Online News

Gossip Lanka News Official

“තාත්තා මගේ වීරයා, පුංචි කාලේ ඉඳලා හැම තිස්සෙම ඔහු මම ළඟින්ම ඉන්නවා” හෙක්ටර් ඩයස්ගේ ආදරණීය දියණිය ඩියෝනා

මේ දිනවල හිරු නාලිකාවේ විකාශය කෙරෙන දිවිතුරා ටෙලි නිර්මාණයේ අගස්තිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන කොයි කාගෙත් ආදරය හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු තමයි හෙක්ටර් ඩයස් කියන්නේ.

ඇත්තෙන්ම ජනප්‍රිය ගායකයෙකු ලෙස කලාවත් සමගින් අත්වැල් බැදගන්නා ඔහු මේවෙද්දී රංගන ශිල්පියෙකු ලෙසත් මෙරට ජනයා අතර ජනප්‍රිය වෙලා තිබෙනවා.

මේ අතර ඔහු ගායනා කළ නිල්වන් මුහුදු තීරයේ ගීතය මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වුණා කිව්වොත් නිවැරැදියි. කෙසේවෙතත් හෙක්ටර් වගේම ඇගේ දියණියත් ජාත්‍යන්තරය ජයගන්න සූදානම් වන පුවතක් අපට අහන්නට ලැබුණා.

ඉතින් මේවෙද්දී ප්‍රංශයේ ජීවත්වෙන ඇය පහුගිය දවසක නිවාඩුවකට ලංකාවට ඇවිල්ල තිබුණා. එලෙස ආපු ඇය පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුණේ මෙලෙසයි.

ඉතින් හෙක්ටර්ගේ ආදරණීය දියණියගේ නම තමයි ඩියෝනා මේරියන් ඩයස්. ඒ වගේම ඩියෝනා ඉපදිලා තියෙන්නේ ලංකාවේ.

හැබැයි වයස අවුරුදු හතරේදී ඇය ප්‍රංශයට ගිහිල්ල තිබෙනවා. එලෙස යන ඇය ප්‍රංශයේ පදිංචිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා.

ඒ විතරක් නොවෙයි මේවෙනකොට ඇය 11 වසරේ අධ්‍යාපනය හදාරනවා කියලයි ඇය කියන්නේ. තවද මම පුංචි කාලේ ඉඳලාම නිතරම තාත්තාගේ ප්‍රසංග බලන්න යනවා කියලයි ඇය කියන්නේ.

මේ අතර මමත් පුංචි කාලේ ඉඳලාම සින්දු කියන්න කැමතියි කියන ඇය පවසන්නේ ප්‍රංශයට ගියාට පස්සේ මම සංගීතය වැඩිදුර හැදෑරීමක් සිදුකරනවා කියලයි.

ඒ වගේම මම අවුරුදු හයේදී ඔපෙරා ගායනයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ කියන ඇය කියන්නේ මට ගිටාර් ගහන්න පුළුවන් කියලයි.

තවද මම ප්‍රංශයේ සංගීත තරගවලට ඉදිරිපත් වෙනවා කියන ඇය 2019 වසරේ පැවති තරගයකින් ජයග්‍රහණය කළා කියලයි පවසන්නේ.

ඒ විට්නි හුස්ටන්ගේ ගීතයක් ගායනා කරලා කියන ඇය ගිය අවුරුද්දේ ලංකාවේ නිවාඩුවට ආපු වෙලාවේ ද වොයිස් කිඩ්ස් ෆ්‍රාන්ස් වැඩසටහනට එකතුවෙන්න කැමතිද කියලා අහලා ප්‍රංශයේ ඉඳල දුරකථන ඇමතුමක් ආවා කියලයි කියන්නේ.

ඊට පස්සේ මම ඒ වැඩසටහනේ මූලික වට හතරකට සහභාගි වුණා කියන ඇය ඒ හතරම සමත් වෙලා බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙනුත් මට සමත් වෙන්න හැකියාව ලැබුනා කියලයි පවසන්නේ.

මේ අගෝස්තු මාසයේ ඉඳල මේ සියලුම වැඩසටහන් විකාශය වෙනවා කියන ඩියෝනා පවසන්නේ ද වොයිස් ෆ්‍රාන්ස් කිරුළ දිනාගන්න මට පුළුවන් කියලා මම හිතනවා කියලයි.

හැබැයි මගේ සිහිනය ජයග්‍රහණයම නෙමෙයි කියන ඇය මට ඕනෑ සංගීතයෙන් ඉදිරියට යන්න කියලයි කියන්නේ. ඒ වගේම මට තාත්තා ලොකු සහයෝගයක් ලබා දෙනවා කියන ඇය මට සියලුම භාෂාවලින් ගීත ගායනා කරන්න පුළුවන් කියලයි පවසන්නේ. හැබැයි මම වැඩිපුරම ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීත කියන ඇය මේක මගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම කියලයි කියන්නේ.

ඉතින් මේ වැඩසටහනේදී මම නියෝජනය කරන්නේ ලංකාව කියල කියන ඇය පවසන්නේ මුලින්ම ගායනා කළෙත් නිම්හිම් සෙව්වා කියන ගීතය කියලයි.

ඒ වගේම තාත්තා මගේ වීරයා කියන ඇය පුංචි කාලේ ඉඳලා හැම තිස්සෙම ඔහු මම ළඟින්ම ඉන්නවා කියලත් කියනවා. තවද මම නිවාඩුවට ලංකාවට ආවහම තාත්තාගෙ බෑන්ඩ් එකේ තාත්තා එක්ක සින්දු කියනවා කියන ඇය සැප්තැම්බර් මාසයේ නැවතත් ලංකාවෙන් යන්න අදහස් කරගෙන ඉන්නවා කියලයි කියන්නේ.