Online News

Gossip Lanka News Official

“මම ළහිරුව මුලින්ම දැකලා කතා බහ කලේ ගුවන්ගත වූ මොහොතකයි, ඒ යන මොහොතක තමයි එයා මගෙත් එක්ක කතා කළේ”

ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ මෙන්ම ජනප්‍රිය නිවේදන ශිල්පියෙකු තමයි ළහිරු මුදලිගේ කියන්නේ. ඇත්තෙන්ම ලහිරු ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

කොහොම වෙතත් හරි ටීවී යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මම ළමා නිවේදකයෙකු ලෙස කටයුතු කරන්නේ පස් වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ ඉදලාමයි කියන ඔහු මගේ රැකියාව විදිහට නිවේදනය තෝරා ගන්නේ 2002 වර්ෂයේ උසස් පෙළ කරාට පස්සේ කියලයි කියන්නේ.

ඒ වගේම මම රජ එෆ්.එම් එකේ මාස 8ක් සේවය කළා කියන ඔහු මගේ ඉලක්කය වුණේ ටෙලිවිෂනය කියලයි පවසන්නේ.

ඒ කාලයේදී හේම නලීන් කරුණාරත්න මහත්මයාව හඳුනා ගන්න ලැබෙනවා කියන ඔහු එතුමාගේ ගුරුහරුකම්වලින් මම 2002 වර්ෂයේ දී ස්වර්ණවාහිනීයට එකතු වුණා කියලයි කියන්නේ.

ඒ විතරක් නොවෙයි ඉන් ඉවත් වෙන්නේ 2017 වර්ෂයේ දී කියල කියන ඔහු කියන්නේ නිවේදකයෙක් හැටියට සම්බන්ධ වෙලා ප්‍රවර්ධන කළමනාකරු හැටියට ඉන් ඉවත් වීම ගැන සතුටුයි කියලයි.

මොකද එවැනි උසස් තනතුරු දැරුවේ කිහිප දෙනෙක් විතරයි කියන ඔහු මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ස්වර්ණවාහිනීය කියලයි කියන්නේ.

ඒ වගේම මම එකම ආයතනයක අවුරුදු 14ක් සේවය කළා කියන ඔහු හැබැයි ඒ කාලේ අද වගේ නෙමෙයි කියලයි පවසන්නේ.

මේ අතර ස්වර්ණවාහිනිය හරහා මාධ්‍යයේ දැවැන්තයින්ගේ ඇසුර මට හිමිවුණා කියන ඔහු ඒ පළපුරුද්ද ජනතාව අතර තිබ්බ ප්‍රසාදය මේ හැම දෙයක්ම මට හිමි වුණේ ස්වර්ණවාහිනීය නිසා කියලයි කියන්නේ. ඒ නිසා මට කියලා මගේ ගමනක් යන්න හැකි වුණා කියන ඔහු කියන්නේ මගේ බිරිඳ තමයි සඳුනි ද සිල්වා කියලයි.

මගේ ආදරණීය පුතා ඉමෝන් ලාහිරූ කියල කියන ඔහු දැන් පුතාගේ වයස අවුරුද්දක් වෙනවා කියලයි පවසන්නේ. හැබැයි දැන් මට වෙන රැකියාවල වගේ අටට ගිහිං හවස පහ වෙද්දී ගෙදර එන්න බැහැ කියලත් ඔහු කියනවා.

ඉතින් රෑ දහයට ගිහිං පහුවදා පාන්දර එක වෙනකන් ඒ වැඩේ වෙන්නත් පුළුවන් කියන ඔහු මේක ක්‍රියේටිව් විෂයක් කියලත් කියනවා.

එහෙම ජීවිතයක් ගත කරන්න මානසික නිදහස ඕනේ කියන ඔහු ඒ නිදහස මට බිරිඳගෙන් උපරිම ලැබෙනවා කියලයි කියන්නේ. තවද දැන් ජිවිතේ සමබර කරගෙන අපි තුන්දෙනා සතුටින් ජීවත් වෙනවා කියලයි ලහිරු පවසන්නේ.

ඔහු එලෙස අදහස් දක්වද්දී ඔහුගේ ආදරණීය බිරිඳ ලහිරු ගැන වගේම දැන් ගෙවන ආදරණීය සුන්දර ජීවිතය ගැනත් අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එහිදී සුවිශේෂ අදහස් දැක්වීමක නිරත වෙමින් ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

ඉතින් මමත් ගොඩක් වෙලාවට මගේ රැකියාව එක්ක කාර්යබහුල වෙන කෙනෙක් කියන ඇය කියන්නේ මමත් මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරනවා කියලයි.

ඒ වගේම මේ දවස්වල ගෙදර ඉදලා වැඩ කරන නිසා පුතා එක්ක වැඩිපුර කාලයක් ඉන්නවා කියන ඇය පවසන්නේ ළහිරුට විවේකයක් තියෙන වෙලාවට එයා ෆිල්ම් එකක් හරි බලන්න එක්කගෙන යනවා කියලයි.

ඒ වගේම ළහිරුව මම මුලින්ම දැකලා කතා බහ කලේ ගුවන්ගත වූ මොහොතකයි කියන ඇය ඒ දෙන්නම ඩුබායි යන වෙලාවක කියලයි කියන්නේ.

ඒ යන මොහොතක තමයි ලහිරු මගෙත් එක්ක කතා කළේ කියන ඇය ළහිරු මමත් එක්ක කතා කරද්දී තමයි මම ඔහු ගැන දැන ගත්තේ කියලයි පවසන්නේ.

ඉතින් එදා ඇති වුණු කතාබහ අපි දෙන්නගේ ආදරේ දක්වා දුර දිග ගියා කියන ඇය අවුරුදු පහක් හයක් ආදරේ කරාට පස්සේ තමයි අපි විවාහ වුණේ කියලයි ඇය පවසන්නේ.