Online News

Gossip Lanka News Official

” මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නැහැ, ඇය ආයේ ආවත් භාර ගන්නේ නැහැ” කළිඳු

නිවේදන ශිල්පියෙකු ලෙස මෙරට ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න කඩවසම් තරුණයෙකු තමයි කලිඳු කරුණාරත්න කියන්නේ.

ඇත්තෙන්ම ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසින් වගේම වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කරන ඔහු නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

කෙසේ නමුත් කළිඳුගේ ආදරවන්තිය බවට පත්වෙලා හිටියේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මනීෂා චංචලා කියන රංගන ශිල්පිනිය සමගයි.

ඇත්තෙන්ම ඔවුන්ගේ ආදර කතාව ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඉතින් මේ විදිහට රටම දැනගෙන හිටපු ඔවුන් දෙදෙනාගේ ආදර කතාව පහුගිය දවසක දෙදරා ගොස් තිබෙනවා.

ඇත්තෙන්ම ඒ ගැන සමාජ ජාලා මාධ්‍ය තුළත් විශාල කතාබහක් ඇතිව තිබුණා. ඒ කොහොම වෙතත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනතා ආදරයක් දිනාගෙන ඉන්න ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් සිය වර්තමාන ජීවිතය ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් පසුගිය මාස දෙක තුන කියන්නේ මගේ ජීවිතේ මම ගත කළ අසීරුම කාලය කියලයි ඔහු කියල තිබුණේ.

ඒ වගේම අප්‍රේල් මාසේ ඉදලා මේ වෙනකල් කාලය මම ගත කළේ වැඩත් එක්කමයි කියන ඔහු කියන්නේ යාළුවෝ එක්ක වැඩිපුර කාලය ගත කරමින් ඒ කාලය මඟ හැර ගත්තා කියලයි.

තවද දැන් සුපුරුදු පරිදි රැකියාවට මුල් තැන දෙමින් මේ දවස්වල කාලය ගත කරනවා කියන ඔහු පවසන්නේ පාසල් යන කාලේ පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බට මගේ ජීවිතේ තදින් බැඳගත් ප්‍රේමය වුනේ මනීෂා කියලයි.

ඉතින් 2019 වර්ෂයේ මැද භාගයේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ කියන කළිඳු කියන්නේ වසර තුනක ආදර කතාවට පසුගිය අප්‍රේල් මාසේ තිත තිබ්බා කියලයි.

හැබැයි ඒක වුනේ ඔහුගේ වුවමනාවට නෙමෙයි කියන ඔහු ඒ මනීෂාගේ වුවමනාවට කියලයි පවසන්නේ. එදත් අදත් හෙටත් මම ඇයට ගරු කරනවා කියන ඔහු ඒ නිසා ගෞරවනීය විදිහට කතා බහ කරලා අපි දෙන්නා වෙන් වුණා කියලයි පවසන්නේ.

ඒ වගේම විවාහ වෙන්න තරම් තදින් බැදුණු ප්‍රේමයක් එකපාරටම නැති වෙන්න හේතුවක් මම ඇගෙන් ඇහුවේ නැහැ කියන ඔහු පවසන්නේ ඇය හේතු කිව්වෙත් නැහැ කියලයි.

ඉතින් හේතුව හොයන්න ගියොත් මට හිත හදා ගන්න තවත් අමාරු නිසා මම ඇහුම්කන් දිලා ඒ වෙන්වීමට සමු දුන්නා කියලයි කියන්නේ. තවද අනපේක්ෂිත මොහොතක තමයි මේ සම්බන්ධය නතර කරමු කියල ඇය මට කතා කරලා කිව්වේ කියන ඔහු කියන්නේ ඇයට නිදහස ඕන ඇති කියලයි.

ඒ නිසා අමාරුවෙන් උනත් මම ඇයට යන්න ඉඩ දුන්නා කියන ඔහු කියන්නේ මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නැහැ කියලයි.

ඒ නිසාම මම කිසිම බාධා කිරිමක් කළෙත් නැහැ කියන ඔහු එක පාරක් විශ්වාසය බින්ද කෙනා නැවත වතාවක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි පවසන්නේ. ඒ වගේම මගේ විශ්වාසය දැන් බිඳිලා ඉවරයි කියන ඔහු ඇය ආයේ ආවත් භාර ගන්නේ නැහැ කියලයි කියන්නේ.

එයා ආයේ එයි කියලා මම හිතන්නෙත් නැහැ කියන ඔහු වෙන්න තිබ්බ දෙයක් වුණා කියලයි පවසන්නේ. ඒ වගේම මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කියන ඔහු පාසල් යන කාලේ ඉඳලම මට මාධ්‍යට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තිබ්බා කියලයි කියන්නේ.

මම ඒ හීනේ පස්සෙන්ම ගියා කියන කළිඳු මගේ කැමැත්තට අම්මා තාත්තා විරුද්ධ වුණෙත් නැහැ කියලයි කියන්නේ. ඉතින් ඒ වගේම දෙරණට සම්බන්ධ වෙලා දැන් අවුරුදු අටක් වෙනවා කියන ඔහු හිමින් මේ ගමන යනවා කියලයි පවසන්නේ.