Online News

Gossip Lanka News Official

“ඊට පස්සේ උසස් පෙළට කාලය වෙන් කරලා විශ්වවිද්‍යාල වරම් ලැබුවා”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය සමගින් කාලයෙන් කාලයට විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්වෙන අතර ඔවුන් අතරින් ඉතාමත් සුළු පිරිසක් තමයි ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් වෙන්නේ.

කොහොම වෙතත් මීට කලකට ඉහතදී කලාවත් සමගින් අත්වැල් බැදගෙන මේවෙද්දී සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙකු තමයි දිදුල ඉදුවර කියල කියන්නේ.

කෙසේ නමුත් මේ දිනවල පාර වසා ඇත ටෙලි නිර්මාණයේ බිංදු කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහු කලා ක්ෂේත්‍රය සමගින් එක්වෙන්නේ 2013 වසරේදී යි.

නමුත් බොහෝ කාලයක් අපට ඔහුව කලා ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම නිර්මාණ කිහිපයක් ඔස්සේ කාලයක් අපට ඔහුව දැකගන්නට ලැබුනත් මෑතක් වනතුරු ඔහුව ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබුණේ නැහැ.

ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියන්නේ මං පුංචි තිරයට එන්නේ 2013 දී කියලයි. ඒ වගේම අවුරුදු හතකට පස්සේ ශිවා මාමාගේ ආරාධනාවෙන් තමයි පාර වසා ඇත නාට්‍යයේ බිංදු විදිහට ප්‍රේක්ෂකයන් අතරට මම ආවේ කියන ඔහු කාලයක් තිස්සේ නිර්මාණ කරන්නැතුව ඉඳලා ආයේ රඟපාන්න එනවා කියන්නේ මට අලුත් අත්දැකීමක් කියලයි පවසන්නේ.

මේ අතර 2015 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය කරන්න මම පටන් ගත්තා කියලයි ඔහු කියන්නේ.

ඒ නිසා මං පොඩ්ඩක් කලා කටයුතු නැවැත්තුවා කියන ඔහු ඊට පස්සේ උසස් පෙළට කාලය වෙන් කරලා විශ්වවිද්‍යාල වරම් ලැබුවා කියලයි කියන්නේ. තවද දැනුත් අධ්‍යාපන කටයුතු කරන අතරතුරයි මේ හා සම්බන්ධ වුණේ කියලයි ඔහු පවසන්නේ.

මේ විදිහට කාලෙකට පසුව කලාවත් සමගින් සම්බන්ධවන ඔහු පවසන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් මෙතරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියල මම කිසිවිටෙකත් හිතුවේ නැහැ කියලයි.

කොහොම වෙතත් වසර හතකට පසුව කලා ලෝකයට පිවිසෙන ඔහුට රසිකයන් ඔහුව කොහොම බාර ගනීද කියල ඔහුට ලොකු බයක් තිබිලා තියෙනවා කියලයි.

නමුත් අන්තිමේදී ඔහුගේ කැපවීම සහ දක්ෂතාවය මත ඔහුට මේ චරිතය සාර්ථක කරගන්න හැකියාව ලැබිල තිබෙනවා. ඉතින් ඒ බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් මට වැටහෙනවා කියලත් ඔහු සදහන් කරනවා.

ඒ කොහොම වෙතත් දිදුල කියන්නේ පාසල් වේදිකාවේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගන ගමන ආරම්භ වෙන්නේ ඒ හරහා වන අතර 2011 වර්ෂයේ දී රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ටත් ඔහු සම්බන්ධ වෙලා තිබෙනවා.

ඉතින් ඒ වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ලබා ගන්නත් අවසානයේදී දිදුලට හැකියාව ලැබිල තිබෙනවා. ඇත්තෙන්ම මේ විදිහට නැවත වතාවක් කලා කටයුතුත් සමගින් සම්බන්ධ වීම ගැන ඔහුගේ රසිකයන් පසුවෙන්නේ ගොඩක් සතුටින්.

ඔහු නම් කියන්නේ ඔහුට ඉහළට යන්න ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් වටිනවා කියලයි. ඒ නිසාම ප්‍රේක්ෂකයන් ඔහුට ආදරය කරනවා ටත් වඩා ඔහු ප්‍රේක්ෂකයන්ට ආදරය කරනවා කියලත් ඔහු සදහන් කරනවා.

ඉතින් මේවෙද්දී සිය කලා කටයුතු වගේම ඉගෙනීම් කටයුතුත් සමබරව කරගෙන යන ඔහුට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.