Online News

Gossip Lanka News Official

“ඒ හැගීම මාරම ආදරණීය හැගීමක්, මම කැමැත්තෙන් හිටියේ කොහොමත් දුවලට” දසුන්

මෙරට පුංචි තිරය තුළ මේ දිනවල ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණ අතර තිබෙන කොයි කාගෙත් ආදරය හිමිකර ගත් ටෙලි නිර්මාණයක් තමයි ‘මැස්සා’ කියල කියන්නේ.

ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන සුවිශේෂ රංගන ශිල්පියෙකු තමයි දසුන් පතිරණ කියන්නේ. ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඔහු වැඩ තෝරා බේරගෙන කරගෙන යන නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න අකමැති චරිතයක් හැටියටත් අපට හදුන්වන්න පුළුවන්.

මේවෙද්දී ටෙලි නිර්මාණ තුළින් වගේම සිනමා නිර්මාණ ඔස්සේද ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහු රංගනය වෘත්තීය විදිහට කරගෙන යන අතර රංගනය හැර වෙන කිසි රැකියාවක් දසුන් කරල නැහැ.

කොහොම වෙතත් මේවෙනකොට මෙරට බොහෝදෙනෙකුට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීල තිබෙන අතර දසුන්ටත් ආආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා.

ඇත්තෙන්ම ඔහුට බිරිදගේ රැකියාවත් එක්ක එය පහසු වෙලා තිබෙනවා. මේ අතර දසුන් කියන්නේ දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්.

ඉතින් ආදරණීය දරු සෙනෙහස ගැන දසුන් එක්තරා පුවත් පතකට අදහස් දක්වමින් කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” දැන් කවුරුහරි මගෙන් ඇහුවොත් ජීවිතේ අංක එක මොනවද කියලා මම අනිවාරෙන් කියන්නේ මගේ දුවලා දෙන්න කියලා. මට දැන් මොන වැඩේ තිබුණත් එයාලා දෙන්නා නොදැක ඉන්න බෑ. ලොකු දුවට අවුරුදු හතර හමාරයි. පොඩි දුවට අවුරුදු තුන හමාරයි.

දරු සෙනෙහස කියන දේ හැම කෙනෙකුටම ලැබෙන්න ඕන. ඒ හැගීම මාරම ආදරණීය හැගීමක්. මම කැමැත්තෙන් හිටියෙ කොහොමත් දුවලට. ඉතින් මට දැන් දුවලා දෙන්නෙක්ම ඉන්නවා. මම කොහෙ ගියත් ඉක්මනට ගෙදර එන්නේ එයාල දෙන්න බලන්න.’’

මේ විදිහට අදහස් දක්වන ඔහු අපට කලා නිර්මාණ තුළින් නිරන්තරයෙන් දැකගන්නට නොලැබුනත් ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාරනම් අඩුවක් නැතිව ලැබෙනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු වන දසුන් කියන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර නැත්නම් ක්ශේෂ්ත්‍රයේ ඉදලා වැඩක් නැහැ කියලයි.

ඉතින් මේවෙද්දී ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රයේ සුවිශේෂ ගමනක් යන ඔහුට ඔහුගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.