Online News

Gossip Lanka News Official

කාටත් හොර රහසේම යුගදිවියට පිවිසි සුරූපී රංගන ශිල්පිනිය සංජානා

අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් නවක පරපුරේ දක්ෂ කලා කාරිනියක් තමයි සංජානා ඔනලී කියල කියන්නේ.

ඇත්තෙන්ම මෑතකදී කලා ක්ෂේත්‍රයත් සමගින් සම්බන්ධවන ඇයට මේවෙද්දී මෙරට තරුණ පිරිස බොහෝ ලෙසින් ආදරය කරනවා. ඒ බව නොරහසක්.

කොහොම වෙතත් සංජානා කලා ක්ෂේත්‍රයට පිවිසෙන හැටි කතා කරනවානම් ඇය කලාවට පිවිසෙන්නේ අවුරුදු කුමරිය තේරීමේ තරගාවලියක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් කලින් කලට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පුවත් මවන ඇයව අපට සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය තරුණියක් ලෙස හදුන්වන්න පුළුවන්.

මේවෙද්දී සිය පියා සහ නැගණිය සමගින් දිවිගෙවන ඇය කලා කටයුතුත් සමගින් ගත කරන්නේ ඉතාමත් කාර්‍යබහුල ජීවිතයක්.

ඉතින් නිරන්තරයෙන් උණුසුම් පුවත් මවන ඇයට පහුගිය දවසක සිංගප්පූරු සංචාරයක් අතරතුරදී ඇගේ පෙම්වතා අපූරු විවාහ යෝජනාවක් අරගෙන එනවා.

ඇත්තෙන්ම එලෙස ඇයට ඇගේ පෙම්වතාගෙන් ලැබුණු ඒ විවාහ යෝජනාව ගැන මෙරට බොහෝදෙනෙකු කතා කරන්න පටන් ගත්තා.

ඒ වගේම මේ සුන්දර අවස්ථාවේදී ලබාගත් ජායාරූප පෙළකුත් අපට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. එපමණක් නොවෙයි එක්තරා රූපවාහිනී වැඩසටහනක් අතරතුරත් ඇගේ ආදරණීය පෙම්වතා ඇය පුදුමයට පත් කිරීමට එම ස්ථානයට ඇවිල්ල තිබුණා.

ඒ අවස්ථාව මෙරට බොහෝදෙනෙකු අතර ජනප්‍රිය වෙන්නත් පටන් ගත්තා. ඉතින් මේ විදිහට සංජානාට විවාහ යෝජනාවක් අරගෙන ආපු මේ කඩවසම් තරුණයා තමයි විහඟ.

කාලයක් පුරාවට පෙම්වතුන් ලෙස කටයුතු කළ මේ ආදරණීය යුවළ පහුගිය දිනක විවාහවෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ලබාගත් සුන්දර ජායාරූප පෙළකුත් ඔවුන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බෙදා හදාගෙන තිබුණා.

ඉතින් මේ විදිහට යුගදිවියට පිවිසි මේ ආදරණීය යුවළට අපි සුබ මංගල්‍යයක් ප්‍රාර්ථනා කරන අතරේම ඔවුන්ගේ අනාගත ජීවිතය සාර්ථක වේවා යැයි මුළු හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු. ඒ වගේම මේ සුන්දර අවස්ථාවේදී ලබාගත් ජායාරූප පෙළකුත් අපි අද මේ විදිහට අරගෙන එනවා.