Online News

Gossip Lanka News Official

කලා තරු රැසක් සහභාගීව හිටපු චන්න උපුලි යුවළගේ ආදරණීය දියණිය අසේකා විජයවර්ධනගේ විවාහ මංගල්‍යය

ලාංකීය නර්තන කලාව අලුත්ම මාවතකට අරගෙන ගිය මෙරට බොහෝදෙනෙකුගේ ආදරය හිමිකර ගත් ජනප්‍රිය කලාකරුවෙකු තමයි චන්න විජේවර්ධන කියන්නේ.

ඔහුගේ ආදරණිය බිරිඳ තමයි උපුලි පණිභාරත කියන්නේ. ඇත්තෙන්ම නර්තන කලාව වෙනුවෙන් අපරිමිත සේවයක් කරපු චන්න උපුලි කියන මේ යුවළ ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

මේ යුවළ ආදරණීය දියණියකගේ දෙමාපියන් වෙනවා. ඔවුන්ගේ ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන. ඇත්තෙන්ම අසේකා කියන්නේ සිය මව්පියන් දෙදෙනාගෙන් උරුම වෙච්චි ඒ නර්තන කලාව අනාගත පරම්පරාව අතරට අරගෙන යන්න උත්සාහ දරන ඔවුන්ගේ පරපුරේ ඊළඟ පුරුකයි. ඉතින් මේ ජනප්‍රිය නර්තන ශිල්පිනිය අසේකා ගැන පහුගිය දවස්වල විශාල කතාබහක් ඇතිව තිබුණා.

ඒ අසේකාගේ ආදරණීය පෙම්වතා ජනක් ජයසූරිය විසින් සිදුකළ පුදුම හිතෙන විවාහ යෝජනාව නිසාවෙන් වන අතර ඒ විවාහ යෝජනාව වෙනුවෙන්ම ජනක් විසින් ගීතයක් පවා නිර්මාණය කරලා තිබුණා.

මේ විවාහ යෝජනාවත් සමගම මේ දෙන්නා ගැන මෙරට බොහෝදෙනෙකු හොයන්න පටන් ගත්තා. ඇත්තෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවෙන දිනය ගැන අසේකාගේ රසිකයන් ගොඩක් උනන්දුවෙන් කතා බහ කළා.

කොහොම වෙතත් අසේකා සහ ජනක් කියන මේ ආදරණීය යුවළගේ විවාහ මංගල උත්සවය පහුගිය දවසක සංවිධානය කර තිබුණා.

ඒ කොළඹ ෂැංගිලා හෝටල් පරිශ්‍රයේදි වන අතර ඊට ඔවුන්ට ආදරය කරන නෑදෑ හිතමිතුරන් රැසක් සහභාගි වෙලා සිටියා. තවද මේ ආදරණීය යුවළට මෙරට බොහෝදෙනෙකු සිය සුබ පැතුම් එකතු කරන්නත් අමතක කරේ නැහැ.

ඒ විතරක් නොවෙයි අසේකා ඉන්දියානු ක්‍රමයට විවාහ මංගල්‍යයට පෙර කහ ගෑමේ චාරිත්‍රය සිදුකළ අතර ඒ අවස්ථාවේදී ලබාගත් ලබාගත් ජායාරූප පෙළකුත් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන්න පටන් ගත්තා.

කෙසේවෙතත් මේ මංගල දිනයට අසේකා සහ ජනක් හරිම ලස්සනට සැරසිලා හිටියා. තවද ඔවුන්ගේ මේ විවාහ මංගල්‍යයේ දෙවෙනි මනමාලියන්ට සහ මනාලයන්ට ඔවුන් දෙදෙනා අරගෙන තිබුණේ ක්ෂේත්රයේ බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් කලාකරුවන් පිරිසක්.

ඉතින් මේ විදිහට පහුගිය දවසක යුගදිවියට පිවිසි මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුභපැතුම් එක් කරන අතරේම මේ සුන්දර කලාකාරිනිය ට සහ ඇයගේ ආදරණීය පෙම්වතාටත් ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා කියල හදවතින්ම සුභපැතුම් එක් කරන්නෙමු.