Online News

Gossip Lanka News Official

“කොහේ හිටියත් එයා මට ගෙදරට බේබි කියලා කතා කරන්න ඕනේ, මම මේනකගේ හදවතට තමයි කැමති”

කලා ක්ෂේත්‍රය තුළ හැමදාමත් සිය ජනප්‍රියත්වය එකම ලෙසින් රදවාගෙන ඉන්න ආදරණීය යුවළක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ.

ඇත්තෙන්ම සැබෑ ජීවිතයේදී අඹු සැමියන් වන මේ යුවළ කොයි කාටත් ආදර්ශමත් ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ බව නොරහසක්.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගන්නා මේ යුවළ මේවෙද්දී කලා නිර්මාණ රැසක් ඔස්සේ අපට දැකගන්නට ලැබෙනවා.

ඉතින් ඒ විදිහට ජනප්‍රියත්වයට පත් ඔවුන්ට කලාව තුළින් ඉදිරියට යන්න නිරන්තරයෙන්ම වාසනාව ලැබුනා කිව්වොත් නිවැරැදියි.

මේ විදිහට කලා කටයුතුත් සමගින් කාර්‍යබහුල ජීවිතයක් ගත කරන මේ යුවළ කාලයක් විවේකීව සිටීමට තීරණය කරනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා කටයුතු කරන්නේ ටික කාලයක් සදහා විදෙස් ගතවීමටයි.

එලෙස විදෙස් ගතවන කාල සීමාව තුළදී මේනක තමන්ගේ අධ්‍යාපනික වැඩ වැඩකටයුතු සර්ව සම්පූර්ණ කළා කියලයි අපට දැනගන්නට ලැබුණේ.

ඉන් අනතුරුව මේ ආදරණීය යුවළ ටික කාලයකට පසුව නැවත ලංකාවට එනවා. ඒ අතරතුර කාලසීමාව තුළදී ඔවුන් දෙදෙනාට ආදරණීය දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාව හිමිවෙනවා.

ඉතින් ඒ සියලු දේවල් එක්ක පසුගිය කාලයේ නවතා දමා තිබුණු ඔවුන්ගේ කලා කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමටයි මේනක සහ නෙහාරා කටයුතු කරන්නේ.

කොහොම වෙතත් රංගන ශිල්පියෙකු ලෙස නැවත වරක් කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වෙන ඔහු පහුගිය කාල සීමාව තුළදී දක්ෂ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කළා.

ඉතින් මේනක විසින් අධ්‍යක්ෂණය කරපු ගුග්ලි ටෙලි නාට්‍යය මේවෙද්දී බොහෝදෙනෙකුගේ ආදරය මැද විකාශය කෙරෙනවා. ඒ වගේම මේ ටෙලි නාට්‍යයට මේනකගේ ආදරණීය බිරිඳ නෙහාරත් එකතුවෙලා තිබෙනවා.

මේ අතර නෙහාරා සහ මේනක කියල කියන්නේ හරිම ආදරණීය ලෙස ජීවත්වෙන යුවළක්. ඒ නිසාම දෙන්නට දෙන්නා කතාබහ කරන විදිහත් වෙනස්.

ඉතින් කොයි තරම් සෙනග හිටියත් මේනක නෙහාරා ට කතා කරන්න ඕනේ විදිහක් තියෙනවාලු. ඒ ගැන ප්‍රසිද්ධ වැඩසටහනක් අතරතුර නෙහාරා කිව්වේ මෙන්න මේ වගේ කතාවකුයි.

“මම මේනකගේ හදවතට තමයි කැමති. පෙනුමෙන් අපි හැමෝම වෙනස්. පෙනුමට නෙවෙයි මම හදවතට කැමති වුනේ. ඉතින් සෙට් එකේ කොහේ හිටියත් එයා මට වෙනදත් ගෙදරට කතා කරන විදිහට බේබි කියලා කතා කරන්න ඕනේ. නෙහාරා කිව්වට මං ප්‍රතිචාරයක් දක්වන්නෑ.

එක දවසක් පිට්ටනියෙදි නෙහාරා නෙහාරා කියලා මට කතා කරනවා. ඉතින් මං ඇහෙන්නේ නැති ගානට හිටියා. මොකද අනිත් අය දන්නෙ නෑනෙ මේ කතාව. මම ඉතිං ඇහෙන් නෑ වගේ අහක බලාගෙන ඉන්නවා”

ඒ විදිහට තමයි නෙහාරා මේනක සමගින් ගෙවන ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ. කොහොම වෙතත් මේ විදිහට ආදරණීය දිවියක් ගත කරන මේ යුවළට හැමදාමත් මේවගේම ආදරයෙන් කාලය ගත කරන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.