Online News

Gossip Lanka News Official

“මම සල්ලී දීලා ගත්ත නිසා මට තරහා ගිහින් කැමරා තියෙනවා ද කියලා බලන්නේ නැතුවම තේ එක බිමට හැලුවා”

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ලෙසින් ජනප්‍රියත්වයට පත් දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නේ

. කොහොම වෙතත් රංගනයට මෙන්ම නර්තනයටත් උපන් හපන්කම් දක්වන නිරෝෂා කාටත් ආදර්ශයක් සපයමින් කළා ජීවිතයයි පවුල් ජීවිතයයි සමබරව වගේම සාර්ථකව පවත්වාගෙන යනවා. ඒ බව නොරහසක්.

කෙසේවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඇය ඇගේ අලුත්ම තොරතුරු කතාබහ කරමින් කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි. ඉතින් මේ දිනවල බොනිකර තරු, දෙකඩ කඩ විකාශය වෙනවා කියන ඇය කියන්නේ මේ දිනවල කෝලම් කුට්ටම ටෙලි නාට්‍යටත් මම රංගන දායකත්වය ලබා දෙනවා කියලයි.

ඊට අමතරව අලුත් නාට්‍ය දෙක තුනකට මම සම්බන්ධ වුණා කියන ඇය කියන්නේ වැඩිපුර කාලයක් යොදවන්නේ දැන් ටෙලි නාට්‍යවලට කියලයි.

තවද ආර්ථිකය සාර්ථක කර ගන්න අද අපේ රටේ තියෙන ප්‍රශ්න එක්ක එහෙම කරන්න සිදු වෙලා තියෙනවා කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම අම්මා කෙනෙක් දරුවන් ළඟ ඉන්න ඕන වයසකයි මගේ දුව ඉන්නේ කියන ඇය කියන්නේ නමුත් රංගන කටයුතු නතර කරන්න බැහැ කියලයි.

ඒ නිසා මගේ අම්මා වගේ මගේ සැමියාගේ අම්මා දුවව බලා ගන්නවා කියන ඇය මගේ බබාගේ නම ඕජී ඖරංජනා කියලයි පවසන්නේ.

මේ අතර දැන් දුවට වයස අවුරුදු තුන සම්පුර්ණ වුණා විතරයි කියන ඇය කියන්නේ ඉස්සර නම් මම කොහේ හරි යද්දී දුව අඬනවා කියලයි.

හැබැයි දැන් අම්මා ඉක්මනින් එන්න කියනවා කියන ඇය මගේ සැමියා අසේල කියන්නේ රංගන ජීවිතයට උපරිමයෙන් නිදහස දුන්නු කෙනෙක් කියලයි පවසන්නේ.

මේ අතර එයා නිසා තමයි මම රඟපාන්න කළා ක්ෂේත්‍රයට එන්නෙත් කියන ඇය එක දවසක් ප්‍රසංගයකට සම්බන්ධ වෙලා ගෙදර එද්දී ඇය රෑ කඩේකට ගියා තේ බොන්න කියලයි පවසන්නේ.

ඉතින් ඒ වෙලාවේ මම ඇනවුම් කරේ කිරි කෝපී එකක් සීනී නැතුව කියන ඇය හැබැයි ඒ වුණාට මට දුන්නේ සීනී දාලා කිරි කෝපී එකක් කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි මම ඒක දීලා මම ඉල්ලුවේ සීනී දාන්නේ නැතුව කියල කිව්වා කියන ඇය ඊට පස්සේ වේටර් හතර වතාවක් එකම කිරි කෝපී එකට වතුර දාලා ගෙනත් දුන්නා කියලයි පවසන්නේ.

ඉතින් මම සල්ලී දීලා ගත්ත නිසා මට තරහා ගිහින් කැමරා තියෙනවා ද කියලා බලන්නේ නැතුවම තේ එක බිමට හැලුවා කියලයි ඇය කියන්නේ.ඊට පස්සේ ඉක්මනින් එතැනින් ඉවත් වෙලා ගියා කියලයි ඇය අවසාන වශයෙන් කියල තිබුනේ.