Online News

Gossip Lanka News Official

“අවංක කෙල්ලො නම් ලංකාවේ ඕනෙ තරම් ඇති, “මං හිතන්නේ ගොඩක් වෙලාවට මට මල් සරා විදින්නේ නැති වෙයි”

යූටියුබ් කලාව ඔස්සේ මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත් කොයි කාටත් අමතක නොවන යූටියුබ් සන්නාමයක් ගොඩ නගපු කණ්ඩායමක් තමයි වස්ති කියල කියන්නේ.

ඇත්තෙන්ම වස්ති කියල කිව්වොත් ඔවුන්ව නොහදුනන කෙනෙකු නැති තරම්. ඒ තරමට මේ වස්ති කණ්ඩායම යූටියුබ් මාධ්‍යය තුළ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් අනුශ්ක උදාන ඇතුළු මේ වස්ති කණ්ඩායමේ නව නිර්මාණයක් එනකල් ලංකාවේ මිනිසුන් බොහෝදෙනෙකු මග බලාගෙන ඉන්නවා.

අනුශ්ක උදාන කියන්නේ මේ වස්ති කියන සංකල්පය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්න මූලික වෙලා වැඩ කරපු කෙනා වන අතර පහුගිය කාලයේ ඔහුව වැඩි වශයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ මන්දාරම් කතාවේ ගීතයත් සමගයි.

ඉතින් ඒ නිසාම අද අපි හිතුවා මේ සොඳුරු කලාකරුවා ගැන කතා කරන්න. කොහොම වෙතත් පහුගිය කාලයේ මෙරට සංවිධානය කර තිබුණු අර,ගල භූමියටත් අනුෂ්ක ගිහින් තිබුණා.

ඇත්තෙන්ම ඔහුනම් කියන්නේ ෆොටෝ ගහන්න එතෙන්ට ගිහින් පෙනිලා එන සමහරක් දෙනා අතරේ ඔහු නං ඒ ගමන ගියේ හරිම අවංක හදවතින් කියලයි.

කෙසේවෙතත් ඉස්සර ෂෝ එකට ගියත් ශ්‍රී ලංකාව කියන නම කියන්නේ අපි ගොඩක් ආඩම්බරයෙන් කියන ඔහු ඔහු පවසන්නේ දැන් ශ්‍රී ලංකාව කිවුවහම සමහර අය කිණ්ඩියට පවා හිනාවෙන්න පටන් අරගෙන කියලයි.

තවද අනුෂ්ක කියන්නේ කවදාවත් දේශපාලනය වෙනුවෙන් කඩේ ගිය මනුස්සයෙක් නෙමෙයි වගේම ඔහුව කාටවත් එහෙම ලේසියෙන් කඩේ යවන්නත් බැරි කෙනෙක්.

මේ අතර ඔහු කියන්නේ ඔය විදිහට දේශපාලන පක්ෂයකට කඩේ ගියා නම් අද වෙද්දි මම කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරල කියලයි.

නමුත් හදවතට එකගව මම කිසිම දේශපාලන පක්ෂයකට සහයෝගය පළ කරලා නැහැ කියන ඔහු පවසන්නේ කොයි පක්ෂට කතිරේ ගහලා ආවත් මම අවුලක් දැක්කා කියලයි. ඉතින් ඒ නිසාම පහුගිය කාලයේ ඔහු ඒ දේවල් විහිළුවට අරගෙන නොයෙකුත් ආකාරයේ වීඩියෝ පට පවා මුදාහැරියා.

මේ විදිහට කලාව තුළ තමන්ගේම පිරිසක් සමගින් ඔවුන්ටම ආවේනික ගමනක් යන අනුෂ්කගේ ආදරය ගැන කතා කරනවානම් ඔහු කලින් පෙම්වතියකට ආදරේ කරලා තියෙනවා.

නමුත් ඔහුගේ ඒ පෙම්වතිය ඔහුටත් හොර රහසෙම වෙනත් අයෙකු ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා. ඉතින් ඒ හේතුව නිසාවෙන්ම ඔහු නැවත වතාවක් ආදරය ගැන හිතල නැහැ. කොහොම වෙතත් ආදරය ගැන කතා කරද්දී ඔහු කියන්නේ මෙහෙම කතාවක්.

“මං හිතන්නේ ගොඩක් වෙලාවට මට මල් සරා විදින්නේ නැති වෙයි. මොකද මට ටිකක් හැමදේම පේන්නේ අමුතු විදිහට ඒක හින්ද හරියන එකක් මුණගැහෙන්නේ නැති පාටයි.

මුණ ගැහුනත් මොකක් හරි අඩුවක් වෙනවා ඒ හින්දා තනිකඩ ජීවිතේ මරු කියලා හිතාගෙන ඉන්නවා. අවංක කෙල්ලො නම් ලංකාවේ ඕනෙ තරම් ඇති. ඒත් මට හරියන් නැත්නම් මම මොනව කියල කරන්නද ඇත්තටම මට තනිකඩ ජීවිතේ හොඳයි”

මේ විදිහට තමයි තනිකඩ දිවියක් ගත කරන ඔහු ආදරය ගැන අදහස් දක්වලා තිබුණේ. කොහොම නමුත් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඔහුට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.