Online News

Gossip Lanka News Official

“මට පලවෙනියටම ගෑණු ළමයෙකුට හිත ගියේ හත වසරේදී, මුලින්ම යලුවො වගේ හිටියා” සූර්යා දයාරුවන්

ගායකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙමින් මේවෙද්දී දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගත් දක්ෂ චරිතයක් තමයි සූර්යා දයාරුවන් කියන්නේ.

ඇත්තෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ඔහු තමන්ට හිමිවෙන සියලු චරිතවලට මනාව සාධාරණයක් ඉටු කරනවා. ඒ විතරක් නොවෙයි ගායකයෙකු ලෙස ඔහු ගායනා කළ මගේනේ ගීතය ලාංකිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට හිමිකර ගන්නවා.

ඒ වගේම ඔහු ගායනා කළ පිනි වැස්ස වැටුනට යන තේමා ගීතයත් මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. කොහොම වෙතත් මේ විදිහට ගීත නිර්මාණ රැසක් ඔස්සේ රසික ආකර්ෂණය හිමිකර ගන්නා ඔහු මේවෙද්දී ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.

රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන ඔහුගේ පළමු රංගන අත්දැකීම බවට පත්වෙන්නේ සමනල සංධවනිය නිර්මාණයේ පාසල් සිසුවෙකුගේ චරිතයයි.

ඒ විදිහට සිය රංගන ගමන ආරම්භ කරන ඔහු මේ දිනවල හිරු නාලිකාවේ විකාශය කෙරෙන ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන දිවිතුරා ටෙලි නාට්‍යයේ උදුල්’ කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙනවා.

කෙසේ නමුත් ඉතාමත් අහිංසක වගේම නිහතමානී චරිතයක් වන ඔහු ටෙලි නිර්මාණ තුළ වගේම ඔහුගේ පාසල් කාලයේදීත් කාටවත් කරදර නොකරමින් අහිංසකව ජීවත්වෙන කෙනෙක්.

ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඔහුගේ පාසල් ජීවිතය ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඔහු කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” ඉස්කෝලේ යනකාලේ ගුරුවරු මට ගොඩක් ආදරෙයි.මොකද මම හරිම අහිංසකයි. ඒ වගේම සංගීත වැඩ වලින් පාසලේ කැපී පෙනෙන චරිතයක් වුණා. ඉතින් විවිධ තරගවලින් මම ඉස්කෝලෙට කීර්ති නාමයක් ගෙනාවා.

අපේ තාත්තා මාව පොඩි කාලේ නලවලා තියෙන්නෙ වයලින් එක ගහලා. මට ඉස්කෝලේ යනකොට පලවෙනියටම ගෑණු ළමයෙකුට හිත ගියේ 7 වසරෙදි. එතකොට එයා පහ වසරෙ හිටියේ. අපි එකට ඉස්කෝලේ යන්නෙ එන්නේ.

මුලින්ම අපි හොද යාලුවො වුණා. එයා ගොඩක් දක්ෂයි. ශිෂ්‍යත්වෙත් හොදට පාස් වුණා. මුලින්ම යලුවො වගේ හිටියා පස්සෙ තිබුණෙ මොනවගේ හැගීමක්ද කියලා අදටවත් හිතා ගන්න බැහැ”

මේ විදිහට අදහස් දක්වන මේ නිහතමානි කලාකරුවාගේ ඉදිරි සංගීත කටයුතු වගේම රංගන කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.