Online News

Gossip Lanka News Official

අම්මට ලෙඩ වුණාම සම්පූර්ණයෙන්ම වගේ ගෙදර වැඩ කරන්නෙ මම. මගේ රංගනයට ප්‍රවීනයින්ගෙ උපදෙස් ගන්න නිතරම උත්සාහ ගන්න කෙනෙක්.

‘දැන් කපිල ඔය කියන්නේ ඇත්තමද? අපිත් ඉන්නෙ මේ ඔෆිස් එකේ වුනාට ඔච්චර දෙයක් අපි දැක්කෙ නැහැනෙ. අනෙක කපිල ඔය කියන දේ ඇත්තක් නම් පිරිමියෙක් වුනාම ගෑනු කෙනෙක්ට එහෙම කතා කරන්න හොඳ නෑ. මේ විදියට කියන්නේ ‘නීලපබළු’ නාට්‍යයේ ‘නදී’. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අලුතින්ම ආ රුවැත්තියකි. ඇයගෙ සැබෑ නම දසුනි නවෝද්‍යා මධුවන්තිය. මේ කතාබහ ඒ රුවැත්තිය සමගයි.

දසුනි නවෝද්‍යා මධුවන්ති, මේ නම් වලින් මොන නමින්ද ඔබ ගැන මිනිස්සු හඳුනන්නේ. මට හැමෝම වගේ දසුනි කියලයි කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරන එක හොඳයි. ඉතින් ‘දසුනි’ ඔයාට තියෙන්නෙ හොඳ හිනාවක් කියලයි හැමෝම කියන්නේ? මටත් එහෙම හිතෙනවා. ඉතින් මම හිතන්නෙ ඒක හොඳ දෙයක්. කවුද මේ දසුනි? 2021, ස්වාධීන රූපවාහිනියෙ අවුරුදු කුමරිය වුණේ මම. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණේ කුඩා කාලයේ ඉඳලාම නිවේදිකාවක වීමේ හීනය මට තිබුණු නිසයි. අවුරුදු කුමරිය ජයග්‍රහණයෙන් පසුව තමයි මගේ ගමන පටන් ගත්තෙ. ක්ෂේත්‍රයට ඇවිත් තවම බොහොම පුංචි කාලයක්.දසුනිගෙ අම්මා තාත්තා එහෙම? අපෙ අම්මගෙයි තාත්තාගෙයි තනි දරුවා මම. ඒ දෙන්නාගෙ ආදරය නිසා හුරතලයට හැදිච්ච දරුවෙක්. අපි ඉන්නේ කඩවත. දසුනිගෙ පාසල් දිවියේ මතකය මොන වගේද? පාසල් තුනකට ගියා. උසස් පෙළ ලිව්වේ වාණිජ අංශයෙන්. ඒත් පුංචි කාලයේ ඉඳලම මගේ හීනය වුණේ කලා අංශයේ නිරතවීමටයි. ඒ හීනය එක්ක ආ ගමනක්. මේ වනවිට කැලණි සරසවියේ ජනසන්නිවේදන අංශයේ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා.

වෘත්තීය ලෙස කරන්න හිතාගෙන ඉන්නෙ? අවුරුදු කුමරිය ලෙස තේරුණාම මට ෆිල්ම්වල සහ නාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබුණා. ඒත් මගේ ආසාව තිබුණෙ නිවේදිකාවක වීමටයි. ඒ නිසා රඟපෑමට ලැබුණු අවස්ථා ප්‍රතික්ෂේප කළා. මගේ ආසාව අද ඉටුවෙලා තියෙන්නෙ. ITN (ස්වාධීන රූපවාහිනී සේවයේ) නිවේදිකාවක වීමට ලැබීම නිසයි. රඟපෑමට කැමැත්තක් තිබුණෙ නැති දසුනි, නීලපබළු රඟපාන්න ආවෙ? ලලිත් වසන්ත මහතා සහ සඳුන් රාජකරුණා අයියා මට මේ චරිතයට කතා කළා. අපිත් එක්ක මේ නාට්‍යයේ චරිතය රඟපාමින් රංගනයේ ගමනක් යමු කියලා. නීල පබළු නාට්‍ය කණ්ඩායමත් හරි හොඳයි. ඒ නිසා රඟපාන්න ආසාවක් ඇති වුණා. මේ තමයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. ‘නදී මිස්’ කියන චරිතය තමයි මම රඟපාන්නෙ.

