කියන්නේ.

කෙසේවෙතත් ජනප්‍රිය අයට සමහර අවස්ථාවන්වල විවිධ ආකාරයේ විවේචනයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ ගොඩක් අය මටත් එක එක කතා කියනවා, හැබැයි මම ඒවා ගණන් ගන්නේ නැහැ කියලයි.

ඒ වගේම මම ඒවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා කියන ඇය මොකද වරදක් කරන්නේ නැත්තන් කාගේවත් විවේචන බාරගන්න ඕන නෑ නේ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි වීඩියෝ එකක් දැම්මම 60%ක් ම ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර කියල කියන ඇය හැබැයි දැන් වැඩිය ටික්ටෝක් කරන්නේ නෑ, මොකද ගෙදර අය හස්බන්ඩ් එක්ක ඉද්දී ඒවට වැඩිය වෙලාවක් නැහැ කියලයි කියන්නේ.