Online News

Gossip Lanka News Official

“ආදරය පටන් අරන් අවුරුදු දෙකක් විතර ගෙවල් වලට රහසින් අපි ආදරය කළා, අපේ විවාහයට කාගෙන්වත් බාධා නැහැ”

මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ජනප්‍රිය මෙන්ම දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියන්නේ.

ඇත්තෙන්ම ඇයව අපට ආකර්ෂණීය මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්න පුළුවන්. කොහොම වෙතත් කලා ක්ෂේත්‍රයට ආධුනික රංගන ශිල්පිනියක් වුවත් ඇයට මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ක්ෂේත්‍රය තුලින් ලැබුණු ඒ වටිනා ටෙලි නිර්මාණයක් තමයි දෙවෙනි ඉනිම කියල කියන්නේ.

ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ විශාල ප්‍රේක්ෂක පිරිසකගේ හදවත් සොරා ගන්නා ඇය ඉන් අනතුරුව පාවෙලා වලාකුලේ ටෙලි නාට්‍ය හරහා වගේම ඉස්කෝලේ ටෙලි නාට්‍යය හරහාත් අපට දැකගන්නට ලැබුණා.

මේ අතර පාසල් ගුරුවරියකගේ භූමිකාව හරහාත් සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. ඉතින් ඇය ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී විවාහකයි.

කොහොම වෙතත් මේ සුන්දර රංගන ශිල්පිනිය සිය සැමියා සමගින් එක්ව එකට රඟපාන්නට තරම් වාසනාවන්ත වෙනවා. කෙසේවෙතත් නදුනි සහ ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන දිනුෂ යි දෙදෙනා මේවෙද්දී ඉතාමත් සුන්දර මෙන්ම සාර්ථක යුගදිවියක් ගත කරනවා.

ඒ වගේම තමයි ඔවුන්ගේ මේ පුංචි කැදැල්ලේ සතුට දෙගුණ තෙගුණ කරමින් සුරතල් දරු පැටියෙකුත් මේ පවුලට එකතු වුණා. ඉතින් යොවුන් රංගන ශිල්පියෙකුගේ ආදරණීය බිරිඳක් වන ඇය ඒ ජීවිතය ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවකුයි.

“අපි දෙන්නම කලාවට සම්බන්ධ වෙන්න කලින් තමයි හම්බ උනේ. ගායන තරගයකට සහභාගි වෙලා ඒකට සූදානම් වෙන්න voice training පන්තියකට ගියා අවස්ථාවකදී අපි දෙන්නා මුණ ගැහුණා. ඒ අතර තුරේදී අපේ ආදරය පටන් ගත්තා.

අවුරුදු 4ක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට තමයි 2019 අවුරුද්දේ අපි විවාහ වුණේ. අපේ විවාහයට කාගෙන්වත් බාධා නැහැ හැබැයි ආදරය පටන් අරන් අවුරුදු දෙකක් විතර ගෙවල් වලට රහසින් අපි ආදරය කළා ඊටත් පස්සෙ ගෙවල්වලින් කොහොමත් කැමැත්ත ලැබුණා”

කොහොම වෙතත් ගායිකාවක ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් හිටපු ඇය මේවෙද්දී ඒ සිහිනය පැත්තකින් තියලා දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න උත්සාහ කරනවා.

ඇත්තෙන්ම ගායිකාවක් වීමටත් පෙර ඇය බලාපොරොත්තු වෙලා තිබෙන්නේ ගුවන් සේවිකාවක් වීමට කියලයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ වෙනුවෙන් තමයි ඇය ඉගෙනීමේ කටයුතු සිදු කරලත් තිබෙන්නේ. නමුත් දෛවයට අනුව ඇය රංගනයට යොමු වෙලා තියෙනවා.

කෙසේ නමුත් ගෘහණියක් ලෙසත් ආදරණීය බිරිඳක් ලෙසත් ගෙදරදි වුනත් උයන පිහන දේවල් කරන්න ඇය ගොඩක් ආසයි කියලයි ඇය සදහන් කරන්නේ.

ඒ වගේම විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම රසම රස කෑම හදලා නිදහසේ ජීවිතය ගත කරන්නත් මම කැමතියි කියලයි ඇය පවසන්නේ.

කොහොම වෙතත් මේ විදිහට සිය සැමියාත් සමගින් කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.