Online News

Gossip Lanka News Official

” දුක් විඳින්න බලාගෙනනම් හදිසි වෙලා තීරණ අරන් විවාහ වෙන්න එපා” BMW කෙල්ල සංජානා

මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන හිරු නාලිකාවේ මේ දිනවල විකාශය කෙරෙන ජනප්‍රිය ටෙලි නිර්මාණයක් තමයි දිවිතුරා කියන්නේ.

ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණය ඔස්සේ මේවෙද්දී නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට එන විශාල පිරිසකගේ ආදරය වගේම ආකර්ෂණය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් ගැන තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ.

ඇය තමයි ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ගමආරච්චී. ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණයේ දක්ෂ රංගනයක නිරතවන ඇය ස්වාධීන රූපවාහිනියේ ‘ජීවිතය ඇති තුරා’ ටෙලිනාට්‍යය ඔස්සේත් ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

කොහොම වෙතත් සංජානාව අපට නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් ලෙසත් අපට හදුන්වන්න පුළුවන්. ඇත්තෙන්ම ඇය ගැන කාලයෙන් කාලයට විවිධාකාර ගොසිප් නිර්මාණය වෙනවා.

ඒ කොහොම වෙතත් මීට දින කිහිපයකට ඉහතදී මේ ජනප්‍රිය චරිතය විවාහ ගිවිස ගැනීමටයි කටයුතු කර සිටියේ. ඇත්තෙන්ම ඒ ගැනත් මෙරට බොහෝදෙනෙකු කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ වගේම ඇය විවාහ ගිවිස ගන්නා අවස්ථාවේදී ලබාගත් ජායාරූප පෙළකුත් අපට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. ඇගේ මේ විවාහ ගිවිස ගැනීම ගැන කතා කරනවානම් ඇය විවාහවෙන්නේ විහග නීලමුණි කියන කඩවසම් තරුණයා සමගිනුයි.

ඉතින් කාලයක් හොදින් හදුනාගෙන පසුව ඔහු සමගින් ආදර සම්බන්ධයක් පටන් ගන්නා ඇය මේ විදිහට පහුගිය දවසක විවාහ ගිවිසගෙන තිබුණා.

කොහොම වෙතත් සංජානත් විහගත් මුලින්ම මුණ ගැහෙන්නේ විහගගේ මියුසික් වීඩියෝවකින්. මේ ගීතයට රංගන දායකත්වය ලබාදීල තිබෙන්නේ සංජානායි. එහිදී හිතවත් වෙන මේ දෙන්නා කාලයක් කතා බහ කරනවා.

ඒ විදිහට ආරම්භ කෙරුණු දෙදෙනාගේ මේ කතා බහ මේවෙද්දි විවාහයකින් කෙලවර වෙලා තිබෙනවා. කෙසේ නමුත් සංජානා නම් කියන්නේ තමන්ට සමාජයෙන් කොයිතරම් කතා හැදුනත් විහග ඇයගේ පිටුපසින්ම හිටියා කියලයි. අවුරුද්දක කාලයක් පෙම්වතුන් ලෙස හිටපු ඔවුන් සමාජ ජාලා මාධ්‍යයට කිසිම දෙයක් කියන්න ගියෙන් නැහැ.

කොහොම වෙතත් සංජානාගේ මේ විවාහ ගිවිස ගැනීම සිදුවෙන්නේ වෙනස්ම විදිහටයි. ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ආදරය ගැන ඇගේ අදහසක්ද කියා සිටියා. ඒ මෙලෙසයි.

” මමනම් දුක් විදින්න බලාගෙන විවාහ වෙන්න බලාපොරොත්තු වුණේ නෑ. නමුත් විවාහ වෙලා බිංදුවට වැටුනොත් දෙන්න එකතුවෙලා ලුණුයි බතුයි බැරිනම් වතුර හරි බීලා ඉන්නවා. නමුත් විවාහ වෙන්න කලින්නම් දුක් විදින්න බලාගෙන විවාහ වෙන්නෙ නෑ කියලයි මම හිතන් හිටියේ.

මම නංගිලා මල්ලිලාට කියන්නේ හැඟීම් වලට වහල් වෙලා, දෙමාපියන්ගේ හිත් රිදවලා ඔය පාසල් යන කාලේ ප්‍රේම සම්බන්ධතා ගොඩක් වෙලාවට වෙන්නේ නෑ. ඉතින් දුක් විඳින්න බලාගෙනනම් හදිසි වෙලා තීරණ අරන් විවාහ වෙන්න එපා බොරුවට දුක් විදින්න බලාගෙන.”

මේ විදිහට තමයි ඇය ඇගේ අදහස ඉදිරිපත් කර තිබුණේ. ඒ කොහොම වෙතත් මේවෙද්දී අලුත් ජීවිතයක් ආරම්භ කර තිබෙන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඒ සිතන ආකාරයෙන්ම ඉටු වෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.