නදී මිස්ගේ චරිතය මොන වගේද? එයා වැඩ කරන්නෙ ඔෆිස් එකක. එයා ඔෆිස් ලේකම්වරියක්. මේ නාට්‍යයට නදී මිස්ගෙ චරිතය එන්නෙ එක්වරම කිව්වොත් හරි. ‘අභිමන්’ එයාගෙ අලුත් ඔෆිස් එකට අලුත් සේවක පිරිසක් ගන්නවා. එයින් එක් කෙනෙක් තමයි නදී මිස්. ඊළඟට සුබසිංහ සහ කපිල අලුත් චරිත විදියට නීලපබළු හැඩ කරනවා. නදී මිස් අහිංසකත් නැහැ. නපුරුත් නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. නදී මිස් නිසා මිනිස්සු අද දසුනිව හඳුනනවාද? නීල පබළු නිසා යම්කිසි විදියට පිරිසක් දන්නවා කියලා හිතනවා. නිවේදිකාවක් ලෙස තමයි මුලින්ම රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් මා වටා එකතු වුණේ. දැන් නීල පබළු නිසා තවත් පිරිසක් අතර දන්නා හඳුනන චරිතයක් වෙලා.

නිවේදනය කරන වැඩසටහන් මොනවද? අයි.ටී.එන්. එකේ උදේ 11ට සතියේ දිනවල විකාශය කෙරෙන, මියුසික් ප්‍රෝග්‍රෑම් එක නිවේදනයට එක් වෙනවා. ඊට අමතරව උදෑසන ප්‍රෝග්‍රෑම් නිවේදනයටත් එක්වෙනවා. නීල පබළු විතරද රඟපාන්නේ? තවත් රූපවාහිනී නාලිකා දෙකක රඟපෑමට අවස්ථාව ලැබුණ. එකක තිර පිටපත කියවාගෙන යනවා. හැබැයි රංගනයෙන් කාර්ය බහුල වීමටහා නිරන්තරව රඟපෑමේ අරමුණක් මට නැහැ. රඟපෑම ලෙහෙසිද? පහසුද? රඟපෑම ගැන හිතාගෙන හිටියෙ කොහොමද? රඟපෑම ගැන මට ඇත්තටම හිතක් තිබුණෙම නැහැ. ඊට පස්සෙ කැමරාව ඉදිරියට ආවාම, දෙබස් පැටලෙන අවස්ථා සහ විවිධ ගැටලු ආවා. ඒත් ‘නීලපබළු’ කණ්ඩායම මාව කිසිම අවස්ථාවක අපහසුතාවයට පත් කළේ නැහැ. ජ්‍යෙෂ්ඨයින්ගෙන් වගේම සඳුන් රාජකරුණා අයියා මාව ගොඩක් ධෛර්යමත් කළා. දහසැරයක් දෙබස් වැරදුනත් මට බැන්නෙ නැහැ. අපි කොහොමහරි වැඩේ හරියට කරමු කියලා මාව දිරිගැන් වූවා.

