Online News

Gossip Lanka News Official

“අපේ තාත්තා අපිව දාලා ගියා, හැබැයි එයා හිටියනම් ගොඩක් සතුටුවෙයි මම අද ඉන්න තැන ගැන”

මෙරට ප්‍රේක්ෂකයන් අතර පහුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් කඩවසම් තරුණ රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනුශ කියන්නේ.

ඇත්තෙන්ම මීට දින කිහිපයකට පෙරදී විකාශය අවසන් කෙරුණු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ සුද්දා ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු විරාජ්ට හිමිවුනේ ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක්.

කොහොම වෙතත් ඒ ලෙවල් චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ඔහු මේවෙනකොට රටම හදුනන චරිතයක් බවට පත්ව තිබෙනවා කිව්වොත් නිවැරැදියි.

වසර කිහිපයකට ඉහතදී ඔහු ලබාගත් ඒ ප්‍රේක්ෂක ආදරයට වඩා ආදරයක් හිමිකර ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මේ කඩවසම් තරුණයා ගැන කතා කරනවානම් අනුරාධපුර විලච්චිය ගමේ ජීවත්වෙන විරාජ් පොඩි කාලේ ඉදලා නර්තනය හදාරනවා.

අනතුරුව විරාජ් ඉගෙන ගත්ත පාසල වන වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට චිත්‍රපටයකට තෝරාගන්න එනවා. ඊට ඉදිරිපත් වෙලා තමයි විරාජ් මේ විදිහට කලාවට එක්වෙන්නේ.

ඉතින් මේ විදිහට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වෙන ඔහු සිය රංගන දායකත්වය ලබාදෙන අතිශය ජනප්‍රියත්වයට පත් තවත් ටෙලි නිර්මාණයක් තමයි සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නිර්මාණය.

ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණය හරහාත් ඔහුට මේවෙද්දී ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. ඉතින් මේ ආපු ගමන් මගේ හැම සාර්ථකත්වයක් පිටිපස්සේම ඉන්නේ ඔහුගේ අම්මා කියලයි ඔහුනම් පවසන්නේ.

” අපේ අම්මට ඕන වුණේ මාව කලාවට සම්බන්ධ කරන්න. ඉතින් ඔඩිශන් එකෙන් මම තෝරගත්ත කියනකොට මට පුදුම සතුටක් ආවේ.

ඒක කෝල් කරලා කිව්වේ අම්මට. මොකද මම එතෙන්න දුන්නේ අම්මගේ ෆෝන් නම්බර් එක. මගේ සාර්ථකත්වය පිටිපස්සේ අම්මා ඉන්නවා අනිවාරෙන්.

අපේ තාත්තා අපිව දාලා ගියා. හැබැයි එයා හිටියනම් ගොඩක් සතුටුවෙයි මම අද ඉන්න තැන ගැන. මොකද අපේ තාත්තගේ ආදරෙ මට පේන්න තිබුණෙ නැති වුණාට මාව හරි තැනට ගෙනියන්නේ මගේ තාත්තා වෙන්න ඕන. තාත්තා තමයි මගේ වීරයා. ‘’

ඒ විදිහට අදහස් දක්වන ඔහු මේවෙද්දී වයස අවුරුදු විසි දෙකක කඩවසම් තරුණයෙක්. කෙසේ නමුත් මේ තරම් ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නට මම ලොකු වෙහෙසක් දරලා තියෙනවා කියලත් ඔහු සදහන් කරනවා.

තවද මගේ අවසාන අරමුණ හොද ගුණාත්මක නිර්මාණ හරහා මිනිසුන් අතරට යාම කියලයි ඔහු පවසන්නේ. ඉතින් ඔහුගේ මේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට වගේම කලාව තුළ දීර්ඝ ගමනක් යාමට ඔහුට හැකිවේවා කියල අපි ප්‍රාර්ථනා කරන්නෙමු.