Online News

Gossip Lanka News Official

“මගේ නර්තන දක්ෂතා දැකලා පුංචි කාලේදී මට හොඳට නටන්න පුලුවන් කියලා හැමෝම කිව්වා”

මේවෙනකොට මෙරට ඉහළ පෙළේ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගෙන තිබෙන ටෙලි නිර්මාණ කිහිපයක් තමයි නීල පබළු, රැල්ල වෙරළට ආදරෙයි සහ මහවිරු පණ්ඬු කියල කියන්නේ.

ඉතින් මේ ටෙලි නිර්මාණ සියල්ලටම සිය රංගන දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුන්දර රංගන ශිල්පිනියක් ගැන තමයි අද අපි මේ විදිහට කතා කරන්න හිතුවේ.

ඇයට මේවෙද්දී හැමෝම වගේ ආදරයට කියන්නේ යෙනුකි කියල. කොහොම වෙතත් විශේෂම කාරණය වෙන්නේ ඇයට තවමත් වයස 17ක් වගේ වෙන්නේ.

ඉතින් ළමා වයසේදීම ප්‍රධාන චරිතත් රඟපෑමට තරම් වාසනාවන්ත වෙන ඇය පහුගිය දවසක පුවත්පතකට ඇගේ අලුත්ම තොරතුරු ගැන අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මාව නිලියක් කරන්න තාත්තට ලොකු හීනයක් තිබුනා කියන ඇය කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 සහ ලිට්ල් ස්ටාර් සීසන් 5 තරඟාවලි දෙකෙන්ම අවසාන පස්දෙනාගේ වටයට මම ආවා කියලයි.

තවද මට මුලින්ම ආරාධනා ලැබුනේ සන්ලයිට් වෙළඳ දැන්වීමේ රඟපාන්න කියල කියන ඇය පුංචි සත්සර, සමනල සිරස, පුංචි කුස්සිය වගේ ළමා වැඩසටහන් වලත් මම හිටියා කියලයි පවසන්නේ.

ඒ වගේම හිරු සුපර් ඩාන්සර් තරගාවලියටත් සහභාගි වෙලා වෙලා එම තරඟයේ අවසන් 10දෙනා අතරටත් මම ආවා කියන ඇය මගේ පළමු ටෙලිනාට්‍ය තමයි සිද්ධාර්ථ ගෞතම කියලයි පවසන්නේ.

මේ අතර රංගනය කරන ගමන්ම නර්තනයත් කරගෙන යනවා කියන ඇය කියන්නේ දැනට අධ්‍යාපනයත් හදාරන නිසා දෙපැත්තම සමබරව තමයි කරන්නේ කියලයි.

කොහොමහරි ඉතින් පාසල් මට්ටමේ තරග රැසකින්ම මම ජයග්‍රහණත් ලබාගෙන තියනවා කියන ඇය පවසන්නේ ඇත්තටම කිව්වොත් මගේ පවුලේ ඉන්න අහිසකම ළමයා මම කියලයි.

ඒ වගේම මට අම්මයි, අයියයි, නංගිලා දෙන්නයි ඉන්නේ කියන ඇය කියන්නේ මගේ නර්තන දක්ෂතා දැකලා පුංචි කාලේදී මට හොඳට නටන්න පුලුවන් කියලා හැමෝම කිව්වා කියලයි.

ඒ විතරක් නොවෙයි අම්මලත් මාව නර්තනය පැත්තට උනන්දු කළා කියන ඇය එහෙම ඉන්න ගමන් තමයි රඟපාන්න අවස්තාවක් ලැබෙන්නේ කියලයි පවසන්නේ.

ඊට අමතරව මම මාෂල් ආර්ට් එහෙමත් කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. තවද දවසක් කොල්ලෙක් වදයක් වෙලා පස්සෙන්ම එන්න ගත්තා කියන ඇය මගේ යාලුවෙක්ටත් වදයක් වෙලා හිටියේ, අගේ හප්පිගෙන යනවා එයා කියලයි ඇය පවසන්නේ.

ඒ කොල්ලා මගේ ඇගටත් හැප්පෙන්න වගේ ආවා කියන ඇය කියන්නේ එයාට ඉතින් මම හොදටම ගැහු, වා කියලයි. මට කරාටි පුලුවන් එදායින් පස්සේ මගෙත් එක්ක කතාකරන්නවත් එන්නේ නැහැ කියන ඇය වෙන කොල්ලොත් මගෙන් කැමැත්ත අහන්න එන්නේ නෑ බයයි කියලයි පවසන්නේ.

ඒ වගේම මගේ අනාගත බලාපොරොත්තුව රංගනයෙන් සහ නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න කියන ඇය අධ්‍යාපනයත් අත්හරින්නේ නැතුව හොඳින් කරගෙන යන්න ඕනේ කියලයි කියන්නේ.

මේ විදිහට අදහස් දක්වන ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ඇයට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.