Online News

Gossip Lanka News Official

“අනාගතයේදී මනෝවිද්‍යාවරියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍ර දෙකේම මම ඉදිවී” වගීෂා

මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් පුංචි තිරයේ ඉතාමත් කාර්යබහුල රංගන ශිල්පිනියක් හැටියට කටයුතු කරන සුන්දර නවක රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ.

ඇත්තෙන්ම මේවෙනකොට විවිධාකාර නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

කොහොම වෙතත් දිවිතුරා,රාජිනී ,ලංවී යන ටෙලි නාට්‍ය ත්‍රිත්වය ඔස්සේ අපට දැකගන්නට ලැබෙන ඇය පහුගිය දවසක ඇය පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී සිය වර්තමාන ජීවිතය ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ මේ දවස් වල ලබන සතියේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක් ඇතුළුව ටෙලි නාට්‍යය හතරක රූගත කිරීම් කරනවා කියලයි.

ඒත් එක්කම මියුසික් වීඩියෝ කිහිපයක් කළා කියන ඇය ඇත්තම කියනවා නම් ටිකක් කාර්‍ය බහුල කාලයක් තමයි මේ කියලයි පවසන්නේ.

මේ අතර දවස් ගානකට පස්සේ තමයි ගෙදර ඉන්න ලැබුණේ කියන ඇය පහුගිය කාලේ ඉගෙනීම කටයුතු නිසා අවුරුද්දකට නිර්මාණ එකකට හෝ දෙකකට තමයි මම සම්බන්ධ වුණේ කියලයි කියන්නේ.

එලෙස අදහස් දක්වන ඇය මාරුවෙන් මාරුවට මේ සියලුම ටෙලි නාට්‍යවලට තමන්ගෙ රංගන දායකත්වය ලබා දීමටයි කටයුතු කරන්නේ.

මේ අතර එක ළඟ චරිත කීපයක් කරද්දි චරිත පැටලෙන නිසා මම ඒ පිළිබඳවත් හරිම සැලකිල්ලෙන් කියලත් ඇය සදහන් කරනවා.

කොහොම වෙතත් වගීෂා මේවෙද්දී වෘත්තීමය වශයෙන් නිළියක් ලෙස කටයුතු කලත් ඇය මුලින්ම රංගනය ආරම්භ කරල තිබෙන්නේ විනෝදාංශයක් හැටියටයි. පසුකාලීනව සිය වෘත්තීය රඟපාන එක බවට පත් කරගන්න ඇයටම ඉලක්කයක් තිබිල තිබෙනවා.

ඒ නිසාවෙන්ම කවදාවත් බලාපොරොත්තු නොවුණු මේ අවස්ථාව වෙනුවෙන් ඉහළම වටිනාකමක් දෙන්නත් ඇය සූදානමින් පසුවෙනවා කියලයි අපට දැනගන්නට ලැබුණේ.

කෙසේ නමුත් වගීෂා සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ හරිම සුන්දරව සැහැල්ලූවෙන් වන අතර ඇය නිරන්තරයෙන්ම ආශ්‍රය කරන්නේ කලා ක්ෂේත්‍රයේ අය තමයි. ඒ වගේම ඇය කියන්නේ මම නිතරම ආශ්‍රය කරන්නේ පිරිමි යාළුවො කියලයි.

කෙසේ නමුත් ඇය මේ දිනවල උසස් අධ්‍යාපන කටයුතුත් එක්කත් සම්බන්ධ වෙලා සිටින බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.

ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ. “මම හදාරන්නේ මනෝවිද්‍යාව හා නීතිය මේ දවස් වල l.l.b. උපාධිය සඳහා ඉගෙන ගන්නවා.

ඒ අතර අපරාධ මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා. ඇත්තටම මම නීතිය හදාරන්න නීතිඥවරයා විදිහට උසාවි යන්න නම් නෙවෙයි මගේ දැනුම වැඩි කරගන්න අනාගතයේදී මනෝවිද්‍යාවරියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍ර දෙකේම මම ඉදිවී.” කියලයි.

කොහොම වෙතත් මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇගේ ඉදිරි කලා කටයුතු සියල්ල මෙන්ම අධ්‍යාපන කටයුතුත් දිනෙන් දිනම සාර්ථක වේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එක් කරන්නෙමු.