Online News

Gossip Lanka News Official

මගේ දරුවන් ඉල්ලන දේවල් දෙන්න මට බැරිවෙනකොට ඇයි මම මේ විෂය තෝර ගත්තේ කියන හැඟීම එනවා” රොෂාන් රවීන්ද්‍ර

සාම්ප්‍රදායික කලාවකින් ඔබ්බට ගියපු චරිත ඔස්සේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට ආපු සම්මානනීය වගේම නිහතමානී රංගන ශිල්පියෙකු තමයි රොෂාන් රවීන්ද්‍ර කියල කියන්නේ.

කොහොම වෙතත් මෙරට කලාව වෙනුවෙන් සුවිශේෂ කාර්‍යබාර්‍යයක් ඉටුකරන ඔහු විටෙක රංගන ශිල්පියෙකු ලෙස වගේම තවත් අවස්ථාවකදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරනු ලබනවා.

කෙසේවෙතත් ආදරණීය වස්සානය චිත්‍රපටයේ පෙම්වතාගේ විදිහට කසුන් කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආ රොෂාන් සිය රංගන දායකත්වය ලබාදුන් ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ලෙස සහෝදරයා, උතුවන් කන්දේ සූර සරදියෙල්, වීරයා ගෙදර ඇවිත් වැනි ටෙලි නිර්මාණ හදුන්වන්න පුළුවන්.

ඇත්තෙන්ම රොෂාන් කියල කියන්නේ අපට නිරන්තරයෙන් පුවත්පත් ලිපි වලට කතා කරන්න ලොකු කැමැත්තක් දක්වන කෙනෙක් නෙවෙයි.

ඒ හේතුව නිසාවෙන්ම ඔහු ගැන බොහෝදුරට පුවත්පත්වල ලිපි පළවෙනවා අපි දැකලා නැහැ. ඇත්තෙන්ම ඔහු කියන්නේ එහෙම කළොත් ගොඩක් අය අපි දුක මාකට් කරන්න හදනවා කියල හිතනවා කියලයි.

කෙසේවෙතත් කලාකරුවෙක් විදිහට ඔහු අද වන විටත් ආර්ථික අතින් වත් පොහොසත්කම් ඇති කෙනෙක් නම් නොවෙයි. ඉතින් ඔහු ඔහුගේ අද තත්වය ගැන කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“වසංගත කාලසීමාවේ ඉදන්ම කලාකරුවන් හොඳ තැනක නෙවෙයි හිටියේ. ඊට පස්සේ රටේ පැමිණි ආර්ථික අර්බුදයත් එක්ක කර කියාගන්න දෙයක් නැතුව කබලෙන් ලිපට වැටුනා වගේ වුනා.

කෙටියෙන් කිව්වොත් අපි එදිනෙදා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටිය අය නොවන නිසා පහුගිය අවුරුදු දෙකේම හරියට වැඩක් කරන්න ලැබුණේ නැහැ.

ජීවත් වෙන්න ඕනේ නිසා මම අලුත් ටෙලි නාට්‍යයක රඟපාන්න සම්බන්ධ වුණා එකේ කොටස් කිහිපයක් විතරයි තවම රූගත කළේ. මම මගේ අලුත් නාට්‍යයටත් සූදානම් වෙමින් ඉන්නවා නිෂ්පාදකවරු සොයා ගන්නත් අපහසුයි මේ දවස් වල”

ඒ ආකාරයට අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ මේ තියෙන තත්වෙත් එක්ක දරු පවුල නඩත්තු කරන්න ඕනි නිසා ඔහුට විදෙස් ගතවෙන්න ඕනේ කියන තැනට ඔලුව හැදිලා තිබුණු බවයි.

ඇත්තෙන්ම රොෂාන් කියන්නේ කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම ජීවිතය අවසන් වෙන තුරුම ඒ විදිහට දේශපාලනයට එන්නේ නෑ කියලත් ඔහු සඳහන් කරනවා.

ඊට හේතුව හැටියට ඔහු කියන්නේ දේශපාලනය මුල් කරගත්තු කලාකරුවන් බොහොමයක් දෙනා අද වෙද්දී පරිහානියට ලක් වෙලා තිබෙනවා කියලයි.

ඉතින් ඒ දේවල් එක්ක බලද්දි රොෂාන් රවීන්ද්‍ර කියල කියන්නේ කවදාවත් පටු අරමුණු වෙනුවෙන් කලාව කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම විය යුතුයි ඔහුට කලාවෙන් සල්ලි පොදි ගහගන්න හම්බ කරගන්න අපහසු වෙන්න ඇත්තේ.

කොහොම වෙතත් වර්තමානය වෙද්දි රොෂාන් කලාව ගැන කතා කරන්නේ ටිකක් කලකිරුණු ස්වභාවයෙන්. ඉතින් ඒ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“මම දැන් අවුරුදු 10ක් තිස්සේ හොඳම නළුවාට එක්කෝ නිර්දේශ වෙනවා නැත්නම් සම්මානය හිමිකර ගන්නවා.ඒත් ආර්ථික මේ පැත්තෙන් අපි බොහොම හීනි තැනක ඉන්නේ. මගේ දරුවන් ඉල්ලන දේවල් දෙන්න මට බැරිවෙනකොට ඇයි මම මේ විෂය තෝර ගත්තේ කියන හැඟීම එනවා.

ඒක තමයි මම කියන්නේ අපිට තිබ්බ හීන හැබෑ කරගන්න කොට ආර්ථික වශයෙන් අපි ඉන්න තැන අපේ වැරැද්දක් නෙවෙයි මේ රටේ වැරැද්දක් කියලා.

ඉතිං මං කියන්නේ අවුරුදු විස්සක් විසිපහක් මම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කරලා මොනවද දරුවන්ට ඉතිරි කරලා තියෙන්නෙ කියලා හැබැයි ඊළඟ 25 ත් මම මේ වෙනුවෙන් කැප වුණොත් දරුවන් මට මොනවද නොකියන්නෙ”

මේ විදිහට තමයි මේ ජනප්‍රිය රංගන ශිල්පියා ඔහුගේ ආර්ථික තත්ත්වය ගැන වගේම කලාව ගැන සතිඅන්ත පුවත්පතකට අදහස් ඉදිරිපත් කර තිබුණේ.

කොහොම වෙතත් මේවෙද්දී සිය ආදරණීය බිරිඳ සහ දරුවන් සමගින් සුන්දර ජීවිතයක් ගත කරන මේ ජනප්‍රිය රංගන ශිල්පියාට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.