Online News

Gossip Lanka News Official

කඩවසම් පෙනුමකට හිමිකම් කියන ජනප්‍රිය නළු සුජීව ප්‍රියලාල්

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ මේවෙද්දී රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අති දක්ෂයෙක් තමයි සුජීව ප්‍රියලාල් කියන්නේ.

ඇත්තෙන්ම මීට වසර කිහිපයකට ඉහතදී කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වෙන ඔහු මේවෙද්දී කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් බවට පත්ව තිබෙනවා. ඒ බව නොරහසක්.

කෙසේ නමුත් මේ දිනවල ඔහුව අපට හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන දිවිතුරා ආදරේ ටෙලි නාට්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. ඔහු එහි රඟදක්වන්නේ තේමියගේ චරිතයයි.

ඉතින් මේ විදිහට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී සිය වර්තමාන ජීවිතය ගැන අදහස් දක්වමින් ඔහු කියන්නේ පසුගිය කාලයේදී වඩාත් කාර්යබහුල වෙලා හිටපු නිසා ටෙලිනාට්‍යය වල රඟපාන්න නොහැකි වුනා කියලයි.

ඒ විදියට ඔහු ගත කරපු කාලය වසර 5 ක් වන අතර පසුගිය ටිකේ දී suparna චිත්‍රපටයට සහ ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යය නිසාවෙන් ඔහු සෑහෙන්න කාර්යබහුල වෙලා ඉඳල තිබෙනවා.

කොහොම වෙතත් සමහර අවස්ථාවලදී ඔහු ටෙලි නිර්මාණ සදහා තමන්ට ලැබුණු බොහෝමයක් ආරාධනාවන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට හේතුව වෙන්නේ පවතින කාර්‍යබහුලත්වයයි. මේ අතර ඔහු පවසන ආකාරයට ඔහුගේ සුපර්ණා චිත්‍රපටය ලඟදී තිරගතවීමට නියමිත අතර එම චිත්‍රපටිය තිරගත වීමෙන් පසුව ඔහුට ඉතාමත් සැහැල්ලුවක් දැනෙනු ඇති බවයි.

ඒ විතරක් නොවෙයි අනතුරුව කාර්යබහුලත්වය අවමවී විවේකයක් ලැබේ යැයි කියලත් ඔහු සදහන් කරනවා. කෙසේ නමුත් සුජීවගේ රංගන ජීවිතයේ විශාලතම පෙරළියක් සිදු කරපු මතකයන් ගොඩක් ඉතිරි කරපු හොඳම චිත්‍රපටියක් තමයි මචං කියල කියන්නේ. ඉතින් ඒ චිත්‍රපටය ගැන අදහස් දක්වමින් ඔහු කියන්නේ “මචං” චිත්‍රපටය අපිට අමතක කරන්න බැහැ කියලයි.

ඒ වගේම මචං චිත්‍රපටයේ මමයි මහේන්ද්‍ර අයියයි එකට රඟපානවා කියන ඔහු හොඳ තැනකට එන්න නම් ඒ වගේ ප්‍රවීණයෙක්ගේ ඇසුර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලයි පවසන්නේ.

තවද ඒ කාලේ අපිව බල්ලෙක්වත් දන්නේ නැහැ කියන ඔහු උබෙර්තෝ පැසොලිනි කියන අධ්‍යක්ෂවරයා ඒ චිත්‍රපටයට ටෙලිනාට්‍යවලින් කවුරුත්ම නොගෙන වෙනම තිර පරීක්ෂණයක් තියලයි කට්ටිය ගත්තේ කියලයි කියන්නේ.

කොහොම වෙතත් මම, ධර්මප්‍රිය, නාමල් අපි ඔක්කොම තිරපරීක්ෂණයකින් තේරුණේ කියන ඔහු ඒ කාලේ වෙද්දි අපි කවුරුත් එහෙම ජනප්‍රිය අය නෙමෙයි කියලයි පවසන්නේ.

ඒ වගේම අපිත් එක්ක ඒ කාලෙත් මහේන්ද්‍ර අයියා වැඩ කළා කියන ඔහු කියන්නේ ඒ ඇසුර අපිට සෑහෙන්න වටිනවා කියලයි.

කොහොමත්ම නිකං නළුවෝ බිහිවෙන්නේ නැහැ කියන සුජීව ලස්සන පාට තිබුණාට, ඇඟපත තිබුණාට, කොන්ඩෙ ලස්සන වුණාට නළුවෙක් හැදෙන්නේ නැහැ කියලත් සදහන් කරනවා.

මේ අතර චරිතාංග නළුවෙක් වෙන්න නම් හොඳ පසුබිමක් තියෙන්න ඕනේ කියන ඔහු ඉන් අනතුරුව නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් අතරට එනවා. ඒ වගේම එමගින් ලැබුණු ජනප්‍රියත්වය ඔහුගේ මේ ගමනට හොඳ අත්තිවාරමක් වුන බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් සුජීව කියල කියන්නේ වයසට ගියත් හරිම කඩවසම් විදිහට ඉන්න චරිතයක්. මේවෙද්දී ඔහුගේ වයස අවුරුදු හතළිස් අටක් විතර වුණත් ඔහුට බොහොමයක් තරුණියන්ගේ ප්‍රතිචාරයන් වලින් නම් කිසිම අඩුවක් වෙලා නැහැ කියලයි අපට හිතෙන්නේ.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පියාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.