Online News

Gossip Lanka News Official

චොක්ලට් මාරි ඇඩ් එකෙන් ප්‍රේක්ෂකයන් අතරට ආපු සඳනි පතිරණගේ සිය ආදරණීය පෙම්වතා සමගින් යුගදිවියට

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ කලකට ඉහතදී අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි සඳනි පතිරණගේ කියන්නේ.

කොහොම වෙතත් මීට වසර කිහිපයකට පෙරදී චොක්ලට් මාරි වෙළඳ දැන්වීමට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය බොහෝදෙනෙකු අතරේ කතාබහට ළක්වන චරිතයක් බවට පත්වුණා.

ඉතින් කුඩා කාලයේදීම කලාවත් සමගින් එක්වෙන ඇය වැඩිපුරම සිය රංගන දායකත්වය ලබා දෙන්නේ වෙළඳ දැන්වීම් වලටයි.

අනතුරුව කාලයක් ඇය ටෙලි නිර්මාණ සදහාත් සිය රංගන දායකත්වය ලබා දෙනවා. කොහොම වෙතත් එලෙස ඇය සිය රංගන දායකත්වය ලබාදුන් පළමු ටෙලි නිර්මාණය වෙන්නේ තරු කුමරි ටෙලි නිර්මාණයයි.

මේවෙනකොට රංගන කටයුතුවලින් ඉවත්වෙලා සිටීම නිසාවෙන්ම සඳනිව අපට මේ දිනවල රූපවාහිනීය ඔස්සේ දැකගන්නට ලැබෙන්නේ නැහැ.

ඉතින් ඇය ගැන කතා කරනවානම් ඇය විවෘත විශ්ව විද්‍යාලයේ ටීචිං පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරල තිබෙනවා. එහි වැඩකටයුතු නිසාවෙන්ම තමයි ඇය මේ විදිහට රංගනයෙන් ඉවත්වෙලා තියෙන්නේ.

මේවෙද්දී ගුරුවරියක ලෙස කටයුතු කරන ඇය කලාවට සම්බන්ධ වුනොත් ඒ හැමදෙයක්ම අවුල් වේවි කියන දේ සහ නිදහසක් නැතිවෙන නිසා මේ විදිහට කලා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා කියලයි අපට දැනගන්නට ලැබෙන්නේ.

කෙසේවෙතත් කාලයක් පෙම්වතියක වෙලා හිටපු ඇය සිය පෙම්වතා වෙලා හිටපු තරුණයාත් සමගින් විවාහ ගිවිසගෙන තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ විදිහට විවාහ ගිවිස ගත් ඔවුන් ඒ දවස කවදාවත් අමතක නොවන දවසක් කර ගන්න ප්‍රේමනීය ෆොටෝශූට් එකක් කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා.

ඇත්තෙන්ම ඒ පිළිබඳ අපි පහුගිය දවසක ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතකයේ ඇති. ඒ කොහොම වෙතත් එලෙස පහුගිය දවසක ආදරණීය ෆොටෝශූට් එකක් කළ ඇය අද දිනයේදී ඇයගේ ආදරණීය පෙම්වතා වන තුෂාන් සමඟින් සුබ නැකතින් විවාහ වෙලා තිබුණා.

ඒ විදිහට යුගදිවියට පිවිසි ඇය ඇගේ විවාහ උත්සවය අරගෙන තිබුණේ මොනක් ඉම්ප්‍රිරියල් හෝටලයේදී යි. ඉතින් මේ ආදරණීය අවස්ථාවට සඳනි සම්ප්‍රදායික උඩරට මනාලියක්ව සැරසිලා තිබුණා.

කොහොම වෙතත් මේ විදිහට අද දිනයේ සුබ මොහොතින් විවාහ වුනු මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන අතරේම ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරන්නෙමු.