Online News

Gossip Lanka News Official

සුන්දර පෙනුමකට හිමිකම් කියන ටනාෂාගේ මව සිදුකළ උතුම් ක්‍රියාව

මේවෙනකොට ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියන් අතර ඉන්න කොයි කාගෙත් ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ටනාෂා සතරසිංහ කියන්නේ.

ඇත්තෙන්ම මේවෙද්දී ඇය මෙරට ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන අතර ඒ සියල්ල ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරණීය ලෙස වැළඳගෙන තිබෙනවා.

මේ විදිහට පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන ඇගේ මේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඇය සතුව තිබෙන පුදුමාකාර රංගන හැකියාවයි.

කොහොම වෙතත් සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ නිහතමානි රංගන ශිල්පිනිය ගැන කතා කරනවානම් සිරස ටීවී නාලිකාව ඔස්සෙ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍යයෙ කුරුලුගේ චරිතය හරහා මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

ඇත්ත වශයෙන්ම මේ කුරුලු කියන චරිතය ඔස්සේ චාම් යුවතියකගෙ භූමිකාවක් රගපාන ඇය සැබෑ ජීවිතයේදී නම් විලාසිතාවන්ට සිදු කරනවා කියලයි කියන්නේ.

කොහොම වෙතත් ටනාෂාට තව සහෝදරියන් තිදෙනෙකු සිටිනවා. පවුලේ වැඩිමහල් දියණිය බවට පත්වෙන්නේ ඇයයි. ඒ කොහොම වෙතත් දියණියන් සිව්දෙනෙකුගෙ මවක් වන ටනාෂාගෙ මවත් හරිම ලස්සන සුන්දර යුවතියක් වගෙයි තවමත් ඉන්නේ.

කෙසේ නමුත් පහුගිය දවසක ඔවුන්ගේ මව සිය දියණියන් සමගින් සිටින අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සෙ හුවමාරු වීමට පටන් ගත්තා.

එලෙස හුවමාරු වීමත් සමග මේ ජායාරූපය ගැන මෙරට බොහෝදෙනෙකු කතාබහ කරන්න පටන් ගත්තා. ඒ කොහොම වෙතත් ටනාෂාගේ මව බාහිර පෙනුමෙන් වගේම ඇතුලාන්තයෙන්ම ඉතාමත් සුන්දර මවක් කියන දේ පහුගිය දවසක හැමෝටම ඔප්පු කර තිබුණා.

ඇත්තෙන්ම පහුගිය දවසක ඇය විසින් උතුම් ක්‍රියාවක් සිදුකර තිබුණු අතර ඒ පිළිබඳ ඇය සිය සමාජ ජලා මාධ්‍යය ගිනුමේ පලකොට තිබුණා. ඉතින් එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“ආර්ථික අපහසුතා ඇති ලගදි විවාහ වීමට සිටින දියණියකට මගේ දියණියගේ ⁣මේ මංගල ඇදුම (ඔසරිය) නොමිලේ පරිත්‍යාග කරනවා අවශ්‍ය කෙනෙක් ඇතොත් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න”

මේ විදියට තමයි ඇය උතුම් මවක් වශයෙන් කවුරුත් අගය කරන ක්‍රියාවක් සිදුකර තිබුණේ. ඉතින් මේ විදිහට උතුම් ක්‍රියාවක් සිදුකළ ටනාෂාගේ මවට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.