Online News

Gossip Lanka News Official

“එදා මට තිබුණ හීනය හෙට කන්නේ කොහොමද කියන හීනය විතරමයි, සම්බෝලයි බතුයි වුණත් මගේ අවුරුදු දෙකහමාරේ දරුවට කන්න පුළුවන්”

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කා අතරත් ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණී කියලා කියන්නේ.

ඉතින් මේ ජනප්‍රිය චරිතය ගැන පහුගිය කාලයේ සමාජ ජාලා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබුණා. ඒ ඇය සිය රංගන දායකත්වය ලබාදුන්හු ස්ම ටෙලිනාට්‍යයේ ආන්දෝලනාත්මක චරිතය නිසාවෙනුයි.

කොහොම වෙතත් මේවෙනකොට සිය ආදරණීය සැමියා සහ පුංචි පුතුත් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ දිනවල වැඩි හරියක් කාලය ගත කරන්නේ පෝලීම්වල කියන ඇය ඊට අමතරව වැඩ ටිකකුත් කරනවා කියලයි කියන්නේ.

ඒ වගේම කිරීමට තිබෙන වැඩ කටයුතු කිහිපයක්ම රටේ පවතින තත්ත්වයත් එක්ක පස්සට ගියා කියන ඇය කලණ ගුණසේකර එක්ක කරපු පියාඹන්න ආයෙත් චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙනවා කියලයි පවසන්නේ.

ඊට අමතරව බාරගත්තු චිත්‍රපට දෙකක් රෑගත කිරීමට සූදානමින් ඉන්නවා කියන චමත්කා සිනමා නිර්මාණවලට දායක වෙන එක තමයි මගේ හීනය බවට පත්වුණේ කියලයි කියන්නේ.

තවද මෙච්චර දේවල් මම කළෙත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි කියන ඇය මුල් කාලයේදී මට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා කියලත් පවසනවා.

හැබැයි මම ඒවා බාරගත්තේ නැහැ කියන ඇය මගේ පළමු ටෙලි නිර්මාණ වන බ්ලැක් පූල් කියන නිර්මාණයට මම මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා කියලයි පවසන්නේ.

ඒ වගේම ඉදිරියට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේදී වෙනස් විදියේ හොඳ නිර්මාණ ආවොත් බාරගන්නවා කියන ඇය හැබැයි මෙගා නාට්‍ය නම් ඇය බාරගන්නේ නැහැ කියලයි කියන්නේ.

කොහොම වෙතත් පුංචි කාලේ මගේ හීනය බවට පත්වුණේ වෛද්‍යවරියක් වෙන එක කියන ඇය කියන්නේ හැබැයි ඒක ඉතින් ගොඩාක් දරුවන් දකින හීනයක් කියලයි.

ඒ වගේම මම පොඩි කාලේ දැක්කේ කලාවට යොමුවුණ පරිසරයක් කියල කියන ඇය මගේ ලොකු තාත්තා සහාය අධ්‍යක්ෂවරයෙක් කියලයි පවසන්නේ.

මේ අතර මගේ තාත්තත් කලාවට සම්බන්ධයි කියල කියන ඇය කියන්නේ ඒ පරිසරය මම නිරන්තරයෙන් දැක්කා කියලයි. තමන්ට තමන්වම සොයා ගැනීමේ නිදහස මට ඒ කාලේ ඉඳන්ම වුවමනා වෙලා තිබුණා කියන ඇය ඒ නිදහස මට මේ කලාව තුළින් ලැබුණා කියලයි කියන්නේ.

තවද මම පුංචි කාලේ ඉදන්ම ගෙදර එකම ළමයා කියන ඇය පවසන්නේ මගේ ඥාති සහෝදරයන් පවා හිටියේ අයියලා කියලයි. ඒ වගේම මම ගෙදරට හරි කීකරු දරුවෙක් කියල කියන ඇය හැබැයි එළියට ගියාට පස්සේ දඟයි කියලයි පවසන්නේ.

ඒ වගේම ඉස්කෝලේදී ඉගෙනීම හොඳ වගේම ගුටිකන කණ්ඩායමේත් හිටියා කියන චමත්කා කියන්නේ මම ක්‍රීඩා එහෙමත් කළා කියලයි.

තවද මම අම්මට හොඳ කීකරු දුවෙක් වගේම ගෙදර තනියම හැදුණ ගෑනු ළමයෙක් කියලත් ඇය පවසනවා. මේ අතර මගේ ළමා කාලය ඇත්තටම සුන්දර නැහැ කියන ඇය කියන්නේ මමයි අම්මයි ජීවිතේ ගොඩාක් දුක් විඳපු දෙන්නෙක් කියලයි.

