Online News

Gossip Lanka News Official

“මට පිරිමි ළමයෙක් ගැන හිත ගියොත් එයා අහනකම් ඉන්නෙත් නැහැ, මම කෙලින්ම අහනවා” බිලේෂා විජේරත්න

මේ දිනවල ලාංකිකයන් හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක් තමයි ‘වීදුරු මල්’ කියල කියන්නේ. ඉතින් මේ ටෙලි නිර්මාණයේ ධනුකගේ බිරිද ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය බිලේෂා විජේරත්නයි

. කොහොම වෙතත් මීට කලකට ඉහතදී ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක් බවට පත්වුණු කූඹියෝ ටෙලිනාට්‍යයේ සුදු නංගී කියන චරිතය ඔස්සේත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

එලෙස මෙරට පුංචි තිරයේ විකාශය කෙරුණු ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණු බිලේෂා නැවත රංගනයත් සමගින් එක්වෙන්නේ වසර එක හමාරකට පමණ පසුවයි.

ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙලා රැකියාවක නිරතවෙනවා.

ඇත්තෙන්ම රගපෑම වෘත්තීය ලෙස පමණක් කරගෙන යෑමට තිබෙන අපහසුතාවය නිසාවෙන් තමයි ඇය මේ විදිහට රැකියාවක් කිරීමට තීරණය කරල තිබෙන්නේ.

කෙසේ නමුත් බිලේෂා කියන හැටියට ඇයට තවමත් පෙම්වතෙක් නැහැ. කොහොම වෙතත් ප්‍රේම කරන්න ගියාම උපරිමයෙන් කරන කෙනෙක් තමයි බිලේෂා කියන්නේ.

ඒ කොහොම වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය ඇගේ පාසලේදී සිදු වූ රසවත් මතක කිහිපයක් සිහිපත් කරමින් කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” ඉස්කෝලේ යනකාලේනම් මගෙන් කවුරුහරි ඇහුවොත් පහුවදා ඉදන් මම ඒ කෙනා දිහා බලන්නැතුව යනවා. පස්සෙ මම තේරුම් ගත්තා එහෙම කරන එක හරි නෑ එයාට කියලා දීලා තේරුම් කරල අයින් වෙලා හිටියොත් හොදයි කියලා. මට පිරිමි ළමයෙක් ගැන හිත ගියොත් එයා අහනකම් ඉන්නෙත් නෑ. මම කෙලින්ම අහනවා.

මම නිවාඩුවේ ඉන්නකොට කෑම කනවා, ෆිල්ම්ස් බලනවා, නටනවා, එක්කො නිදාගන්නවා, චිත්‍ර අදින්න බැරි වුණත් කොහොම හරි අදිනවා. මම පාසල් යන කාලේ ගායන තරගවලට සහභාගි වුණා. සමස්ථ ලංකා පවා තරග වලදී ජයග්‍රහණය කලා. ”

මේ විදිහට තමයි ඇය ඇගේ පාසල් කාලය සිහිපත් කර තිබුණේ. කොහොම වෙතත් මේ වෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගන්නට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.