රඟපෑමේදී කාවද අනුගමනය කරන්නේ? එහෙම කරන්න ගියොත් මට මම වෙන්න බැහැ. ඒ නිසා මම උත්සාහ ගන්නෙ නිවේදනයේදී සහ රඟපෑමේදී මගේම විදියක් හදා ගන්නයි. මම ආසාම කරන රූපවාහිනී රංගන ශිල්පිනිය ශලනි තාරකා අක්කා. එයා රඟපාන චරිත ඔක්කොම වගේ මම බලනවා. මගේ රංගනයට ප්‍රවීනයින්ගෙ උපදෙස් ගන්න නිතරම උත්සාහ ගන්න කෙනෙක්. රංගනයෙන් තොරව, දසුනිගෙ ජීවිතය මොනවගේද? දසුනිගෙ විදිය? දසුනි හරි හොඳ අවංක කෙනෙක්. ගොඩාක් දුක හිතෙන තරහා යන කෙනෙක්. හැබැයි වෛරය හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඕනෑම කෙනෙක් එක්ක රණ්ඩු වුණත් කියන්න තියෙන දේ මූණටම කිව්වා. එතැනින් එහාට වෛරය එක්ක තරහව එක්ක කටයුතු කරන කෙනෙක් නෙවෙයි. දසුනි වැඩියෙන්ම දක්ෂ? මම හිතන්නෙ කුඩා කාලයේ ඉඳලාම මම දක්ෂ නර්තනයට. උඩරට පහතරට, සබරගමු සහ බටහිර නර්තනය පවා කළා. පාසල් කාලයේදී නර්තනය, නිවේදනය වගේ දේ කළා. ගායන හැකියාවකුත් තියෙනවා.

කාගේ සිංදු ද ගයන්නෙ? ගැයීමට වඩා ශෂිකා නිසංසලා මහත්මියගෙ ගීත අහන්න හරිම ආසයි. චිත්‍ර අඳින්නත් දක්ෂලු නේද? ඔව්. චිත්‍ර අඳින්නත් පුළුවන්. රංගන ක්ෂේත්‍රයට එන්න අපහසුවක් නැද්ද? හැමෝටම අවස්ථා ලබාගන්න බැහැ නේද? බොහෝ දෙනෙක් රඟපෑමට එන්න ආසයි. ඒත් එයාලට ඒ වෙනුවෙන් අවස්ථා අඩුයි. ඒ නිසා අවස්ථාවක් ලැබුණොත් තමන්ට ඒ චරිතය ගැලපෙනවා නම් බාර ගන්න කියලා තමයි මම කියන්නේ. තමන් හරි විදියට ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර එකම දරුවනෙ? ඉතින් ගෙදර වැඩ කොහොමද? ගෙදර වැඩක් කරනවා. අපෙ අම්මට අසනීප වුණාම එහෙම සම්පූර්ණයෙන්ම වගේ ගෙදර වැඩ කරන්නෙ මම. හැබැයි ඉතින් ගෙදර වැඩ මම නොකරන තරම්. තාත්තගෙයි අම්මගෙයි ආදරේ තමයි වැඩිපුර ලැබෙන්නෙ.

නිතරම ෆෝන් එකෙන් චැට් කරන්නෙ කා එක්කද? මගේ හොඳම යාළුවා එක්ක. එයත් එක්ක තමයි හැම දෙයක්ම කතා කරන්නේ. ඒ හැරුණාම මට මගේ අයි. ටී. එන්. එකේ යාළුවෝ ඉන්නවා. ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා. ඒ ඔක්කෝමල එක්ක චැට් කරනවා. තමන්ට ගැලපෙන කෙනෙක් කවදහරි තෝරා ගන්න ඕනෑ. ආදරය ජීවිතයට අවශ්‍ය දෙයක්නෙ. ජීවත් වෙන්න ආදරය විතරක්ම නෙවෙයි. අවශ්‍ය පරිසරයකුත් තියෙන්න ඕනෑ. ජීවත් වෙනවා කියලා කියන්නෙ නිදහස සහ සතුට විඳින එකයි. තමන්ට ගැලපෙනවා නම් තමන්ට හොඳයි කියලා හිතෙනවා නම් ඒ කෙනා තෝරා ගන්න එක හොඳයි. ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. හැබැයි මම විවාහ වන කෙනා මහා පෝසතකු විය යුතු නැහැ. හොඳ මනසක්, ශක්තිමත් සිතුවිලි තියෙන කෙනෙක් නම් හොඳයි. (සඳුන් ගමගේ)