එපමණක් නොවෙයි මාව මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩාක් දුක් වින්දා කියල කියන ඇය ඒ කාලේ අපිට ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබුණා කියලයි පවසන්නේ.

කොහොම වෙතත් මගේ තාත්තා අම්මගෙන් වෙන්වෙලා හිටියේ කියන ඇය මගේ අම්මා තරුණ ගෑනු කෙනෙක් විදිහට මාව හදාගන්න සෑහෙන්න කැප කිරීමක් කරපු කෙනෙක් කියලයි කියන්නේ.

ඉතින් දැන් තමයි මගේ අම්මා එයාගේ ජීවිතේ පොඩ්ඩක් හරි විඳින්නේ කියන ඇය දැන් මගේ අම්මා ඉන්නේ ඉතාලියේ කියලයි පවසන්නේ. මේ විදිහට අම්මා අද ජීවිතේ වින්දට එදා මම වෙනුවෙන් ඇගේ ජීවිතේ ගොඩාක් විඳවන්න ඇති කියලයි ඇය කියන්නේ.

එදා මට තිබුණ හීනය හෙට කන්නේ කොහොමද කියන හීනය විතරමයි කියන ඇය පවසන්නේ මගේ අම්මටයි, මටයි දෙන්නටම තිබුණේ එහෙම හීනයක් වගේම බලාපොරොත්තුවක් විතරයි කියලයි.

තවද කවදාවත් මට මෙහෙම වාහන අරගෙන, ගෙවල් අරගෙන ජීවිතයක් ගෙවන හීනයක් තිබුණේ නැහැ කියන ඇය මම තෝරාගන්න රස්සාවක් එක්ක මේ ක්ෂේත්‍රය කියන්නේ ගොඩාක් හම්බ කරලා පොදි ගහගෙන ඉන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි කියලයි කියන්නේ.

ඉතින් මට අද මේ ගෙවන ජීවිතය ලබන්න මගේ අම්මා වගේම මගේ සැමියාත් ගොඩාක් උදව් කළා කියන ඇය මගේ අම්මා ඒ කාලේ ඉතාලියේ හැමෝම කරනව වගේ ගෙවල්වල, හෝටල්වල වැඩකළා කියලයි පවසන්නේ.

තව ආච්චිලා බලාගත්තා කියන ඇය හැබැයි දැන් මගේ අම්මා ආයෙත් විවාහ වෙලා ඒ දෙන්නා ඉතාලියේ ඉතා හොඳ රස්සාවල් දෙකක් කරනවා කියලයි කියන්නේ.

ඒ වගේම ඇය දැන් විවාහ වෙලා ඉන්න ඇයගේ සැමියාගේ නම මිථිල මුහන්දිරම් කියන ඇය මේවෙනකොට ඔවුන්ට අවුරුදු දෙකහමාරක චූටි පුතෙකුත් ඉන්නවා කියලයි පවසන්නේ.

එයාගේ නම බිනෝල් අග්‍ර මුහන්දිරම් කියල කියන ඇය චූටි පුතාට පුංචි කාලේදීවත් ඇයගෙන්වත් යැපෙන්න ඕන නැති විදිහට එයාට හැදෙන්න නිදහස ලබා දීල තියෙන්නේ කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි මේ ලෝකය දැක්ක දවසේ ඉඳන් මගේ පුතා පුළුවන් තරමක් එයාගේ වයස මට්ටමටත් වඩා එයා තනියම එයාගේ වැඩ කරගන්න උත්සාහ කරන දරුවෙක් කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම අදටත් මම කවනවාට වඩා එයා තනියම එයාගේ බත් ටික කනවා කියන ඇය පොල් සම්බෝලයි බතුයි වුණත් මගේ අවුරුදු දෙකහමාරේ දරුවට කන්න පුළුවන් කියලයි කියන්නේ.

ඒ තත්ත්වයට තමයි මගේ දරුවව මම හදල තියෙන්නේ කියන ඇය මගේ ළමයාට කොළඹ හොඳ පාසලක් ලැබුණේ නැත්නම් ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න මට පුළුවන් කියලයි පවසන්නේ.

ඒ දරුවාට හොඳ පරිසයක් මම ගෙදර හදල තියෙන්නේ කියන ඇය අවසාන වශයෙන් කියන්නේ ඒ නිසා බොහෝම නිදහසේ දරුවව හදන්න ආසයි කියලයි.