Online News

Gossip Lanka News Official

ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන කලා තරු වට කරගෙන මෞර්යා පුංචි දුවගේ උපන්දිනය සමරපු හැටි

වසර ගණනාවකට පෙරදී මෙරට කලා ක්ෂේත්‍රය සමගින් එක්වුනු කොයි කාගෙත් ආදරය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙකු තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ.

ඇත්තෙන්ම මේ ජනප්‍රිය රංගන ශිල්පියාට වගේම ඔහුගේ ආදරණීය බිරිඳ ශෂිනි සිරිවර්ධනටත් මෙරට බොහෝදෙනෙකු ආදරය කරනවා.

ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් පවුල් ජීවිතය වගේම කළා ජීවිතය ගත කරන යුවළක් ලෙස අපට ඔවුන්ව හදුන්වන්න පුළුවන්.

කෙසේවෙතත් පහුගිය දවසක උතුම් මව්පිය පදවිය ලැබීමට මේ යුවළ වාසනාවන්ත වෙලා තිබුණා. ඒ සිගිති දියණියක මෙලොවට බිහි කරමිනුයි.

ඉතින් පුංචි දෝණි මෞර්යා ගෙන් හැඩවුන මේ පුංචි පවුලේ රසබර පුවත් නිරන්තරයෙන් අපි ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති කියල අපි හිතනවා. කොහොම හරි ඉතින් මේ පුංචි දෝණි මෞර්යාට මේ වෙද්දී අවුරුදු දෙකක් සම්පුර්ණ වෙලා තිබෙනවා.

ඒ වෙනුවෙන් ධනංජයගේ පවුලේ සියලුදෙනාම එකතුවෙලා අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සංවිධානය කර තිබුණා.

කොහොමහරි ඉතින් මේවෙද්දී ඔවුන්ගේ මේ පුංචි දෝණිත් දැන් ගොඩක් දඟයිලු. ඒ වගේම මේ දියණියගේ බහ තෝරන කාලය කියන ධනංජය කියන්නේ මේවෙද්දී දුව එක එක වචන කියනවා කියලයි.

තවද දුවට හිතෙන දේවල් එයා වචනවලට හරවන්න උත්සාහ කරනවා කියලත් ඔහු පවසනවා. ඒ වගේම දුව ඉපදෙන්නත් කලින්මලු දුවට මෞර්යා කියන නම දැම්මේ කියලයි ඔහු කියන්නේ.

මේ විදිහට පහුගිය දවසක යෙදී තිබුණු පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උපන්දින සාදයට ඔවුන්ගේ නිවසේ හැමෝම වගේම කලා තරු රැසකුත් එකතුවෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළකුත් මේවෙද්දී සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ හුවමාරු වෙන්න පටන් අරගෙන තිබෙනවා.

අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන ඩාර්ක් රූම් ෆොටෝග්‍රැෆි ආයතනය විසින් තමයි මේ අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ.

ඉතින් මේ විදිහට සිය දෙවෙනි උපන්දිනය සමරන පුංචි මෞර්යා දෝනිට සුබම සුබ උපන්දිනයක් කියල සුභපැතුම් එකතු කරන අතරේම ධනංජයගේ පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.