Online News

Gossip Lanka News Official

“අවුරුද්දකට දෙකකට සැරයක් වුනත් කමක් නැහැ හොඳ වැඩක් ලැබුනොත් විතරක් කරනවා “

මේනකා මදුවන්ති කියල කියන්නේ කාලයක් අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සුන්දර රංගන ශිල්පිනියක්.

ඇත්තෙන්ම මීට වසර ගණනාවකට පෙරදී පුංචි තිරයේ වගේම සිනමාවේ නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඇයව මෑතකදී නම් අපට කලා ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

කොහොම වෙතත් මේ ජනප්‍රිය චරිතය මීට කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය කලාව තුළ තමන්ව දැකගන්නට නොලැබීම ගැන අදහස් දක්වලා කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” කලාවට සම්බන්ද වුනේ නැහැ කියලා මටනම් වැඩ අඩුවක් නැහැ. නිතරම වගේ වැඩ වලට ආරාධනා ලැබෙනවා. එක දිගට ඒකාකාරී චරිත ලැබුන නිසා අවුරුදු එකහමාරක් විතර වැඩක් නොකර ඉඳලා නැවතත් රඟපාන්න ආවා. ඊටපස්සේ නැවතත් ව්‍යාපාර එක්ක කාර්යබහුල වුන නිසා රංගනයට සම්බන්ද උනේ නැහැ.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් ව්‍යාපාරයක් කරගෙන යනවා. ලංකාව වගේ රටක රංගනය කියන දේ වෘත්තියක් වශයෙන් කරගෙන යන්න බැහැ.

අනික හැම තිස්සෙම රුපවාහිනියේ මුහුණ පෙන්නගෙන ඉන්න ඕනකමක් නැහැ. අවුරුද්දකට දෙකකට සැරයක් වුනත් කමක් නැහැ හොඳ වැඩක් ලැබුනොත් විතරක් කරනවා.”

මේ විදිහට අදහස් දක්වන ඇය කියන්නේ ජීවතේ ලැබුන කිසිම දෙයක් මට ඉකමනින් ලැබුනේ නැහැ කියලයි. තවද ඉවසීමෙන් හිටිය නිසා රංගනයේ වුනත් ඉස්සරහට යන්න හැකියාව ලැබුනා කියන ඇය ව්‍යාපාරයක් හෝ වෙනත් රැකියාවක් නොකර රඟපෑම පමණක් වෘත්තීය කරගන්න කැමැත්තක් නැහැ කියලයි පවසන්නේ. තවද ප්‍රසිද්ධ චරිත විදියට අපිට සාමාන්යෙන් කටකතා හැදෙනවා කියලයි ඇය කියන්නේ

ඒ වගේම ඒවානම් මට නුහුරු නුපුරුදු දේවල් නෙවෙයි කියන ඇය ගොසිප් වලට බය වෙලා හිටියා නම් මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙත් නැහැනේ කියලයි පවසන්නේ.

මේ අතර කොහොම හිටියත් කතා හදන කෙනා මොනවහරි කියනවා කියන ඇය කියන්නේ කියන්න දෙයක් නැත්නම් අදින පළදින විදියට හරි බනි, නවා කියලයි. තවද ගොසිප් හැදුවට කමක් නැහැ මිනිස්සුන්ගේ හොඳ පැත්ත ගැනත් ඒවායේ දාන්න කියලයි මේනකා කියන්නේ.

මේ අතර අපි ගැන මොනවාහරි ගොසිප් එකක් හදලා තව කෙනෙක් බඩ පුරවගන්නවනම් ඒකත් පිනක්නේ කියලා තව වෙලාවකට හිතෙනවා කියන ඇය පේන්න නොහිටියා කියලා ජනප්රියත්වයේත් අඩුවක් වෙලා නැහැනේ කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි අදටත් මාව දැක්කම අනේ මේනකා නේද කියලා ලඟට ඇවිත් ෆොටෝස් ගන්නවා කියන ඇය අක්ෂා තමයි මගේ හොඳම යාලුවා කියලයි කියන්නේ.

කොහොම වෙතත් එයා එක්ක පින්තුර දන්නේ නැති නිසා දැන් තරහා වෙලද කියල අහනවා කියන ඇය කියන්නේ අපේ පින්තුර සෝෂල් මිඩියා වල දන්නා ඕන නැහැ කියලා මමයි ආක්ශාට කිව්වේ කියලයි.

ඒ වගේම ෆොටෝ දැම්මත් නැතත් අපි දෙන්නගේ යාළුකම් එහෙමම තියනවා කියන ඇය අවසාන වශයෙන් පවසන්නේ අපිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අඩුවක් වෙලා නැහැ කියලයි.

මේ විදිහට අදහස් දක්වන ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට ඇයට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.