Online News

Gossip Lanka News Official

“අම්මෝ මෙයා හරි නපුරුයි කතා කරන්නත් බයයි කියල එයාලා කියනවා මට කනට ඇහිලා තියෙනවා”

මීට වසර කිහිපයකට පෙරදී ලාංකීය කලා ක්ෂේත්‍රයත් සමගින් එක්ව මේවෙද්දී රටම හදුනන චරිතයක් බවට දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයෝමී තක්ෂිලා කියන්නේ.

කොහොම වෙතත් නයෝමී ගැන බොහෝදෙනෙකු කතා කරන්න පටන් ගන්නේ ඇය නීල පබළු ටෙලි නිර්මාණයේ පූජා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබාදීමත් සමගයි.

ඒ කොහොම වෙතත් පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ඇය සිය රංගන දායකත්වය ලබාදුන් රන්තිලි වැව ටෙලි නිර්මාණයේ මුතුමැණිකා කියන චරිතයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට ඇයට හැකියාව ලැබුණා. ඒ වගේම අඳුන් ගිර ටෙලි නාට්‍යය ඔස්සේද ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට ඇය වාසනාවන්ත වුණා.

කෙසේ නමුත් නිරන්තරයෙන් අභියෝගාත්මක චරිත බාර ගන්නා ඇය නීලපබලු ටෙලිනාට්‍යයේ පූජා කියන චරිතය ඔස්සේද රග පාන්නේ අභියෝගාත්මක චරිතයක් කිව්වොත් නිවැරැදියි.

ඇත්තෙන්ම ඒ චරිතය තුළින් ආදරේ හොයන නපුරු පෙම්වතියකගේ චරිතයක් තමයි නිරූපණය වෙන්නේ. නමුත් ඒ චරිතය ගැන අදහස් දක්වන නයෝමී නම් කියන්නේ පූජා අද සමාජයේ ඉන්න නියෝජනයක් කියලයි.

ඇත්තෙන්ම නීල පබළු කියන්නේ නයෝමිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරදියි. කෙසේවෙතත් නයෝමී මේ විදිහට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇයගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහටයි.

ඉතින් ඒ ආපු දුෂ්කර ගමන් මග ගැන සිහිපත් කරන ඇය කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“අනුරාධපුරයේ නෙල්ලිකුලම වගේ දුෂ්කර ගම්මානයක ඉපදුනු මම 2013 වසරේ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට ඇතුළත් වුණේ නාට්‍ය හා රංග රංග කලා උපාධිය හදාරලා ගුරුවරියක් වෙන්න.

මුල්ම අවුරුදු දෙක අපි ඩිප්ලෝමා එක කරන්න ඕනේ ආයෙ ඒ අවුරුදු දෙකේ කිසිම බාහිර දේකට යන්න බෑ. ඒක නීතියක් ඊට පස්සේ drama ඉස්කෝලෙක ඇතුළත තමයි මම වේදිකා නාට්‍යයත් එක්ක සම්බන්ධ වුණේ”

කොහොමහරි ඉතින් නයෝමිට මුලින්ම රඟපාන්න ලැබෙන්නේ අති දක්ෂ ශ්‍රේෂ්ඨ මහා නිළි රැජින මාලිනී ෆොන්සේකා සමගින්.

ඇත්තෙන්ම නවක රංගන ශිල්පිනියකට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ප්‍රවීණයන්ගේ අවවාද අනුශාසනා මැද ආව මේ ගමන් මග අතරතුර ඇයට 2015 වසරේ යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට නිර්දේශ වීම වගේම 2019 සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලෙසින් සම්මාන ලබන්නත් ඇය වාසනාවන්ත වෙනවා. ඒ කොහොම වෙතත් ඇය ඇගේ වර්තමාන ජීවිතය ගැන කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“පූජගෙන් මිදෙන්න බැරි තරමට මාත් පූජට බද්ධ බද්ධවෙලා මිනිස්සු මාව දකින්නෙ පූජා විදිහට. සමහර අවස්ථාවලදී මට කනට ඇහිලා තියෙනවා එයාලා කියනවා අම්මෝ මෙයා හරි නපුරුයි කතා කරන්නත් බයයි කියලා. ඒත් ඇත්තටම නපුරු කෙනෙක් නෙවෙයි”

එලෙස අදහස් දක්වන ඇය ඉදිරියට තමන්ගේ අධ්‍යාපන කටයුතුත් එක්ක සිය කලා කටයුතුත් සමබරව කරගෙන යන්නට සූදානමින් පසුවෙනවා.

ඉතින් ඇගේ ඒ සියලු බලාපොරොත්තු එයා කාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.