Online News

Gossip Lanka News Official

සෙව්වන්දි නයනතාරාගේ බබාගේ හරි අපූරු Gender Reveal පාටි එක

මෙරට කලා ක්ෂේත්‍රය තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ජනප්‍රිය මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියල කියන්නේ.

ඇත්තෙන්ම සෙව්වන්දි ගැන මේවෙනකොට මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය ලාංකිකයන් අතර ජනප්‍රියයි.

කොහොම වෙතත් ටික් ටෝක් මාධ්‍ය හරහා අහම්බෙන් රංගනයට පිවිසෙන ඇගේ මුල්ම ටෙලි අත්දැකීම බවට පත්වෙන්නේ තෝඩු කියන ටෙලි නිර්මාණයයි.

මේ නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය මේවෙද්දී නිර්මාණ ගණනාවක් ඔස්සේ සිය ජනප්‍රියත්වය වැඩිකර ගනිමින් ක්ෂේත්‍රයේ සුවිශේෂ ගමනක් යනවා කිව්වොත් නිවැරැදියි.

කොහොම වෙතත් සෙව්වන්දි සතුව තිබෙන ඒ රංගන හැකියාව නිසාවෙන්ම ඇයට වෙළඳ දැන්වීම් වලට මෙන්ම මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙන්නට අවස්ථාව හිමිවෙනවා.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය කාලයේ මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් ගීතයක් වන යන්න යනවද කියන මියුසික් වීඩියෝව හරහාත් අපට දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ටික් ටෝක් මාධ්‍ය තුළින් ලබාගත් ඒ ජනප්‍රියත්වය වගේම තමන් සතු දක්ෂතා තව තවත් ඔපනන්වා ගන්නා ඇයට මේවෙනකොට සාර්ථක කළා ගමනක් යන්න හැකිවෙලා තිබෙනවා.

කෙසේවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය මේවෙනකොට විවාහවෙලා කියල හැමෝම වගේ දන්නවා. ඇය විවාහවෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයෙකු සමගිනුයි.

ඉතින් ඔවුන්ගේ මේ ආදරණීය කැදැල්ලෙන් අපට පහුගිය කාලයේ සතුටුදායක පුවතක් අසන්නට ලැබුණා. ඒ ගැන අපි මීට පෙරදී ඔබ වෙතට අරගෙන ආවාත් ඔබට මතක ඇති කියල අපි හිතනවා.

ඒ තමයි සුරූපී නිලි සෙව්වන්දි නයනතාරා මේවෙද්දී උතුම් මව් පදවියට සුදානම් වෙනවා කියන සතුටුදායක පුවත. කොහොම වෙතත් ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියල දැනගන්නට මෙරට බොහෝදෙනෙකු ආසාවෙන් හිටියා. ඉතින් ඇය පහුගිය දවසක අපූරු සාදයක් පවත්වලා ඒ ගැන හැමෝටම හෙළි කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

මේ විදිහට ඇගේ කුසේ ඉන්නේ දුවක් කියලා තමයි සෙව්වන්දි මේ සාදයේදී පවසලා තිබුනේ. ඉතින් මේ විදිහට උතුම් මව් පදවියට සැරසෙන ජනප්‍රිය සුරූපී නිලි සෙව්වන්දි නයනතාරාට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන අතරේම ඇයටත් ඇයගේ කුසේ ඉන්න පුංචි දරු පැටියටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නෙමු.