Online News

Gossip Lanka News Official

“වික්ටර් ටීවී එකේ සින්දු කියන කාලේ මම පුංචි කෙල්ලෙක්, ඒක සංසාරගත ප්‍රේමයක්” හෂිනි

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ කිසිදාක නොමැකෙන නාමයක් සනිටුහන් කල ප්‍රවීණ සංගීත වේදියෙක් තමයි වික්ටර් රත්නායක කියල කියන්නේ.

ඇත්තෙන්ම සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න අත්දැකීම් බහුල චරිතයක් වන ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන පහුගිය කාලයේ මෙරට ජනයා අතර විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වනුයේ කලක් තනිකඩව දිවි ගෙවමින් සිටි ඒ මහතා සුන්දර තරුණියක සමගින් විවාහවීමයි.

එලෙස සුන්දර තරුණියක සමගින් විවාහවීමත් සමගම ඔහු ගැන සමාජ ජාලා මාධ්‍යය තුළ විවිධාකාරයේ කට කතාවන් නිර්මාණය වෙන්න පටන් ගත්තා.

ඉතින් සමාජයේ මිනිසුන් එලෙස විවිද කතා කිව්වත් ඒ කිසිම දෙයකට උත්තර දෙන්න වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ කටයුතු කළේ නැහැ.

කොහොම වෙතත් පහුගිය දවසක මේ විදිහට තමන්ට සහ සිය සැමියාට එල්ලවෙන විවිධාකාරයේ කටකතාවන්ට පිළිතුරු ලබා දීමට වික්ටර් මහතාගේ ආදරණීය බිරිඳ හසිනි කටයුතු කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මමත් වික්ටරුත් හමුවුණු දවසේ ඉඳලා ගොඩක් සතුටින් ජිවත් වෙනවා කියන ඇය මම වැඩකරද්දී එයා උදව් වෙන්න හදනවා ඒත් මන් එයාට මහන්සි වෙන්න දෙන්නේ නැහැ කියලයි පවසන්නේ.

ඒ වගේම අපේ ගෙදර සුරතලේට මාළු හදනවා කියන ඇය කියන්නේ වික්ටර් උදේම නැගිටලා මාළුන්ට කෑම දාලා ව්‍යායාමයට ඇවිදිනවා කියලයි.

තවද එයාව පුලුවත් තරම් විවේකයෙන් සහ සතුටින් තියන්නයි මට ඕනේ කියන ඇය වික්ටර් කියන්නේ පිරිසිදු කම සහ පිළිවෙල හොඳින්ම දන්නා කෙනෙක් කියලයි පවසන්නේ.

මේ අතර මමත් පිළිවෙන හොඳින්ම ඉගනගත්තේ එයාගෙන් කියන ඇය ඒ කියන්නේ ගෙදර පාපිස්න පවා ටයිල් එකේ ඉරට කෙලින් තියන්න ඕන කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි වික්ටර් එක්ක විවාහ වෙන තීන්දුවෙන් පස්සෙ රටේ මිනිස්සු මම නොකරපු දේවල් පවා කිව්වා කියන හසිනි පවසන්නේ අපි දෙන්නා විවහා වුනේ අවුරුදු අටක පමණ ඇසුරකින් පස්සේ කියලයි.

එතෙක් කවුරුත්ම අපි දෙන්නා අතර සම්බන්දයක් තියනවා කියලා දැනගෙන හිටියේ නැහැ කියන ඇය වික්ටර් බුද්ධිමත් කෙනෙක් නිසා එයා එක්ක සුහදව කතාකරලා ඕන දෙයක් විසදගන්න පුලුවන් කියලයි කියන්නේ.

කෙසේවෙතත් වික්ටර් ටීවී එකේ සින්දු කියන කාලේ මම පුංචි කෙල්ලෙක් කියන ඇය 2004 අවුරුදෙද්දී තමයි මුලින්ම අපි දෙන්නා කතාබහ කරලා හඳුනාගත්තේ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි නොගැලපීම් සහ වයස් පරතරයේ ප්‍රශ්නය නිසා මගේ ගෙදරින් කැමති වුනේ නැහැ කියන ඇය ඒක සංසාරගත ප්‍රේමයක් නිසයි හැමදේම දරාගෙන අපි ඉන්න ඇත්තේ කියලයි කියන්නේ.

මේ අතර මම වික්ටර්ගේ දේපල ගන්නයි විවාහ වුනේ කියලා මිනිස්සු කිව්වා කියන ඇය දේපල වලට ආසාවක් තියනවානම් ඕනතරම් සල්ලි තියන මිනිස්සු ලංකාවේ ඉන්නවානේ කියලයි පවසන්නේ.

ඒ වගේම මට එහෙම දේවල් ඕන නැහැ කියන ඇය ඇත්තටම වික්ටර් ගැන ආදරයක් තියන නිසයි ඔහු එක්ක මම විවහා වුනේ කියලයි අවසාන වශයෙන් පවසන්නේ.