Online News

Gossip Lanka News Official

මහත්තයා මට වඩා අවුරුදු 11ක් වැඩිමල්. මගේ කලාවට එයා මට ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නැහැ

පුංචි තිරය තුළ දඟකාර කෙළිලොල් චරිත රැසක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර කලාකාරිය පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා. මොකද එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නාට්‍ය කිහිපයකම ඇය ආකර්ෂණීය දඟකාර චරිත නිරූපණය කරපු නිසයි. ඇය තාමත් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඒ අතීත චරිත නිසා. ඒ වගේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලැගුම් ගන්න හැමෝටම බැහැ. ඉතින් ඒ විදිහට ආදරේ දිනා ගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ.

ඇය විවාහ වීමත් සමග කලාවෙන් ටිකක් ඈත් වෙනවා. මොකද දරුවන්ගේ වැඩකටයුතුත් එක්ක විවාහ ජීවිතය කියන දේවල් සමබරව කරගෙන යන්න ඇයට අපහසු නිසා වෙන්න ඇති. ඒ වගේම තමයි වත්සලා විවාහ වෙන්නේ කලා ලෝකයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙක් එක්ක. එක්තරා දවසක මියුසික් වීඩියෝවක වැඩකට ඇය සම්බන්ධ වුණාට පස්සේ තමයි මේ ආදරණීය ස්වාමි පුරුෂයා ව ඇයට මුණ ගැසෙන්නේ. ඊට පස්සේ ඇය හිතනවා අනිත් අයට වඩා ඔහු ටිකක් වෙනස් පුද්ගලයෙක් කියලා. මොකද ඔහු ටිකක් කතා කරන්නේ අඩුවෙන් ඒ වගේම බොහෝ දේවල් වෘත්තිය මට්ටමෙන් හිතලා තීන්දු තීරණ ගන්න කෙනෙක්ලු.

ඒ වගේම සාමාන්‍යයෙන් ජීවත් වෙද්දී පවුල් තුළ ඕනෑ තරම් ප්‍රශ්න එනවා. ඒ වගේ ප්‍රශ්න වලට වත්සලත් මුහුණ මුහුණදීලා තියෙනවා. නමුත් ඒ පුංචි පුංචි ගැටළු විසඳගෙන ඇය ජීවත්වෙන්න උත්සහ දරනවා කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි නැවත වතාවක් ආදරණීය දරුවන් උස් මහත් වෙලා ඉන්න නිසා වත්සලා කැමැත්තෙන් ඉන්නවලු කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගන්න. නමුත් ඇයට සැමියා ගෙන් නම් ඒ සඳහා ලොකු සපෝට් එකක් ලැබෙන්නේ නැහැලු. ඒ සම්බන්ධයෙන් වත්සලා කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ කලාවට එයා මට ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නැහැ. එයා ආස මම එයාගේ වයිෆ් බබාගේ අම්මා කියන තැන මාව තියන්න. එයාට වැඩක් නෑ මම actress කෙනෙක් කියන එක. එයා මට උදව් කරනවා ගෙදර වැඩ වලට. ඉතින් හස්බන්ඩ් එක්ක හොඳට ඉන්නවා තවම. ප්‍රශ්න පොඩි පොඩි දේවල් වෙනවා. ඒ දේවල් කතාබහ කරගෙන විසඳගෙන අපි තුන්දෙනා හොඳට ඉන්නවා. මුලින්ම එයා වැඩිය මම දැක්කේ ටිකක් කතා කරන්න නැති කෙනෙක් විදියට ටිකක් dont care. වැඩේ නම් වැඩේ. එයා ටිකක් වෙනස් නිසා මං පොඩ්ඩක් කැමති වුණා. මම කැමැති වුණේ කතා කරනවා අඩු නිසා.ඒත් දැන් හිතෙනවා අයියෝ කතා කරන මනුස්සයෙක් උනානං වුණා නම් හොඳයි කියලා.

එයා අදහස් වැඩිය හුවමාරු කර ගන්නේ නැහැ. අපි දේවල් කතා කරලා විසඳ ගන්නවා අඩුයි. මොකද මගෙ හස්බන් මට වඩා අවුරුදු එකොළහක් වැඩිමහල්. ඒකත් එක්ක එයා හිතනවා ඇති මට එච්චර ලොකු responsibility එකක් ගන්න බෑ,ඒක මෙයාට කියලා වැඩක් නෑ වගේ දෙයක්.” ඉට්ජින් ඒ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ ජීවිතයට ලොකු ප්‍රශ්න නෑ  කියලත් ඇයට ඕන විදිහට ජීවත් වෙන්න ඉඩකඩ ඔහු හදලා දීලා තියෙනවා කියලත් සඳහන් කළා. ඉතින් නොබෝ කාලයකින් ඉතාමත් ඉක්මනින් කලා ලෝකයත් එක්ක ඇයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.