Online News

Gossip Lanka News Official

“මම හිතුවෙ නෑ මිනිස්සු මම ගැන මොනව හිතයිද කියලා, මම ලංකාවේ ඉන්නකොට ජීවත් වුණේ හරි සැපෙන්”

ගීත නිර්මාණ රැසක් ඔස්සේ ලාංකීය තරුණ පරම්පරාව ආමන්ත්‍රණය කරමින් ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගත් දක්ෂ ගායකයෙකු තමයි ගයාන් පෙරේරා කියන්නේ.

මෙරට ප්‍රවීණ ගායකයෙකු වන සුනිල් පෙරේරා මහතාගේ පුත්‍රයා වන ඔහු සිය පියාගේ අඩිපාරේ යමින් මේවෙද්දී රටම හදුනන චරිතයක් බවට පත්ව තිබෙනවා.

කොහොම වෙතත් කලකට ඉහතදී අපි අතුරින් සමුගත් සුනිල් පෙරේරා මහතාගේ අඩුව පුරවන්නට මේවෙද්දී දක්ෂ ගායකයෙකු ලෙස කටයුතු කරන ගයාන් පෙරේරාට හැකියාව ලැබී තිබෙනවා.

ඉතින් සුනිල් පෙරේරා මහතාගේ අඩිපාරේ යමින් ගායකයෙකු ලෙස කටයුතු කරන ඔහු ගායනා කළ ගීත අතුරින් මගෙ මස්සිනා, බොරුකාරි, වරෙන් යන්න, නීල කදු ගැටේ වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ඉතින් කාලයක් විදෙස් ගතව සිටි ඔහු නැවත ලංකාවට එන්නේ නොසිතූ අයුරින්. ඒ ඔහුගේ ආදරණීය පියා සුනිල් පෙරේරාගේ හදීසී වියෝවත් සමගයි.

එලෙස නැවත ලංකාවට එන ඔහු තීරණය කරන්නේ දිගටම ලංකාවේ රැදී සිටීමටයි. කෙසේ නමුත් ඔහු නිර්මාණය කළ ඔහුගේ අලුත්ම ගීතය තමයි ‘හිතන තරම්’ කියන්නේ. ඇත්තෙන්ම මේ ගීතය මේවෙද්දී ඔහු සිය රසිකයන් වෙනුවෙන් මුදාහැර තිබෙනවා.

කෙසේවෙතත් කාලයක් විදෙස් ගතවෙලා හිටපු ඔහු එහිදී තමන් ලද අත්දැකීම් ගැන මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් කියල තිබුණා. ඉතින් එහිදී ඔහු කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” මම ලංකාවේ ඉන්නකොට ජීවත් වුණේ හරි සැපෙන්. හැමදේම මට ගෙදරින් කරල දුන්නා. ඒත් මම විදෙස් ගත වුණාම මම නිකම් අමුතු ලෝකෙකට ගියා වගේ.

රෙදි හෝද ගන්න එකේ ඉඳලා හැම දෙයක්ම මම තනියෙන් කරගන්න ඕන වුණා. කෑම උයා ගන්නේ, ඉන්න තැනට රෙන්ට් ගෙවන්න ඒ හැමදේම තනියම කරගන්න වුණා.

ඒක අමාරු වැඩක් තමයි නමුත් මම ඒ අත්දැකීමට ගොඩක් කැමතියි. අවුරුදු 5ක් විතර යනකොට මම ඒ වැඩ ටික හොඳට කරගත්තා.

මම එහෙ වේටර් කෙනෙක් විදිහට වැඩ කරන කොට ලංකාවේ කට්ටිය මගෙන් අහනවා ඔයාට පිස්සුද ලංකාවේ ඉන්න තාත්තාගේ නම කැත කරනවා කියලා.

මට ඉතින් ඒ එක්කෙනා ගානේ පැහැදිලි කරන්න බෑනේ මගේ අරමුණ ගැන. මම ඉතින් අවසානෙදි කියනවා ඔව් මට පිස්සු කියල. මම හිතුවෙ නෑ මිනිස්සු මම ගැන මොනව හිතයිද කියලා. එහෙම කලොත් මගේ අරමුණ ඉටු කරන්න බෑ.

මම කිව්වා මට පාර්ටි වලට ආරාධනා කරන්න එපා කියලා. නැත්නම් මිනිස්සු මගෙන් අහනවා මොකද්ද වීස එක. ඇයි ඔයා මෙහෙම ඉන්නෙ කියලා. අපේ තාත්තත් හිතුවෙ මම මේ තීරණෙ ගත්ත එක පිස්සු කියලා.”

ඒ විදිහට තමයි මේ යොවුන් ගායන ශිල්පියා මේ වැඩසටහන අතරතුර අදහස් දක්වලා තිබුණේ. ඒ කොහොම වෙතත් මේවෙනකොට රටම දන්න හදුනන චරිතයක් වන ඔහුට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.