Online News

Gossip Lanka News Official

“ජාතික ලොතරැයි මණ්ඩලයේ නිත්‍ය නිවේදිකාවක් විදිහට වසර 12ක් මම කටයුතු කරනවා”

මේ දිනවල ලාංකිකයන් හැමෝගෙම වගේ ආදරය හිමිකරගෙන ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අරුණි ශිවන්ති මෙන්ඩිස් කියන්නේ.

ඇත්තෙන්ම මීට වසර කිහිපයකට ඉහතදී අපේ කලා ක්ෂේත්‍රයත් සමගින් අත්වැල් බැදගන්නා ඇය සුදත් රෝහණයන් විසින් ඉදිරිපත් කරන මාණික්කාවත ටෙලි නිර්මාණයේ මදු හාමි කියන චරිතය හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

මේ විදිහට ඇය සිය රංගන දායකත්වය ලබාදෙන මේ මදු හාමි කියන චරිතයට මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිවෙනවා කියලයි අපට දැනගන්නට ලැබෙන්නේ.

කොහොම වෙතත් කාලයක් අපට අරුණිව පුංචි තිරය ඔස්සේ වැඩිය දැකගන්නට නොලැබුන අතර ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිදු අඩුවක් සිදුවෙලා නැහැ.

කෙසේ නමුත් තමන්ට හිමිවෙන ඕනෑම චරිතයකට මනාව සාධාරණයක් ඉටු කිරීමේ හැකියාවක් ඇති මේ රංගන ශිල්පිනියට ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යාමට ඇගේ පවුල් පසුබිම තුළින් ලැබුණේ ලොකු ධෛර්යයක්. ඉතින් ඒ ගැන සිහිපත් කරමින් ඇය කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“මම පුංචි කාලේ ඉඳලම හැදී වැඩුණේ මගේ තාත්තගෙ නැන්දයි එයාගේ මහත්තයා ළඟයි ඒ කියන්නේ නැන්දයි මාමයි ළඟ. මගේ පවුලේ අම්මයි තාත්තයි මගේ මල්ලි පුංචි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. මල්ලි ජීවතුන් අතර නැහැ තාත්තා තාමත් ජීවතුන් අතර නැහැ දැන් ඉතින් මගේ අම්මම්මා සහ අම්මයි නංගිලා දෙන්නයි ඉන්නේ.”

එලෙස අදහස් දක්වන ඇගේ පාසල් යන කාලේ ඉදලම මූලික අරමුණ වෙලා තිබෙන්නේ නර්තන ගුරුවරියක් වෙන එක තමයි. ඇත්තෙන්ම ඇය උසස් අධ්‍යාපන කටයුතු පවා තීරණය කරලා තිබුණේ ඒ අංශයෙන් කිරීමටයි.

නමුත් ඇයට උසස් පෙළ ඉවර වුනු ගමන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙලා තිබෙනවා. ඉතින් ඇගෙන් අද වෘත්තිය විදිහට ඇය මොන මොනවගේ දේවල්ද කරන්නේ කියලා අහපු වෙලාවේ ඇය කිව්වේ මෙහෙම කතාවකුයි.

“වෘත්තීයෙන් නිදහස් කලාකාරිනියක් කිව්වොත් හරි ජාතික ලොතරැයි මණ්ඩලයේ නිත්‍ය නිවේදිකාවක් විදිහට වසර 12ක් මම කටයුතු කරනවා. ඊට අමතරව නිදහස් නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා ඒ අතර තමයි නිදහස් රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්නේ”

කෙසේ නමුත් නිවේදිකාවක ලෙස වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කලා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඇයට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.