Online News

Gossip Lanka News Official

“අපි බදිනකොට එයාට අවුරුදු 22යි, නවෝද්‍යා මට වඩා ගොඩක් බාලයි” සුමිරාන්

අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙසින් වගේම නිවේදකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් දක්ෂ කලාකරුවෙකු තමයි සුමිරාන් ගුණසේකර කියන්නේ.

ඇත්තෙන්ම මේවෙනකොට සිය ජනප්‍රියත්වය එක ලෙසින්ම පවත්වාගෙන යන කලාකරුවෙකු ලෙස අපට ඔහුව හදුන්වන්න පුළුවන්.

කොහොම වෙතත් පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට ‘නීල පබලු’ ටෙලිනාට්‍යයේ අභිමන්ගේ චරිතය ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.

ඒ විතරක් නොවෙයි සිරස වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ නිවේදකයෙකු ලෙසින් කටයුතු කළ ඔහුට මේ වැඩසටහන හරහා හරහා සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඇත්තෙන්ම සුමිරාන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙන්නේ ද මේ වැඩසටහනයි. ඉතින් ඒ හේතුව නිසාවෙන්ම මේ වැඩසටහනට ඔහු බොහෝ ලෙසින් ආදරය කරනවා.

කොහොම වෙතත් මේවෙද්දී විවාහවෙලා සුන්දර ජීවිතයක් ගත කරන ඔහු සෑම අවස්ථාවකදී සිය ආදරණීය බිරිඳ නවෝද්‍යා ගැන ගොඩක් ආදරණීයව තමයි මතක් කරන්නේ.

ඉතින් මේ දක්ෂ කලාකරුවා පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඔහු සිය ආදරණීය බිරිඳ නවෝද්‍යා ගැන අදහස් දක්වලා තිබුණේ මෙලෙසයි.

” නවෝද්‍යා මට වඩා ගොඩක් බාලයි. ඒ කියන්නේ අවුරුදු 9ක් බාලයි. අපි බදිනකොට එයාට අවුරුදු 22යි. මම විශ්වාස කරන්නේ මට මේ හැමදේම ලැබෙනේ මගේ වයිෆ් සහ පුතා නිසා කියලයි.

ඒ නිසා මම හැමදාම වොයිස් වේදිකාවට නගින්න කලින් වයිෆ්ටයි පුතාටයි වීඩියෝ කෝල් එකක් අරන් තමයි වේදිකාවට නගින්නේ. මගේ හැමදේටම ගොඩක් උදව් කරන කෙනෙක් තමයි එයා. ඉතින් මම ජීවිතේ ගොඩක්ම සතුටු වුණ දවස පුතා හම්බුනු දවසයි.”

එලෙස සිය ආදරණීය බිරිඳ ගැන අදහස් දක්වන ඔහු කලා ක්ෂේත්‍රය තුළ විනෝදයෙන් කාලය ගත කරන චරිතයක් ලෙස අපට හදුන්වන්න පුළුවන්.

කොහොම වෙතත් කලාව තුළ ඔහුගේ සහෘදයන් වෙන්නේ ජනිත් වික්‍රමගේ, මාධව විජේසිංහ, ටනාශා වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්.

ඉතින් මේවෙද්දී කලාව තුළ සුවිශේෂ වු ගමන් මගක යන ඔහුට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කරගන්නට වාසනාව ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.