Online News

Gossip Lanka News Official

“පුංචි කාලේ ඉඳන්ම අපි පුතාට සින්දු අහන්න දීලා තමයි කෑම කැව්වේ” ජනප්‍රිය නළු කැලුම් ශ්‍රී

මේ දිනවල ලංකාවේ හැමෝම වගේ ආදරය කරන ජනප්‍රිය ටෙලි නිර්මාණයක් තමයි දිවි තුරා කියල කියන්නේ. ඇත්තෙන්ම මේ ටෙලි නිර්මාණය කොයි තරමට ජනප්‍රිය වෙලා තිබෙනවාද කිව්වොත් ඊට සිය රංගන දායකත්වය ලබාදෙන සියලු රංගන ශිල්පීන් ශිල්පිනියන්ට මේවෙද්දී ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඉතින් ඒ විදිහට මේ ටෙලි නිර්මාණය ඔස්සේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙකු තමයි කැලුම් ශ්‍රී.

ඇත්තෙන්ම කැලුම් ශ්‍රී කියල කිව්වාම මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමට රංගන ශිල්පියෙකු ලෙස වගේම දක්ෂ නර්තන ශිල්පියෙකු විදියටත් ඔහු ප්‍රසිද්ධයි.

මේවෙද්දී විවාහවෙලා සුන්දර ජීවිතයක් ගත කරන ඔහු ගැන කතා කරනවානම් ඔහු ආදරණීය පියෙක්. ඔහුට මේවෙනකොට වයස අවුරුද්දයි මාස 8ක ආදරණීය පුතෙක් ඉන්නවා.

ඔහු විවාහවෙන්නේ දුලි නැමැති තරුණියක් එක්කයි. ඇත්තෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙසයි.

කොහොමහරි ඉතින් කැලුම් විවාහවෙන මේ තරුණියටත් හොඳට නටන්න පුළුවන් ඒ වගේම පසුගිය කාලසීමාව තුළදී ඇය නර්තන පන්ති පවා කරලා තිබෙනවා. නමුත් පුංචි පුතුත් එක්ක කාර්‍යබහුල වීමත් එක්ක ඇය ඒ දේවල් මේ වෙද්දි නවත්තලා තිබෙනවා කියලයි කැලුම් පවසන්නේ.

කැලුම්ගේ ආදරණීය පුතාගේ නම ශ්‍රී ආර්ය දසිස්. ඔහු කියන හැටියට පුංචි පුතා හරිම දඟ පැටියෙක්. ඒ වගේම කැලුම් කියන විදියට පුංචි පුතා හරිම ක්‍රියාශීලී යි.

වැඩි වේලාවක් එක තැන ඉන්නේ නැහැ හරිම හුරතල් දරුවෙක් කියලත් ඔහු කියනවා. ඉතින් මේ පුංචි පැටියාත් එක්ක ගත කරන මේ ජීවිතය ගැන කැලුම් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

‘,චූටි පුතා වැඩිපුරම ගෙදර ඉන්නේ දුලී එක්ක.මම ගෙදර ඉන්න වෙලාවට නම් දුලී ට වැඩ ගොඩයි පුතා ක්‍රිකට් සෙල්ලම් කරන්න හරි ආසයි. එයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න තේරෙන්නේ නැහැ හැබැයි බැට් එක උස්සගෙන එහාට මෙහාට දුවනවා.

එහෙම දුවද්දී ළඟපාතක තියෙන ඔක්කොම බඩු වලට bat එකෙන් ගහනවා. දුලි පිලිවලට තියලා තියෙන බඩු හැඩි කරද්දි අපි දෙන්නම එයා ගෙන් බැනුම් අහන වෙලාවලුත් තියෙනවා ඒ නිසා ගෙදර මම ඉන්න වෙලාවට සෙල්ලම් කරන ගමන් පුතා හැඩි කරන බඩු ආයෙත් හරි පිළිවෙළට තියෙන එක තමයි වැඩිපුරම කරන්නේ“

එලෙස අදහස් දක්වන ඔහු මේ වෙද්දි පුතුගේ හුරතල් එක්ක සුන්දර ජීවිතයක් ගත කරනවා. කොහොම වෙතත් පුංචි ළමයෙකුට කෑම කවන එක ටිකක් අමාරු වැඩක්.

කොහොමත් බත් වගේ දේවල් නම් කන්න ගොඩක් අය හොරයි. ඉතින් කැලුම් සහ දුලී තමන්ගෙ ආදරණීය පුංචි පුතාට කෑම කවන්නේ හරි අමුතු ක්‍රමයකට. ඉතින් ඒ ගැන අදහස් දක්වන ඔහු කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

“පුංචි කාලේ ඉඳන්ම අපි පුතාට සින්දු අහන්න දීලා තමයි කෑම කැව්වේ. අදටත් එයා සින්දු අහ අහා කෑම කනවා. පුතා cake,චීස් කන්න හරි ආසයි.

අපි පුතාට බත් බ්ලෙන්ඩර් කරලා දෙන්නේ. එයා බත් හපලා කනවට වඩා බත් කන්න දුන්නහම මුළු ගෙදරම ඉවරයි. බත් ටිකෙන් වැඩි කොටසක් බිම ඒ නිසා අපි බත් බ්ලෙන්ඩර් කරලයි පුතාට කවන්නේ”

ඒ විදිහට තමයි මේ ජනප්‍රිය රංගන ශිල්පියා ආදරණීය පුතා සහ බිරිඳත් එක්ක ගත කරන ඒ ජීවිතය ගැන පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ. ඉතින් තව බොහෝ කාලයක් මේ ආදරණීය පවුලට සතුටින් ජීවත් වෙන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.